Wednesday, September 23, 2026
HomeNEWSඅවියානා ග්ලෝබල් කැම්පස් (Aviyana Global Campus) මහනුවරදී විවෘත කෙරේ

අවියානා ග්ලෝබල් කැම්පස් (Aviyana Global Campus) මහනුවරදී විවෘත කෙරේ

අවියානා ග්ලෝබල් කැම්පස් (Aviyana Global Campus) මහනුවරදී විවෘත කෙරේලෝකයේ බිලියන 08 ක ජනතාවට රැකියා හා සේවා සපයමින් ව්‍යාපාර පවත්වාගෙන යනු ලබන්නේ ලක්ෂ දෙකක පමණ සුළු පිරිසක් බවත් ඔවුන් එම තත්ත්වයට පත්ව තිබෙන්නේ අවධානමක් ගෙන ව්‍යාපාර ආරම්භ කිරීම නිසා බවත් අවියානා සිලෝන් සමූහ ව්‍යාපාරයේ සභාපිත ආචාර්ය තිසර හේවාවසම් මහතා පවසයි.ලෝකයේ සාර්ථකත්වයට පත්ව සිටින සියලු දෙනා අවධානමක් ගෙන කැපවීමෙන් කටයුතු කළ අය බවත් මෙරට තරුණ පරපුරද දුරකතනය සමඟ කටයුතු කරමින් කාලය කා නොදමා සාර්ථක මිනිසෙකු වීම සඳහා අවශ්‍යය පසුබිම සකස් කර ගැනීමට වෙහෙස විය යුතු බවත් ඒ මහතා කීය.අවියානා ගෝලීය විශ්වවිද්‍යාලය ( Aviyaana Global Campus) මහනුවර ඩී.එස් සේනානායක වීදියේ දී විවෘත කරමින් එහි නවක ශිෂ්‍ය කණ්ඩායම අමතා තිසර හේවාවසම් මහතා මේ බව ප්‍රකාශ කළේය. එක් සිසුවෙකු වෙනුවෙන් රුපියල් මිලියනක පමණ මුදලක් වැයකර සියලු සිසුන්ට නොමිලේ මාස 06 ක නේවාසික පුහුණුවක් ලබාදීම තුළින් ඔවුන් සංචාරක කර්මාන්ත ක්ෂේත්‍රයේ ජත්‍යන්තර මට්ටමේ වෘත්තිකයින් බවට පත් කිරීම අවියානා ගෝලීය විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමේ අරමුණ වී තිබේ. විදේශ ගතව දුක් විඳ උපයන මුදලට වඩා වැඩි මුදලක් මෙරට තුළ රැකියා කරමින් ඉපයීමට හැකි බවත් ඒ සඳහා වෘත්තිය සුදුසුකම් සපුරා ගැනීම අත්‍යවශ්‍යය බවත් කී හේවාවසම් මහතා සංචාරක කර්මාන්ත ක්ෂේත්‍රයේ සිදුවෙමින් පවතින දියුණුවත් සමඟ ඉදිරියේ දී රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් නිර්මාණය වනු ඇතැයි ද අවධාරණය කළේය.එම අවශ්‍යතාව සපුරාලීමට නම් මනා පුහුණුවක් තුළින් වෘත්තිය සුදුසුකම් සපුරාගත් පිරිසක් සිටිය යුතු බවත් අවියානා ගෝලීය විශ්වවිද්‍යාලය සිදු කරමින් සිටින්නේ එම රික්තකය පිරවීම බවත් ඒ මහතා කීය.ශ්‍රී ලංකාව තුළ රැකියාවක් කිරීමට හෝ ව්‍යාපාරයක් ආරම්භ කරනවාට වඩා විදේශ රටකට ගොස් රැකියාවක් හෝ ව්‍යාපාරයක් කිරීම හොඳ බවට මතයක් මෙරට බහුතරයක් දෙනා තුළ තිබෙන බවත් එය සම්පූර්ණයෙන්ම සිතින් මවාගත් වැරදි සිතුවිල්ලක් බවත් හේවාවසම් මහතා පැවසුවේය.මෙරටට පැමිණෙන සංචාරකයින්ගෙන් 55 % ක් ඉන්දියානුවන් බවත් ලොව සංචාරක ආකාර්ෂණය ඇති ප්‍රමුඛ රටවල් අතරට ශ්‍රී ලංකාව එක්ව තිබෙන්නේ ස්වභාවික සුන්දරත්වය හා මෙරට ජනතාවගේ ආගන්තුක සත්කාරක සේවාව නිසා බවත් කී ඒ මහතා හෝටල් ක්ෂේත්‍රය මගින් ලබාදෙන සේවාවේ ඉහළ ගුණාත්මක බවද මෙයට එක්වීමෙන් සංචාරක ක්ෂේත්‍රයට අදාළව රජය අපේක්ෂා ඉලක්ක පහසුවෙන් සපුරා ගැනීමට හැකිවනු ඇතැයි ද අවධාරණය කළේය.මෙම අවස්ථාවට මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත, අවියානා ගෝලීය විශ්වවිද්‍යාලයේ අධ්‍යක්ෂ ආර්.එම් ගුණවර්ධන යන මහත්වරුද සහභාගි වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

22කට එරෙහිව කොළඹදී පන්දම් විරෝධතාවක්

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලිප්ටන් වටරවුමේදී පන්දම් විරෝධතාවයක් පැවැත්විණි. එම විරෝධතාවය සංවිධානය කර තිබුණේ නිදහස්...

පාස්කු ඉරිදා ප්‍රහාරයට වරදකරුවන් වූ 15 දෙනාට එක් අයෙකුට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්

පාස්කු ඉරිදා ප්‍රහාරයට වරදකරුවන් වූ 15 දෙනාට එක් අයෙකුට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්. දඬුවම ක්‍රියාත්මක මොහොතේ සිට නිශ්චල - චංචල දේපළ...

ආණ්ඩුවේ හොරුන්ට එරෙහිව කිසිම නීතියක් නැහැ-නාමල් රාජපක්ෂ

ආණ්ඩුවේ හොරකම් වෙනවා ජනාධිපතිතුමා ඇස්වහගෙන-නාමල් රාජපක්ෂ ඩොලර් බිලියනයක් පන්නනවා, අනේ ජනාධිපතිතුමා ඇස් දෙක වහගෙන. රටේ විරැකියාව වැඩි වෙනවා, ජනාධිපතිතුමා ඇස් දෙක වහගෙන. ගොවියාගේ වී වල,...

අග්‍රාමාත්‍යතුමිය සහ IMF නියෝජිත පිරිස අතර හමුවක්

අග්‍රාමාත්‍යතුමිය සහ IMF නියෝජිත පිරිස අතර හමුවක් ශ්‍රී ලංකාව ආර්ථික ස්ථාවරත්වයෙන් ඔබ්බට ගොස් තිරසර ආර්ථික වර්ධනයක් කරා ගමන් කළ යුතුයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ශ්‍රී ලංකාව සඳහා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img