Wednesday, September 23, 2026
HomeNEWSඅඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් ඉදි වූ නිවාස 1000ක් ජනතා අයිතියට

අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් ඉදි වූ නිවාස 1000ක් ජනතා අයිතියට

ලෝක ජනාවාස දින ජාතික සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් ඉදි වූ නිවාස 1000ක් ජනතා අයිතියටඉන්දියානු රජයේ ආධාර මත UN Habitat ආයතනයේ මැදිහත්වීමෙන් සිදු කෙරෙන අඹතලේ ජල සම්පාදන ව්‍යාපෘතියේ සංකේතීය ප්‍රදානය ජනපතිට භාර දෙයිලෝක ජනාවාස දින ජාතික සැමරුම් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. එක්සත් ජාතීන්ගේ ලෝක ජනාවාස දිනයට සමගාමීව “තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්” යන තේමාව යටතේ එහි ජාතික සැමරුම පැවැත්වුණු අතර ඒ හා සමගාමීව ඔක්තෝබර් 01-05 දක්වා ජනාවාස සතියක්ද ප්‍රකාශයට පත්කරමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබිණි. නිවසක් ඉදිකර ගැනීමට මූල්‍ය හැකියාවක් නොමැති දිළිඳු පවුල් 4000කට ආසන්න සංඛ්‍යාවක් සඳහා නිවාස ඉදිකර දීම වෙනුවෙන්, නිවාස සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කරනු ලැබ ඇති වැඩසටහන යටතේ දිවයින පුරා වැඩ නිම කළ නිවාස දහසක් ජනතා අයිතියට පවරා දීමද මෙහිදී විද්‍යුත් තාක්ෂණය ඔස්සේ ජනාධිපතිවරයා අතින් සිදු විය.UN Habitat ශ්‍රී ලංකා කාර්යාලයේ මැදිහත්වීමෙන් ඉන්දියානු රජයේ සහ Coalition for Disaster Resilient Infrastructure (CDRI) ආධාර මත ක්‍රියාත්මක කිරීමට යෝජිත අඹතලේ ජල සැපයුම් ව්‍යාපෘතියේ සංකේතීය ප්‍රදානය ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් භාර දීමද මෙහිදී සිදු කෙරිණි. විවිධ හේතුන් මත නිවාස ඔප්පු ලබා දීම ප්‍රමාද වී තිබු ප්‍රතිලාභීන් දහසකට ඔප්පු ලබාදීමේ වැඩසටහන යටතේ සංකේතාත්මකව ප්‍රතිලාභීන් 357 දෙනෙකුට නිවාස හිමිකම් ඔප්පු ප්‍රදානය, නිවසක් ඉදිකර ගැනීමට ආර්ථික හැකියාවක් නොමැති දිළිදු පවුල් දහසකට රුපියල් මිලියනය බැගින් මූල්‍ය ප්‍රදානයන් ලබාදීමේ වැඩසටහන යටතේ සංකේතාත්මකව 157 දෙනෙකුට චෙක්පත් ප්‍රදානය කිරීමද මෙහිදී සිදු විය.ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් දීප ව්‍යාප්තව පැවැත්වුණු චිත්‍ර තරගයේ ජයග්‍රාහක, ජයග්‍රාහිකාවන්ට තිළිණ ප්‍රදානය සහ නාගරික සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කළ විවිධ වැඩසටහන්වල ජයග්‍රාහක, ජයග්‍රාහිකාවන් වෙත තිළිණ ප්‍රදානය කිරීමටද ජනාධිපතිවරයා එක් විය. මේ අතර ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් පාසල් දරු දැරියන්ගේ කලා කුසලතාවන් ඔප් නැංවීම වෙනුවෙන් සංවිධානය කරනු ලැබූ චිත්‍ර ප්‍රදර්ශනය සහ නිවාස සැලසුම්කරණයට අදාළ නිර්මාණ ඇතුළත් ප්‍රදර්ශන නැරඹීමටද ජනාධිපතිවරයා එක් විය. මෙම උත්සව සභාව ඇමතූ නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සඳහන් කළේ රටේ ජනතාවගේ නිවාස සිහිනය සැබෑ කිරීම වෙනුවෙන් වත්මන් රජය පුළුල් වැඩපිළිවෙළක් සැලසුම් කර ක්‍රියාත්මක කරමින් සිටින බවයි. එමෙන්ම නිවස පිළිබඳ සංකල්පය සමාජය තුළ කතිකාවට බඳුන් කරමින් නිවාස සැලසුම්කරණය පිළිබඳ විධිමත් වැඩපිළිවෙළක අවශ්‍යතාව රජය හඳුනාගෙන තිබෙන බවත් සියලු ජනතාවට ආරක්ෂිත, සුවපහසු සහ ගෞරවනීය ජීවන පරිසරයක් උදාකර දීම වෙනුවෙන් රජය කැපවී සිටින බවත් අමාත්‍යවරයා පැවසිය. එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටේරෙස් (António Guterres) මහතාගේ ජනාවාස දින පණිවිඩය එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස වැඩසටහනේ ශ්‍රී ලංකා වැඩසටහන් කළමනාකරු හර්ෂිනී හලංගොඩ මහත්මිය විසින් මෙහිදී ඉදිරිපත් කරනු ලැබුවාය.කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර යුසුෆ් හනීෆ්, කොළඹ නගරාධිපති ව්‍රායි කැලී බල්තසාර් යන මහත්ම මහත්මීහුද, ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම් (දේශපාලන) නව්‍යා සිංග්ලා මහත්මිය ඇතුළු ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජිතයෝ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එම්.ආර්.ඩී. අපොන්සු, නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයේ ලේකම් රන්ජිත් ආරියරත්න, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ ලේකම් සම්පත් මන්ත්‍රීනායක යන මහත්ම මහත්මීහුද නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

22කට එරෙහිව කොළඹදී පන්දම් විරෝධතාවක්

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලිප්ටන් වටරවුමේදී පන්දම් විරෝධතාවයක් පැවැත්විණි. එම විරෝධතාවය සංවිධානය කර තිබුණේ නිදහස්...

පාස්කු ඉරිදා ප්‍රහාරයට වරදකරුවන් වූ 15 දෙනාට එක් අයෙකුට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්

පාස්කු ඉරිදා ප්‍රහාරයට වරදකරුවන් වූ 15 දෙනාට එක් අයෙකුට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්. දඬුවම ක්‍රියාත්මක මොහොතේ සිට නිශ්චල - චංචල දේපළ...

ආණ්ඩුවේ හොරුන්ට එරෙහිව කිසිම නීතියක් නැහැ-නාමල් රාජපක්ෂ

ආණ්ඩුවේ හොරකම් වෙනවා ජනාධිපතිතුමා ඇස්වහගෙන-නාමල් රාජපක්ෂ ඩොලර් බිලියනයක් පන්නනවා, අනේ ජනාධිපතිතුමා ඇස් දෙක වහගෙන. රටේ විරැකියාව වැඩි වෙනවා, ජනාධිපතිතුමා ඇස් දෙක වහගෙන. ගොවියාගේ වී වල,...

අග්‍රාමාත්‍යතුමිය සහ IMF නියෝජිත පිරිස අතර හමුවක්

අග්‍රාමාත්‍යතුමිය සහ IMF නියෝජිත පිරිස අතර හමුවක් ශ්‍රී ලංකාව ආර්ථික ස්ථාවරත්වයෙන් ඔබ්බට ගොස් තිරසර ආර්ථික වර්ධනයක් කරා ගමන් කළ යුතුයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ශ්‍රී ලංකාව සඳහා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img