අවියානා ග්ලෝබල් කැම්පස් (Aviyana Global Campus) මහනුවරදී විවෘත කෙරේලෝකයේ බිලියන 08 ක ජනතාවට රැකියා හා සේවා සපයමින් ව්‍යාපාර පවත්වාගෙන යනු ලබන්නේ ලක්ෂ දෙකක පමණ සුළු පිරිසක් බවත් ඔවුන් එම තත්ත්වයට පත්ව තිබෙන්නේ අවධානමක් ගෙන ව්‍යාපාර ආරම්භ කිරීම නිසා බවත් අවියානා සිලෝන් සමූහ ව්‍යාපාරයේ සභාපිත ආචාර්ය තිසර හේවාවසම් මහතා පවසයි.ලෝකයේ සාර්ථකත්වයට පත්ව සිටින සියලු දෙනා අවධානමක් ගෙන කැපවීමෙන් කටයුතු කළ අය බවත් මෙරට තරුණ පරපුරද දුරකතනය සමඟ කටයුතු කරමින් කාලය කා නොදමා සාර්ථක මිනිසෙකු වීම සඳහා අවශ්‍යය පසුබිම සකස් කර ගැනීමට වෙහෙස විය යුතු බවත් ඒ මහතා කීය.අවියානා ගෝලීය විශ්වවිද්‍යාලය ( Aviyaana Global Campus) මහනුවර ඩී.එස් සේනානායක වීදියේ දී විවෘත කරමින් එහි නවක ශිෂ්‍ය කණ්ඩායම අමතා තිසර හේවාවසම් මහතා මේ බව ප්‍රකාශ කළේය. එක් සිසුවෙකු වෙනුවෙන් රුපියල් මිලියනක පමණ මුදලක් වැයකර සියලු සිසුන්ට නොමිලේ මාස 06 ක නේවාසික පුහුණුවක් ලබාදීම තුළින් ඔවුන් සංචාරක කර්මාන්ත ක්ෂේත්‍රයේ ජත්‍යන්තර මට්ටමේ වෘත්තිකයින් බවට පත් කිරීම අවියානා ගෝලීය විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමේ අරමුණ වී තිබේ. විදේශ ගතව දුක් විඳ උපයන මුදලට වඩා වැඩි මුදලක් මෙරට තුළ රැකියා කරමින් ඉපයීමට හැකි බවත් ඒ සඳහා වෘත්තිය සුදුසුකම් සපුරා ගැනීම අත්‍යවශ්‍යය බවත් කී හේවාවසම් මහතා සංචාරක කර්මාන්ත ක්ෂේත්‍රයේ සිදුවෙමින් පවතින දියුණුවත් සමඟ ඉදිරියේ දී රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් නිර්මාණය වනු ඇතැයි ද අවධාරණය කළේය.එම අවශ්‍යතාව සපුරාලීමට නම් මනා පුහුණුවක් තුළින් වෘත්තිය සුදුසුකම් සපුරාගත් පිරිසක් සිටිය යුතු බවත් අවියානා ගෝලීය විශ්වවිද්‍යාලය සිදු කරමින් සිටින්නේ එම රික්තකය පිරවීම බවත් ඒ මහතා කීය.ශ්‍රී ලංකාව තුළ රැකියාවක් කිරීමට හෝ ව්‍යාපාරයක් ආරම්භ කරනවාට වඩා විදේශ රටකට ගොස් රැකියාවක් හෝ ව්‍යාපාරයක් කිරීම හොඳ බවට මතයක් මෙරට බහුතරයක් දෙනා තුළ තිබෙන බවත් එය සම්පූර්ණයෙන්ම සිතින් මවාගත් වැරදි සිතුවිල්ලක් බවත් හේවාවසම් මහතා පැවසුවේය.මෙරටට පැමිණෙන සංචාරකයින්ගෙන් 55 % ක් ඉන්දියානුවන් බවත් ලොව සංචාරක ආකාර්ෂණය ඇති ප්‍රමුඛ රටවල් අතරට ශ්‍රී ලංකාව එක්ව තිබෙන්නේ ස්වභාවික සුන්දරත්වය හා මෙරට ජනතාවගේ ආගන්තුක සත්කාරක සේවාව නිසා බවත් කී ඒ මහතා හෝටල් ක්ෂේත්‍රය මගින් ලබාදෙන සේවාවේ ඉහළ ගුණාත්මක බවද මෙයට එක්වීමෙන් සංචාරක ක්ෂේත්‍රයට අදාළව රජය අපේක්ෂා ඉලක්ක පහසුවෙන් සපුරා ගැනීමට හැකිවනු ඇතැයි ද අවධාරණය කළේය.මෙම අවස්ථාවට මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත, අවියානා ගෝලීය විශ්වවිද්‍යාලයේ අධ්‍යක්ෂ ආර්.එම් ගුණවර්ධන යන මහත්වරුද සහභාගි වූහ.





























