Wednesday, May 20, 2026
HomeNEWSඅස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධුරයට අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි

අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධුරයට අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි

සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධුරය සඳහා අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියෝ තේරී පත්විය.මෙම ධුරය සඳහා වූ නිලවරණය අද (28) පස්වරු 2ට අස්ගිරි මහා විහාරයේ මංගල උපෝසථගාරයේදී එම පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥාණරතන නාහිමිගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.හිමිවරුන් විසි දෙනෙකු අස්ගිරි කාරක මහා සංඝ සභාව නියෝජනය කරන අතර ඉන් 19 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා තිබුණි.අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ඓතිහාසික මහියංගනය රජමහා විහාරාධිපති පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත හිමි හා අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී ධර්මාචාර්ය පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමිවරු මෙම ධුරය සඳහා අපේක්ෂකයන් ලෙස ඉදිරිපත්වීමට දැහැත් ලබාදී තිබුණි.අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධුරයේ කටයුතු කළ පූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි නාහිමිගේ අපවත්වීම හේතුවෙන් එම පාර්ශ්වයේ එක් අනුනායක ධුරයක් පුරප්පාඩුව පැවතුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව හැම පොරොන්දුවකටම ලෝක තත්වය ගැන සඳහන් කළ යුතුයි- සුජීව

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ වර්තමාන මාලිමා ආණ්ඩුව ඉදිරියේදී පොරොන්දු දෙනවා නම් ලෝක තත්ත්වයන් හමුවේ වෙනස් විය හැකි බව යනුවෙන් සඳහන් කරමින් ජනතාවට පොරොන්දු ලබා...

සීනි මිලෙහි වැඩිවීමක්!

‍සීනි අපනයනය අත්හිටුවීමට ඉන්දියාව ගෙන ඇති තීරණය හේතුවෙන් වෙනත් රටවලින් සීනි ආනයනය කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි. එහි...

ආනයනය කරනු ලබන වාහන සඳහා 50%ක අධිභාරයක්

ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ...

ඩොලරයේ විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 331අභිබවයි

මහ බැංකුව විසින් අද (15) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 323.53ක් ලෙස සටහන් වී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img