Tuesday, May 19, 2026
HomeNEWSරජයට දැන් ගුරු සංවර්ධන නිලධාරීන් වැදගත් නැහැ-සජිත්

රජයට දැන් ගුරු සංවර්ධන නිලධාරීන් වැදගත් නැහැ-සජිත්

*රජයට දැන් ගුරු සංවර්ධන නිලධාරීන් වැදගත් නොවුණට මේ අය නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කළ සේවට අපිට අමතක කරන්න බෑ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා*අසාධාරණයට ලක් වූ ගුරු සංවර්ධන නිලධාරීන් 16600කගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින බවත් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ගැටලුව මතු කළ අවස්ථාවේ රජය කිව්වේ එය ජාතික වශයෙන් වැදගත් නොවන ප්‍රශ්නයක් බවත් පසුගිය රජයේ 2020 දී උපාධිධාරීන් 53000ක් බඳවා ගෙන 22000න් ගුරුවරුන් ලෙස නිදහස් අධ්‍යාපනය සවිමත් කරන්න යොමු කළ බවත් කොරෝනා කෝවිඩ් අපහසුතා මැද මේ අය විශිෂ්ට සේවාවක් ඉටු කළත් මේ අයගෙන් ගත හැකි උපරිම වැඩ අරගෙන දැන් අතහැර දමා ඇති බවත් පළපුරුද්ද වසර 5කට වැඩි වුවත් සාමාන්‍ය ක්‍රමයට ගුරු සේවයට එන්න යැයි කියන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.*විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද කොටුව දුම්රිය පොළ අසලදී උද්ඝෝෂණයේ නිරත ගුරු සංවර්ධන නිලධාරීන් හමුවීමට ගිය අවස්ථාවේ දී ය.*පළපුරුද්ද ඇති මේ අය ප්‍රායෝගික විභාගයක් පවත්වා 2.2 ශ්‍රේණියට බඳවා ගෙන පසුව වසර තුනක් තුළ පශ්චාත් උපාධි ඩිප්ලෝමා ගැනීමට සමථකරණය හරහා තීරණයක් ගෙන ඇති බවත් 2005 දී පවා මේ ආකාරයට ගුරුවරුන් බඳවා ගත් නිසා දැන් එය කළ හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.*රජය මේ අයගෙන් දේශපාලන වාසි ගෙන පැත්තකට දැම්මා*මේ අයට අසාධාරණයක් වන බවත් මේ අය දේශපාලන වාසි ගෙන පැත්තකට විසි කර ඇති බවත් මේ අය වෙනුවෙන් එදත් අදත් හෙටත් සමගි ජන බලවේගය පෙනී සිටින බවත් අගමැතිවරියගේ අමාත්‍යා මණ්ඩල සටහනක⁣ට අනුව පවතින උපාධිය මූලික සුදුසුකම් වූ තනතුරුවල පවතින පුරප්පාඩු ප්‍රමාණය සලකා 50000ක පුරප්පාඩු සදහා බඳවා ගත හැකි බව සදහන් බවත් එම නිසා කරුණාකර මේ අයට රැකියා දෙන ලෙසත් යුතුකම සහ යුක්තිය හා සාධාරණත්වය ඉටු කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.*අපි බලයේ සිටියා නම් අනිවාර්යයෙන් සාධාරණය ඉටු කරනවා*සමගි ජන බලවේගය බලයේ සිටියා නම් මේ ගැටලුවලට විසදුම් ලබා දෙන බවත් මේ අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.https://www.youtube.com/watch?v=xCep8Qrqyp4

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආනයනය කරනු ලබන වාහන සඳහා 50%ක අධිභාරයක්

ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ...

ඩොලරයේ විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 331අභිබවයි

මහ බැංකුව විසින් අද (15) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 323.53ක් ලෙස සටහන් වී...

ඇමැති විජිතට බෙලරූස් ජනපති හමුවීමෙන් පසු දෙරට අතර සබඳතාවලට නව පරිච්ඡේදයක්

​අමාත්‍ය විජිත හේරත් මහතා බෙලරුස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලූකෂෙන්කෝ හමුවීමෙන් පසු මෙම සංචාරය ශ්‍රී ලංකා-බෙලරුස් සබඳතාවල "නව පරිච්ඡේදයක" ආරම්භය බව ප්‍රකාශ කරයි ​විදේශ කටයුතු, විදේශ රැකියා...

ටිල්වින් අත්අඩංගුවට ගන්නා ලෙස සුගීශ්වර ජනපති කොමිසමෙන් ඉල්ලයි

පසුගිය මැයි 01 වන දින තංගල්ල හී දි පැවැති මැයි දින රැළියේ දී ජනතා විමුක්ති පෙරමුණ මහා ලේකම් ටිල්වින් සිල්වා මහතා විසින් ගල් අගුරු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img