Monday, September 21, 2026
HomeNEWSඅණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට මාතරදී පොලීසියෙන් වෙඩි

අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට මාතරදී පොලීසියෙන් වෙඩි

අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට මාතරදී පොලීසිය විසින් වෙඩිතබා තිබේ.පොලීසිය පැවසුවේ, මාතර වැල්ලමඩම ප්‍රදේශයේ මාර්ග බාධකයක සිටි පොලිස් නිලධාරීන් අදාළ මෝටර් රථය නවත්වන ලෙස සංඥා කර ඇති බවය.එහෙත් එම අණ නොතකා මෝටර් රථය ධාවන කර තිබේ.එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් විසින් මෝටර් රථයට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇති බව සඳහන්ය.නොනවත්වා ධාවනය වු මෝටර් රථය පසුව මාතර ජනරාජ මාවතේ අතහැර දමා ගොස් තිබියදී සොයා ගත් බව පොලීසිය පැවසුවේය.මෝටර් රථයේ පුද්ගලයින් දෙදෙනෙකු එම අවස්ථාවේ ගමන් කර ඇති අතර පසුව ඔවුන් පලාගොස් තිබේ.මෝටර් රථයේ හිමිකරු හඳුනාගෙන ඇති බව සඳහන්ය.පොලීසිය පැවසුවේ මේ සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා වෙත

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා වෙත ලැබී ඇති බව කථානායක කාර්යාලය පවසයි.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරක්.. පාසල් ළමුන් ඇතුළු 10 දෙනෙකුට තුවාල

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම සහ දොඩංගොඩ අතර වාහන 08 කට ආසන්න සංඛ්‍යාවක් ගැටී සිදුවූ අනතුරකින් පාසල් ළමුන් 6 ක් ඇතුළු 10 දෙනෙකු තුවාල ලබා...

සහනාධාරයක් ලබාදී තෙල්මිල පාලනය කිරීමට අපේක්ෂා කරන බව ජනපති අකුරැස්ස රැළියට එක්වෙමින් කියයි.

ලෝක වෙළඳප‍ළේ ඉන්ධන මිල ඉහළයාම හේතුවෙන් ඔක්තෝබර් මාසයේ මිල ඉහළ දැමිය යුතු වුවත් සහනාධාර ලබාදී මිල පාලනය කිරීමට අපේක්ෂා කරන බව ජනපති අකුරුස්ස රැළියට...

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත්-විපක්ෂ නායක සජිත්

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත් කියා අමතක නොකළ යුතුයි-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති සේම පාර්ලිමේන්තුවේ 2/3ක් සහ පළාත් පාලන ආයතන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img