Thursday, May 21, 2026
HomeNEWSඅරගලයට පහර දුන් 31 දෙනෙකු හඳුනා ගැනේ

අරගලයට පහර දුන් 31 දෙනෙකු හඳුනා ගැනේ

2022 වසරේ මැයි මස ගාලුමුවදොර ගෝඨා ගෝ ගම අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී සැකකරුවන් 31 දෙනෙකු හඳුනාගෙන තිබෙන බව නීතිපතිවරයා අද (04) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.එම සැකකරුවන්ට එරෙහිව ඉදිරියේදී අධි චෝදනා ගොනු කිරීමට අපේක්ෂා කරන බවත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ සජිත් බණ්ඩාර මහතා මෙහිදී දන්වා සිටියේය. 2022 වසරේ මැයි මස 09 වනදා ගාලු මුවදොර ගෝඨා ගෝ ගම අරගලයට පහරදීම සිදුවූ අවස්ථාවේ එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම නීතිය ක්‍රියාත්මක නොකිරීම තුළින් පොලිසිය ඇතුළු වග උත්තරකරුවන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා අරගලකරුවන් පිරිසක් විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 05 ක් අද කැඳවූ අවස්ථාවේදී රජය නීතිඥවරයා මෙම දැනුම් දීම සිදුකළේය.මෙම පෙත්සම් අද අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ සජිත් බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට සම්බන්ධ විමර්ශනවලට අදාළව අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබූ බව සඳහන් කළේය. එහෙත් එම අතුරු තහනම් නියෝගය මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවා ඇති බවත් ඒ අනුව ඉදිරි විමර්ශන සිදුවන බවත් ඔහු පෙන්වා දුන්නේය. ඒ යටතේ මෙම පහරදීමට සම්බන්ධ සැකකරුවන් 31 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන්ට එරෙහිව ළඟදීම අධි චෝදනා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවත් රජයේ නීතිඥවරයා දන්වා සිටියේය.මෙහිදී අගවිනිසුරුවරයා විසින් රජයේ නීතිඥවරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමින් එම හඳුනාගත් සැකකරුවන්ට එරෙහිව කුමන නීතියක් යටතේ නඩු පවරනවාදැයි විමසීය.ඊට පිළිතුරු දෙමින් රජයේ නීතිඥවරයා සඳහන් කළේ අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ චෝදනා ඉදිරිපත් කරන බවය.තවදුරටත් කරුණු දැක්වූ රජයේ නීතිඥවරයා මෙසේ හඳුනාගත් සැකකරුවන් අතර එවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද ඇතුළත් වන බවත් පැවසීය. මෙම අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධිය හටගත් අවස්ථාවේ පොලීසිය අකර්මණ්‍ය ලෙස කටයුතු කිරීම නිසා මෙම අවාසනාවන්ත තත්ත්වය උද්ගත වූ බව පෙන්වා දෙනු ලැබීය. ඊට පිළිතුරු දෙමින් රජයේ නීතිඥවරයා කියා සිටියේ සිද්ධිය වූ අවස්ථාවේදී භූමියේ සැලකිය යුතු පොලිස් නිලධාරීන් පිරිසක් සහ ජල ප්‍රහාරක රථ සියල්ල තිබූ බවය. එහෙත් ඒවා නිසි ලෙස ක්‍රියාවේ යෙදවීමක් සිදු නොවූ බවත් එම කටයුතු පැහැර හැරීම සම්බන්ධයෙන් එවක භූමියේ සිටි ජ්‍යෙෂ්ඨම පොලිස් නිලධාරියා වන එවක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් රජයේ නීතිඥවරයා සඳහන් කළේය.එම අවස්ථාවේදී වගඋත්තරකාර දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සංජීව වීරවික්‍රම මහතා සඳහන් කර සිටියේ තම සේවාදායකයාට එරෙහිව නීතිපතිවරයා විසින් අපරාධ නඩුවක් ගොනුකිරීමට සූදානම් වන අවස්ථාවේ මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර දුනහොත් දැඩි අගතියක් සිදුවන බවය.එම නිසා අපරාධ නඩු කටයුතු සිදුවන ආකාරය විමසීමෙන් පසුව මෙම පෙත්සම් සලකා බැලීම සුදුසු බවත් නීතිඥවරයා අධිකරණය හමුවේ යෝජනා කළේය.ඉන් අනතුරුව පෙත්සම් විභාගය සිදු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම පසුවට කල් තැබීය.මෙහි පෙත්සම් කිහිපයක වග උත්තරකරුවන් ලෙස නම් කර තිබූ එවක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ යන අයට එරෙහිව අපරාධ නඩු ගොනු කිරීමක් සිදු නොවන හෙයින් ඔවුන්ට එරෙහිව මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම පවත්වාගෙන නොයාමට ද පාර්ශවකරුවන් අධිකරණය හමුවේ එකඟ වූහ.මෙම පෙත්සම් වල වගඋත්තරකරුවන් ලෙස හිටපු පොලිස්පති සීඩී වික්‍රමරත්න, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරින් පිරිසක් නම්කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව හැම පොරොන්දුවකටම ලෝක තත්වය ගැන සඳහන් කළ යුතුයි- සුජීව

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ වර්තමාන මාලිමා ආණ්ඩුව ඉදිරියේදී පොරොන්දු දෙනවා නම් ලෝක තත්ත්වයන් හමුවේ වෙනස් විය හැකි බව යනුවෙන් සඳහන් කරමින් ජනතාවට පොරොන්දු ලබා...

සීනි මිලෙහි වැඩිවීමක්!

‍සීනි අපනයනය අත්හිටුවීමට ඉන්දියාව ගෙන ඇති තීරණය හේතුවෙන් වෙනත් රටවලින් සීනි ආනයනය කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි. එහි...

ආනයනය කරනු ලබන වාහන සඳහා 50%ක අධිභාරයක්

ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ...

ඩොලරයේ විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 331අභිබවයි

මහ බැංකුව විසින් අද (15) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 323.53ක් ලෙස සටහන් වී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img