වතිකානු ශුද්ධාසනයේ රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ සබඳතා පිළිබඳ ලේකම්, අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අතර සාකච්ඡාවක් අද(04) විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්වුණා. එම සාකච්ඡාවෙන් අනතුරුව විජිත හේරත් අමාත්‍යවරයා සිය X ගිණුමේ දැක්වූ සටහන පහත සඳහන් වේ.
වතිකානු ශුද්ධාසනයේ රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ සබඳතා පිළිබඳ ලේකම්, අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් මහතා අද අමාත්‍යාංශයේදී පිළිගැනීමට ලැබීම සතුටට කරුණකි. ශුද්ධාසනයේ අඛණ්ඩ සහයෝගය සඳහා ශ්‍රී ලංකාවේ අවංක කෘතඥතාව පළ කළ අතර, අපගේ හවුල් ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් වන රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 50 වසර සැමරීමට නියමිත මෙම අවස්ථාවේදී, අපගේ ජාතීන් දෙක අතර ශක්තිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නැවත තහවුරු කළෙමි.

























