දිස්ත්‍රික් Rank අංක 03 ඇත්තක් ද?නව ජනතා පෙරමුණ පක්ෂ ප්‍රධාන අනුශාසක පූජ්‍ය වැල්ලම්පිටිය සුමනධම්ම නායක ස්වාමින් වහන්සේ නියෝජ්‍ය නායක උපතිස්ස කුමාරතුංග මහතා, මූල්‍ය ලේකම් දිනුෂ්ක ගුණසේකර මහතා,කොලොන්නාව ප්‍රධාන ආසන සංවිධායක අජිත් කුමාර මහතා හා කොලොන්නාව ආසන ක්‍රියාකාරි ජයසිංහ මහතා අද දින විභාග දෙපාර්තමේන්තුවේ තොරතුරු නිළධාරි වෙත ලිපියක් බාර දෙමින් 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පනතේ විධි විධාන අනුව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව සත්‍ය අසත්‍යතාවය විමසන ලදි.එහිදි අදහස් දැක්වු නියෝජ්‍ය නායක උපතිස්ස කුමාරතුංග මහතා ප්‍රකාශ කර සිටියේ, පසුගිය දින වලදී පාර්ලිමේන්තුවේ දී රූපවාහිනි වැඩසටහන් වලදී මෙන්ම දේශපාලන වේදිකාවන් හි දී ද දිගින් දිගටම වසන්ත සමරසිංහ මහතා අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් වාණිජ විෂය ධාරාව හරහා 1995 වර්ෂයේ දී අපොස උ.පෙළ විභාගය දිස්ත්‍රික් Rank අංක 03 ලෙස ලබා ගෙන සමත්ව කැළණිය විශ්ව විද්‍යාලයට තේරී පත්ව කළමනාකරණ උපාධිය හැදෑරීම සඳහා ගිය බවය. නමුත් අප දන්නා පරිදි වර්ෂ 1995,1996,1997,1998 වැනි කාල වලදී උතුරු මැද පළාතේ අනුරාධපුර,පොළොන්නරුව වැනි දිස්ත්‍රික්ක වල දිස්ත්‍රික් Rank අංක 01,02,03,04,05 ලබා ගත් ඉහල පිරිස් යන්නේ ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පිඨයටය. ඒ නිසා අපි අද දින විභාග කොමසාරිස්තුමාගෙන් විමසා සිටියේ වසන්ත සමරසිංහ මහතා අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් අපොස උ.පෙළ සඳහා වාණිජ විෂය ධාරාව තෝරා ගෙන තිබේද? එය එසේ නම් ඔහු දිස්ත්‍රික් Rank 03 ලබා ගෙන සමත් වූවාද ? යන්නය. විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ මේ රටට ප්‍රකාශ කර සිටියේ ජනතාව මේ ගෙවන්නේ 75 වසරක ශාපය බවයි. මීට වසර 75 කට ප්‍රථම මේ රට පාලනය කල පිරිස හොරු,වංචා කාරයින් බව තමයි දිගින් දිගටම පැවසුවේ.අප ජනතා විමුක්ති පෙරමුණේ මෙන්ම මාලිමා ආණ්ඩුවේ ඉන්නේ සුජාත පිරිස් බවය. ඔවුන් රටට බොරු කරන් නැති වංචා කාරයින් නොමැති දුෂණය නොමැති දේශපාලන ව්‍යාපාරයක් බවයි රටට ප්‍රකාශ කර සිටියේ. ඒ නිසා වසන්ත සමරසිංහ මහතාට අපි අභියෝග කරනවා ඔබතුමා රටට කියලා තියෙන්නේ ඇත්ත නම් ඒ පිළිබඳව සාක්ෂී සහිතව පෙන්නුම් කරන්න කියලා. සාමාන්‍යයෙන් විශ්ව විද්‍යාල අපේකයකුට සිය කැමැත්ත පරිදි අංක 1,2,3 ලෙස විශ්ව විද්‍යාල තුනක් නම් කරන්න පුළුවන්. දිස්ත්‍රික් Rank එක අංක 03 ඔහු ලබා ගෙන තිබුනේ නම් නියත වශයෛන්ම ඔහුට ලැබී තිබිය යුත්තේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයි. ජනතා විමුක්ති පෙරමුණ විසින් මහා ශිෂ්‍ය සංගමයේ සභාපති තනතුරේ වැඩ බාර ගැනීම සඳහා කැළණිය විශ්ව විද්‍යාලයට ඔබතුමන් එව්වද කියලා අපිට පැහැදිලි සැකයක් පවතිනවා. මෙම අභියෝගය දුටු පසු අපි බලාපාරොත්තු වෙනවා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා තම උසස් පෙල ප්‍රතිඵල ලේඛනය ද අතැතිව රටට සත්‍ය හෙළි කරාවි කියලා. වසන්ත සමරසිංහ මැතිතුමාව කැළණිය විශ්ව විද්‍යාලයට ජනතා විමුක්ති පෙරමුණ විසින් තෝරා පත් කර යවා ඇති නම් ඔවුන් විසින් සිදු කර තිබෙන්නේ දේශපාලනය කිරීම සඳහා වසන්ත සමරසිංහ මහතා පාචිච්චි කරපු එක. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මෙහෙයවීම සඳහා තමයි එතුමාව කැළණිය විශ්ව විද්‍යාලයට එව්වේ. එසේ නම් අපි කැළණියේ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයින්ට කියන්න කැමති මෙතුමා ආවේ දේශපාලනය කරන්න. ශිෂ්‍ය සංගම් කරන්න ජවිපෙ වපුරන්න. ජනතා විමුක්ති පෙරමුණ වපුරලා විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් පාරට ගෙනල්ලා ,ශිෂ්‍ය අයිතිවාසිකම් නැති කරලා නිදහස් අධ්‍යාපන අයිතීන් නැති කරලා සමහර ශිෂ්‍යයින්ගේ පන්ති තහනම් කරලා උපාධිය අහිමි කරන්න තරම් නායකත්වයක් දෙන්න තමයි වසන්ත සමරසිංහ මැතිතුමා විශ්ව විද්‍යාලයට ඇවිත් තියෙන්නේ.ඒ නිසා අපි අවසාන වශයෙන් ඉල්ලා සිටිනවා විභාග කොමසාරිස්තුමාගෙන් ,ගරු වෙළඳ අමාත්‍ය වසන්න සමරසිංහ මහතා සම්බන්ධව අපි ඉල්ලා තිබෙන තොරතුරු පිළිබඳ සත්‍ය/ අසත්‍යතාවය හැකි ඉක්මනින් අප වෙත දන්වා එවන්න. ඒ සම්බන්ධව පිළිතුරු ලැබෙන තුරු අපි අවධානයෙන් ඉන්නවා. ඒ වගේම මේ රටේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ට, ඔවුන්ගේ අහිංසක දෙමව්පියන්ට ,මේ රටේ සමස්ත ජනතාවට අපි කියන්න කැමති කරුණාකරලා මේ ජනතා විමුක්ති පෙරමුණේ , මාලිමා ආණ්ඩුවේ දෙබඩි පිලිවෙත පිළිබඳව අවධානයෙන් ඉන්න. මොවුන් දිගින් දිගටම රටට බොරු කරනවා.අපි ඒ බොරු තව දුරටත් ඔවුන්ට මේ රටේ වපුරන්න ඉඩ තියන්නේ නෑ කියලා නව ජනතා පෙරමුණ ලෙස ප්‍රකාශ කර සිටිනවා.






















