Sunday, September 6, 2026
HomeNEWSLatest Newsරුහුණුපුර ජල පවිත‍්‍රාගාරයේ දෙවන අදියර කඩිනමින් ආරම්භ කරන ලෙසට අග‍්‍රාමාත්‍යතුමාගෙන් උපදෙස්.

රුහුණුපුර ජල පවිත‍්‍රාගාරයේ දෙවන අදියර කඩිනමින් ආරම්භ කරන ලෙසට අග‍්‍රාමාත්‍යතුමාගෙන් උපදෙස්.

රුහුණුපුර ජල පවිත‍්‍රාගාරයේ දෙවන අදියර කඩිනමින් ආරම්භ කරන ලෙසට අග‍්‍රාමාත්‍යතුමාගෙන් උපදෙස්.

වසර 5 ක් තිස්සේ ප‍්‍රමාදකර තිබෙන රුහුණුපුර ජලපවිත‍්‍රාගරයේ දෙවන අදියර කඩිනමින් ආරම්භ කරන ලෙසට අග‍්‍රාමාත්‍යතුමාගෙන් උපදෙස් 

වසර 5 කට ආසන්න කාලයක් තිස්සේ ප‍්‍රමාද කරමින් තිබෙන සූරියවැව පිහිටි හම්බන්තොට රුහුණුපුර ජල පවිත‍්‍රාගාරයේ දෙවන අදියර කඩිනමින් ඉදිකිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍ය, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජාතික ජලසම්පාදන සහ ජලාපවාහන මණ්ඩලයට උපදෙස් ලබාදෙයි.

මෙම රුහුණුපුර ජල පවිත‍්‍රාගාරයේ දෙවන අදියරේ ඉදිකිරීම් කටයුතු සිදු කිරීමට 2014 වර්ෂයේ දී මූලික සැලැස්ම සකස් කර තිබුණ ද එය පසුගිය වසර 5 කට ආසන්න කාලයක් තිස්සේ ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක නොවීය.

මේ හේතුව නිසා හම්බන්තොට සංවර්ධන ව්‍යාපෘතිවලට මෙන්ම හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ පානිය ජල අවශ්‍යතාව පවතින ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයකට ජල ගැටළු පැවතුණි.

හම්බන්තොට සංවර්ධන සැලැස්මට සහ ගම්මානවල පානීය ජල අවශ්‍යතාවය සපුරාලමින් එවකට ජනාධිපති, වර්තමාන අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව ක‍්‍රියාත්මක වුණු හම්බන්තොට රුහුණුපුර ජල පවිත‍්‍රාගාරයේ පළමු අදියරේ පවිත‍්‍රතා කටයුතු ආරම්භ කෙරුණේ 2014 වර්ෂයේ අගදීය.

හම්බන්තොට ජාත්‍යන්තර වරාය, මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ, ලංකා ආයෝජන මණ්ඩලයේ සංවර්ධන ව්‍යාපෘති ඇතුළු හම්බන්තොට සංවර්ධිත ව්‍යාපෘතිවලට සහ ග‍්‍රාම සේවක වසම් 15 ක පවුල් 20,000 කගේ පමණ ජල ප‍්‍රශ්නවලට විසඳුම් ලබාදීම සඳහා හම්බන්තොට රුහුණුපුර ජල පවිත‍්‍රාගාරයේ පළමු අදියරේ ආරම්භ කෙරිණ.

ගොන්නෝරුව සහ මීගහවදුර මාර්ග දෙපස සිටින පවුල් රැුසකගේ පානීය ජල ප‍්‍රශ්නයට විසඳුම් ලැබුණේ ද මෙම රුහුණුපුර පළමු අදියර ජල පවිත‍්‍රාගාරයෙනි.

දකුණු කොරියානු ණය යෝජනා ක‍්‍රමය යටතේ ඉදිකෙරුණු රුහුණුපුර ජල පවිත‍්‍රාගාරයේ පළමු අදියර සඳහා වැයකෙරුණු මුදල රුපියල් මිලියන 8,848 කි.

ඊට අමතරව ඒ සඳහා රජයේ මුදල් මිලියන 1,500 ක් වියදම් කර ඇත.

මාස 45 ක් ඇතුළත මෙම ව්‍යාපෘතිය සම්පූර්ණ කර තිබේ.

රුහුණුපුර ජල සම්පාදන ව්‍යාපෘතියේ පළමු අදියර බිහිවන්නේත් මේ සඳහා අවශ්‍ය විසඳුමක් වශයෙනිි. දිනකට ජලය ඝන මීටර් 35 ක වේගයකින් අදියර දෙකකින් නිම කිරීමට නියමිත මෙම ව්‍යාපෘතියේ පළමු අදියර මඟින් ජලය ඝන මීටර් 17,500 ක් දිනකට නිෂ්පාදනය කරයි.
වලව මිටියාවත ඔස්සේ මුහුදට ගලා බසින වලවේ ගඟ හරහා ඉදිකරන ලද ෙඓතිහාසික ලියන්ගස්තොට අමුණ මඟින් හරවා එවන ජලය රිදියගම ව්‍යාපාරයට ජීවය සපයන රිදියගම වැවේ ගබඩා කරනු ලබයි.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා ජල කළමණාකරන දෙපාර්තමේන්තුවේ කොන්දේසිවලට යටත්ව මේ රිදියගම ජලාශය රුහුණුපුර ජලසම්පාදන ව්‍යාපෘතියේ ජල මූලාශ‍්‍රය ලෙසින් තෝරා ගෙන තිබේ.
ජල පවිත‍්‍රාගාර බොහෝමයක මඩ ආසාදන ටැංකි පතුලෙහි තැන්පත් කර එමඟින් මඩ ඉවත් කරනු ලබන අතර මෙම ජල පවිත‍්‍රාගාරයෙහි කැටිති කරන මඩ ජලය මතුපිටට ගෙනවිත් scatter  මඟින් සූරා ඉවත් කෙරේ.
මෙය සිදුකරනු ලබන්නේ ජලය තුළට විසිරුවාහරින වාතය Micro Bubble ආකාරයට ජලය මතුපිටට ගෙන ඒම මඟින්ය. එසේ  Micro Bubbleජලය මතුපිටට පැමිණෙන විට ඒවා සමඟ මඩ කැටිති ද ජලය මතුපිටට පැමිණේ. මෙම මඩ කැටිති තට්ටුව සූරා ඉවත් කරන අතර ටැංකියෙහි මැදින් පිරිසිදු ජලය ලබාගෙන ඊළඟ පියවර වෙත යොමු කෙරේ. මෙම නවීන තාක්ෂණය භාවිතා කෙරෙන්නේ රුහුණුපුර පළමු අදියරේ ජල පවිත‍්‍රාගාරයේ පමණි.
රුහුණුපුර ජල පවිත‍්‍රාගාරයේ දෙවන අදියරෙහි කටයුතු සම්පූර්ණයෙන්ම පළමු අදියරේ කාර්යක්ෂමතාවය වර්ධනය කිරීමට හේතුවන නිසා මෙහි දෙවන අදියර කඩිනමින් ඉදිකිරීම යුගයේ අවශ්‍යතාවයක් බව වාරි ඉංජිනේරුවරුන්ගේ ද අදහසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සියලුම දෙනා එක් විය යුතුයි- එජාප නායක හිටපු ජනපති රනිල්

එක්සත් ජාතික පක්ෂයේ 80 වැනි සංවත්සර සැමරුම නිමිති කරගනිමින් Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළ කල අදහස් වර්ෂ 1946 සැප්තැම්බර් 06 වැනිදා ඩී....

එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී සංසදයේදී ශ්‍රී ලංකාවට වැඩි අවධානයක්

එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී සම්මුතියට අත්සන් තැබූ රාජ්‍ය පාර්ශ්වයන්ගේ සමුළුව2026 අගෝස්තු 31 සිට සැප්තැම්බර් 4 දක්වාවියානාහි පැවැති එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී සංසදයේදී ශ්‍රී ලංකාව...

2026 ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරඟයේදීත් රුමේෂ්ට රන් පදක්කම

බෙල්ජියමේ බ්‍රසල්ස් හි පැවති 2026 ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරඟයේදී මීටර් 89.04 ක දුරක් විසි කරමින් ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග පතිරගේ පිරිමි හෙල්ල විසි...

ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකාවකට ඇමරිකානු මිසයිල ප්‍රහාර

ඉරාන - බොරතෙල් අපනයනයෙන් 90% ක් පමණ මෙහෙය වන, "කාර්ග් දූපත" අසලදී, ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකාවකට ඇමරිකානු මිසයිල ප්‍රහාර 04 ක් එල්ල වී ඇති...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img