Wednesday, September 23, 2026
HomeNEWSමාලිමාව බලය ලබාගත් කොලොන්න ප්‍රාදේශීය සභාවේ අයවැය පරාදයි

මාලිමාව බලය ලබාගත් කොලොන්න ප්‍රාදේශීය සභාවේ අයවැය පරාදයි

ජතික ජනබලවේගයේ බලය පවතින කොළොන්න ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය කෙටුම්පත පරාජයට පත්වුණා.අද (06) දා පෙරවරු 10 ට පමණ කොළොන්න ප්‍රාදේශීය සභාවේ මාසික සභාවාරය ආරම්භ කෙරුණේ සභාපති සම්පත් ගුණසිංහගේ ප්‍රධානත්වයෙන්. කොළොන්න ප්‍රාදේශීය සභාවේ ජාතික ජනබලවේගයේ මංගල අයවැය කෙටුම්පත පළමුවර ඉදිරිපත් කිරීම අද පෙරවරුවේදී සිදු කෙරුණා. මේ සදහා අද සවස ඡන්ද විමසීම සිදු කළ අතර එහිදී අයවැය පරාජය කිරීමට විපක්ෂයේ කණ්ඩායම් කටයුතු කළා.ජාතික ජනබලවේගයේ මන්ත්‍රී ආසන 9ක්, සමගි ජනබලවේගයේ ආසන 05ක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන 03ක්,එක්සත් ජාතික පක්ෂයේ ආසන 01ක්, සර්වජන පක්ෂයේ ආසන 01ක්, වශයෙන් කොළොන්න ප්‍රාදේශීය සභාව තේරී පත්ව තිබෙනවා.පසු ගිය පළාත් පාලන මැතිවර‍ණයෙන් කොළොන්න ප්‍රාදේශීය සභාවේ බලය ජාතික ජනබලවේගය ආසන 9ක් ද විපක්ෂයේ සියලු කණ්ඩායම් ආසන 10ක්ද දිනාගනිමින් විපක්ෂයේ බලය පැවතුණද සභාපතිවරයා තේරීමේ රහස් ඡන්දයේදී ජාතික ජනබලවේගය ජයග්‍රහණය කරමින් කොළොන්න ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

22කට එරෙහිව කොළඹදී පන්දම් විරෝධතාවක්

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලිප්ටන් වටරවුමේදී පන්දම් විරෝධතාවයක් පැවැත්විණි. එම විරෝධතාවය සංවිධානය කර තිබුණේ නිදහස්...

පාස්කු ඉරිදා ප්‍රහාරයට වරදකරුවන් වූ 15 දෙනාට එක් අයෙකුට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්

පාස්කු ඉරිදා ප්‍රහාරයට වරදකරුවන් වූ 15 දෙනාට එක් අයෙකුට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්. දඬුවම ක්‍රියාත්මක මොහොතේ සිට නිශ්චල - චංචල දේපළ...

ආණ්ඩුවේ හොරුන්ට එරෙහිව කිසිම නීතියක් නැහැ-නාමල් රාජපක්ෂ

ආණ්ඩුවේ හොරකම් වෙනවා ජනාධිපතිතුමා ඇස්වහගෙන-නාමල් රාජපක්ෂ ඩොලර් බිලියනයක් පන්නනවා, අනේ ජනාධිපතිතුමා ඇස් දෙක වහගෙන. රටේ විරැකියාව වැඩි වෙනවා, ජනාධිපතිතුමා ඇස් දෙක වහගෙන. ගොවියාගේ වී වල,...

අග්‍රාමාත්‍යතුමිය සහ IMF නියෝජිත පිරිස අතර හමුවක්

අග්‍රාමාත්‍යතුමිය සහ IMF නියෝජිත පිරිස අතර හමුවක් ශ්‍රී ලංකාව ආර්ථික ස්ථාවරත්වයෙන් ඔබ්බට ගොස් තිරසර ආර්ථික වර්ධනයක් කරා ගමන් කළ යුතුයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ශ්‍රී ලංකාව සඳහා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img