Wednesday, November 25, 2026
HomeNEWSතැපැල් සේවකයින් මහා OT වංචාවක.. මිලියන ගණනක් හොර පාරෙන් OT අරගෙන

තැපැල් සේවකයින් මහා OT වංචාවක.. මිලියන ගණනක් හොර පාරෙන් OT අරගෙන

තැපැල් සේවකයන්ගෙන් බහුතරයක් විසින් ඇඟිලි සලකුණු සත්‍යාපනයකින් තොරව රුපියල් මිලියන 10කට අධික අතිකාල දීමනා ලබාගෙන ඇති බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා අනාවරණය කළේය.පසුගිය වසරේ සහ මේ වසරේ සිදු කරන ලද විගණන විමසීම් 400කට අධික සංඛ්‍යාවකින් අනතුරුව මෙම තොරතුරු හෙළි වී තිබේ.ලෝක තැපැල් දිනය සැමරීම නිමිත්තෙන් හපුතලේ තැපැල් කාර්යාලයේ පැවති උත්සවයකදී අදහස් දක්වමින් සත්කුමාර මහතා මෙම කරුණු ප්‍රකාශ කළේය.තැපැල්පතිවරයා තවදුරටත් කියා සිටියේ තැපැල් දෙපාර්තමේන්තුවේ සියලුම වාහන නඩත්තු කටයුතු ඉරිදා දිනවල සිදු කර ඇති බවත්, එම ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම අතිකාල දීමනා මත සිදු කර ඇති බවත්ය.“එක් පුද්ගලයකු පැය හතරක අතිකාල දීමනාවක් ලබන අතර, ඉරිදා දිනවල වාහන නඩත්තු කටයුතු සඳහා අවම වශයෙන් සේවකයින් දස දෙනෙකුවත් යොදවනු ලබනවා. ඔවුන් සාමූහිකව පැය 40ක පමණ අතිකාලයක් ඉල්ලා සිටිනවා. දිනකට නඩත්තු කරන වාහන සංඛ්‍යාව අනුව එම මුදල ඉහළ යනවා” යැයි තැපැල්පතිවරයා පැවසීය.මෙම අතිකාල දීමනාව නවත්වන විට එම සේවකයින් ප්‍රකාශ කර ඇත්තේ තවදුරටත් ඉරිදා දිනවල එම කාර්යයන් සිදු කළ නොහැකි බවයි. ඒ අනුව, “වාහන පෞද්ගලික ස්ථානවලින් නඩත්තු කරගත හැකි බව මම ඔවුන්ට කීවා” යැයිද සත්කුමාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.එමෙන්ම, සමහර සේවකයින් විසින් වාහන නඩත්තුව සඳහා අතිකාල දීමනා ඉල්ලා සිටීමේදී වැඩ කළ පැය ගණන් වැඩි කර පෙන්වා ඇති බවටත්, අනවශ්‍ය කාර්ය මණ්ඩලයක් ලැයිස්තුගත කර ඇති බවටත් තැපැල්පතිවරයා චෝදනා කළේය.තවද, තැපැල් බෙදාහැරීමේ ප්‍රමාදයන් විවේචනය කළ සත්කුමාර මහතා, පිළිමතලාව සිට කොළඹ පිහිටි උසස් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යවන ලද ලිපියක් ගමනාන්තයට ළඟා වීමට මාසයක පමණ කාලයක් ගත වූ බවට වූ මෑත සිද්ධියක්ද උදාහරණයට ගත්තේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදාළව පනවා ඇති විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලීම...

හිටපු ඇමති ජොන්ස්ටන්ට රු130,000 ක දඩයක් සහ මාසයක බරපතල වැඩසහිත සිරදඬුවම වසර පහකට අත්හිටුවයි

එකලස් කරන ලද වාහනයක් සන්තකයේ තබාගැනීම ඇතුළු චෝදනා තුනකට වරද පිළිගත් හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දුට රු.130,000 ක දඩයක් සහ මාසයක බරපතල වැඩසහිත සිරදඬුවම වසර...

කාන්තා හිංසනයට එරෙහි ගෝලීය වැඩසටහනට විපක්ෂ නායක සජිත්ගේ සහාය

කාන්තා හිංසනයට එරෙහි ගෝලීය වැඩසටහනට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහාය කාන්තාවන්ට සහ ගැහැනු ළමයින්ට එරෙහිව සිදුවන ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය පිටුදැකීම...

රියාද් හි පිහිටි සෞදි මහජන ආයෝජන අරමුදලේ මූලස්ථානයට ප්‍රහාරයක්

රියාද් හි පිහිටි සෞදි මහජන ආයෝජන අරමුදලේ මූලස්ථානයට යේමනයේ හූති කැරලිකරුවන් විසින් එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් 11 දෙනෙකුට තුවාල.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img