Thursday, November 6, 2025
HomeNEWSමාලිමාව බලය ලබාගත් කොලොන්න ප්‍රාදේශීය සභාවේ අයවැය පරාදයි

මාලිමාව බලය ලබාගත් කොලොන්න ප්‍රාදේශීය සභාවේ අයවැය පරාදයි

ජතික ජනබලවේගයේ බලය පවතින කොළොන්න ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය කෙටුම්පත පරාජයට පත්වුණා.අද (06) දා පෙරවරු 10 ට පමණ කොළොන්න ප්‍රාදේශීය සභාවේ මාසික සභාවාරය ආරම්භ කෙරුණේ සභාපති සම්පත් ගුණසිංහගේ ප්‍රධානත්වයෙන්. කොළොන්න ප්‍රාදේශීය සභාවේ ජාතික ජනබලවේගයේ මංගල අයවැය කෙටුම්පත පළමුවර ඉදිරිපත් කිරීම අද පෙරවරුවේදී සිදු කෙරුණා. මේ සදහා අද සවස ඡන්ද විමසීම සිදු කළ අතර එහිදී අයවැය පරාජය කිරීමට විපක්ෂයේ කණ්ඩායම් කටයුතු කළා.ජාතික ජනබලවේගයේ මන්ත්‍රී ආසන 9ක්, සමගි ජනබලවේගයේ ආසන 05ක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන 03ක්,එක්සත් ජාතික පක්ෂයේ ආසන 01ක්, සර්වජන පක්ෂයේ ආසන 01ක්, වශයෙන් කොළොන්න ප්‍රාදේශීය සභාව තේරී පත්ව තිබෙනවා.පසු ගිය පළාත් පාලන මැතිවර‍ණයෙන් කොළොන්න ප්‍රාදේශීය සභාවේ බලය ජාතික ජනබලවේගය ආසන 9ක් ද විපක්ෂයේ සියලු කණ්ඩායම් ආසන 10ක්ද දිනාගනිමින් විපක්ෂයේ බලය පැවතුණද සභාපතිවරයා තේරීමේ රහස් ඡන්දයේදී ජාතික ජනබලවේගය ජයග්‍රහණය කරමින් කොළොන්න ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

2026 අයවැය අවසන් ලේඛනය ජනාධිපතිගේ නිරීක්ෂණයට

මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ද එම අවස්ථාවට එක් වුණා. වත්මන් ආණ්ඩුවේ දෙවන අයවැය මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර...

මහනුවර, පල්ලෙකැලේ ගිනිපෙට්ටි කම්හලක ගින්නක්

මහනුවර, පල්ලෙකැලේ පිහිටි ගිනිපෙට්ටි කම්හලක ගින්නක් හටගෙන තිබෙනවා.මේ වන විට ගින්න පැතිරෙමින් පවතින බවයි පල්ලේකැලේ පොලිසිය සඳහන් කළේ.ගින්න පාලනය කිරීම සඳහා මහනුවර නගර සභා...

අවියානා සිලෝන් ආරාධනාවකට දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය නළු සරත් කුමාර් ශ්‍රී ලංකාවට

අවියානා සිලෝන් ආරාධනාවකට අනුව දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය නළු සරත් කුමාර් ශ්‍රී ලංකාවටදකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය නළු සරත් කුමාර් අද( 05) දින පෙරවරු 11.05ට...

පාර්ලිමේන්තු සහයෝගීතාව ශක්තිමත් කිරීම ගැන සජිත් ඉන්දීය කථානායකවරයා සමග සාකච්ඡා කරයි

*පාර්ලිමේන්තු සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කර ගෙන විපක්ෂ සජිත් ප්‍රේමදාස මහතා ලෝක් සභා කථානායක ඕම් බිර්ලා මහතා හමුවෙයි*විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ඉන්දීය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img