Tuesday, September 22, 2026
HomeNEWSඋඩ පන්දුවක් රැකගැනීමට ගොස් ක්‍රීඩකයෙකු මරුට

උඩ පන්දුවක් රැකගැනීමට ගොස් ක්‍රීඩකයෙකු මරුට

මිනුවන්ගොඩ, අලුතෑපොල පොදු ක්‍රීඩාංගණයේ අද (09) දින දහවල් 3:00 ට පමණ පැවති සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගයක් අතරතුරදී සිදු වූ අනතුරකින් ක්‍රීඩකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.උඩ පන්දුවක් (Catch) රැක ගැනීමට යාමේදී ක්‍රීඩකයන් දෙදෙනෙකු එකට ගැටීම හේතුවෙන් මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.මෙසේ මියගොස් ඇත්තේ පලුගහවෙල, කටුවැල්ලේගම ප්‍රදේශයේ පදිංචි ඉහලගේ ධනුෂ්ක දේවින්ද පෙරේරා යන අයයි.අනතුරින් පසු ඔහු වහාම මිනුවන්ගොඩ මූලික රෝහල වෙත රැගෙන ගොස් ඇතත්, පසුව ඔහු මියගොස් තිබෙනවා.මේ වනවිට මියගිය පුද්ගලයාගේ දේහය මරණ පරීක්ෂණය සඳහා ගම්පහ රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර, අනෙකුත් ක්‍රීඩකයාට කිසිදු හානියක් සිදුව නොමැති බවයි මිනුවන්ගොඩ පොලිසිය සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නිවයෝක්, බොස්ටන් ඇතුළු ඇමෙරිකානු ගුවන්තොටුපළ රැසක මෙහෙයුම්වලට බාධා

ගුවන් ගමන් පාලන පද්ධති දෝෂයක් නිසා, නිවයෝක්, බොස්ටන් ඇතුළු ඇමෙරිකානු ගුවන්තොටුපළ රැසක මෙහෙයුම්වලට බාධා: විදෙස් මාධ්‍ය.

මස්කෙළිය ගාඩ්මෝර් වතුයායේ විශාල නායයෑමක්

මස්කෙළිය පොලිස් වසමට අයත් ගාඩ්මෝර් ප්‍රදේශයේ ගල් කන්ද පෞද්ගලික වතුයායේ සිදුවූ විශාල නායයෑමක් හේතුවෙන්, ඊට ඉහළින් පිහිටි වතු නිවාස පෙළක පදිංචිකරුවන් වහාම ක්‍රියාත්මක වන...

සජිත් අනෝජන් සමග දුරකථනයෙන් කතාකරයි

සෞදි අරාබියේ දී මරණ දඩුවම නියමවී සිටින ශ්‍රී ලාංකිකයකු වන සිවරාසා අනෝජන්ගේ දෙමාපියන් අද (21) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී තිබෙනවා. ඒ කොළඹ පිහිටි...

ප්‍රබල Dujuan සුළි කුණාටුවෙන් ජපානයට දැඩි බලපෑම්

ජපානයට බලපා ඇති "දුජුආන්" (Dujuan) ප්‍රබල සුළි කුණාටුව සහ එල් නිනෝ තත්ත්වය හේතුවෙන් එරට ජනතාවට දැඩි බලපෑම් එල්ලව තිබේ. සුළි කුණාටුව ටෝකියෝ නගරය ආසන්නයට ගමන්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img