Sunday, September 27, 2026
HomeNEWSබැකෝ සමන්ගේ බිරිඳ රහස් පොලිස් මූලස්ථානයට භාරදෙයි

බැකෝ සමන්ගේ බිරිඳ රහස් පොලිස් මූලස්ථානයට භාරදෙයි

පසුගියදා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවටගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික බැකෝ සමන්ගේ බිරිඳ සහ දරුවා එරටින් පිටුවහල් කිරීමෙන් පසු ඊයේ (29) පස්වරුවේ කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණි.එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන් තොටුපල ඒකකය මගින් ඔවුන්ව සිය භාරයට ගෙන ප්‍රකාශ ලබාගැනීමෙන් පසු වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මූලස්ථානයට භාරදී ඇත.ඉන්දුනීසියාවේ ජකර්තා නුවර සිට පැමිණි UL -365 දරන ගුවන් යානයෙන් ඊයේ පස්වරු 5.50ට පමණ මෙවුන් දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ.කෙහෙල්බද්දර පද්මේ ඇතුළු අපරාධ කල්ලි සාමාජිකයින් පිරිසක් විසින් පසුගියදා ජකර්තා නුවරදී අත්අඩංගුවට ගත් අතර එහිදී මෙම කාන්තාව සහ කුඩා දරුවාද අත්අඩංගුවට පත් විය.කෙසේ වෙතත් එම කාන්තාවට බරපතළ අපරාධ චෝදනා එල්ල වී නොමැති බැවින් ඉන්දුනීසියානු බලධාරීන් විසින් කාන්තාව මෙරටට එවා ඇති බව සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

චීනය හා ඇමරිකාව අතර එකඟතාවන් 8ක්

චීනය හා ඇමරිකාව එකඟතාවන් 8ක් ඉකුත් 23වැනි දා සිට 25වැනි දා දක්වා චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඇමරිකානු රාජ්‍ය සංචාරයකට එක්වුණා. එම කාලයේ දෙපාර්ශ්වය ද්විපාර්ශ්වික...

පොළොන්නරුව වකුගඩු රෝහලේ පිපිරීමෙන් පසු නේවාසික රෝගීන් පිරිසක් පොළොන්නරුව මහ රෝහලට මාරු කෙරේ

පොළොන්නරුව ජාතික වකුගඩු (වෘක්කවේද) රෝහලේ මුළුතැන්ගෙය පරිශ්‍රයේ සිදුවූ පිපිරීම පිළිබඳ සොයාබැලීම සඳහා පොලිස් කණ්ඩායම් 2ක් යොදවා මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර ඇත. එමෙන්ම මෙම සිද්ධිය...

හිටපු නි. අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමගේ බිරිඳ අභාවප්‍රාප්ත වෙයි

දිවංගත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමගේ බිරිඳ වන ශෙරින් තෙවරප්පෙරුම අභාවප්‍රාප්ත වී තිබෙනවා. අභාවප්‍රාප්ත වූ ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන ඉරිදා (27) දින, මතුගම...

පොළොන්නරුව වකුගඩු රෝහලේ ගෑස් පිපිරීමක්

පොළොන්නරුව ජාතික වකුගඩු (වෘක්කවේද) රෝහලේ මුළුතැන්ගෙය පරිශ්‍රයේ සිදුවූ පිපිරීම පිළිබඳ සොයාබැලීම සඳහා පොලිස් කණ්ඩායම් 2ක් යොදවා මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර ඇත. එමෙන්ම මෙම සිද්ධිය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img