Friday, July 31, 2026
HomeNEWS21 වෙනිදට නුගේගොඩ යනවාද? නැද්ද ?දයාසිරි සජබයෙන් කෙළින්ම අහයි

21 වෙනිදට නුගේගොඩ යනවාද? නැද්ද ?දයාසිරි සජබයෙන් කෙළින්ම අහයි

මේ මස 21 වෙනිදා නුගේගොඩ පැවැත්වෙන මහා ජනහඬ ජනරැළියට යනවාද? නැද්ද ?කියා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සමගි ජන බලවේගයේ ප්‍රධානීන්ගෙන් සෘජුවම විමසා තිබෙන බව වාර්තා වෙනවා.පාර්ලිමේන්තු මන්ත්‍රී භෝජනාගාරයේදී ඊයේ(11) දින දිවා ආහාරය ගනිමින් සිටින අවස්ථාවේදී දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා විසින් මේ කාරණය විමසා ඇති බව සඳහන්. සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, ආචාර්ය හර්ෂ ද සිල්වා, එස්. එම්. මරික්කාර්,රවී කරුණානායක ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් මේ අවස්ථාවේදී දිවා ආහරය ගනිමින් සිට තිබෙනවා.මම සමගි ජන සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. 21 වෙනිදාට මොකද කරන්නේ? මටත් තීරණයක් ගන්න ඕන. මොකද ජනතාව බලාගෙන ඉන්නේ .මේ අවස්ථාවේදී විපක්ෂයේ බෙදීමක් සිදු කරන්න නරකයි. ඒක නිසා 21 වෙනිදාට මොකද කරන්නේ? දැන්මම කියන්න මොකක්ද මේ ගැන වෙන්නේ කියලා .යනුවෙන් දයාසිරි ජයසේකර මෙහිදී රංජිත් මද්දුමබණ්ඩාර බණ්ඩාරගෙන් විමසා ඇති බව වාර්තා වනවා.21 වෙනිදට යන්නේ නැත්නම් ටිරාන් අලස්ගේ සාකච්ඡාවට සජබෙන් යැව්වේ ඇයිද යනුවෙන්ද දයාසිරි විමසා තිබෙන බව සඳහන්.පක්ෂයෙන් අහලා නෙවි ගිහිල්ලා තියෙන්නේ යනුවෙන් රංජිත් මද්දුමබණ්ඩාර ඊට ප්‍රතිචාර දැක්වූ බවද වාර්තාවනවා.මේ ගැන දේශපාලන කළමනාකරණ කමිටුවේදී සාකච්ඡා කරනකොට කවුරුවත් මේකට යන්න කැමති වුණේ නෑ. අඩුම ගානේ මේ සාකච්ඡාවලට ගිය කට්ටියවත් ඒ වෙලාවේ කතා කළේ නැහැ. යනුවෙන් එස්.එම්.මරික්කාර් පෙන්වා දී තිබෙනවා.ඒ වුණාට නුගේගොඩ රැළිය ගැන විපක්ෂය නියෝජනය කරන පක්ෂවල ජනතාව අවදියෙන් ඉන්නේ. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා සහභාගී නොවුණාට කමක් නැහැ. නමුත් අඩුම ගණනේ සජබයෙන් කවුරුහරි යන්න ඕන .නියෝජිතයෙක් ගිහිල්ලා පොඩි කතාවක් හරි කරන්න ඕන. යනුවෙන් දයාසිරි ජයසේකර මෙහිදී ප්‍රකාශ කර තිබෙන බව වාර්තා වනවා.දයාසිරි කියන දේ මට තේරෙනවා.ඔයාගේ කරුණුත් මම පිළිගන්නවා. මේ ගැන හෙට අනිද්දා සජබය සාකච්ඡා කරලා තීරණයක් ගන්නවා .යනුවෙන් රංජිත් මද්දුමබණ්ඩාර ප්‍රකාශ කොට තිබෙන බව සඳහන්.මං කියන්නේ රටේ පවතින තත්ත්වය තේරුම් ගෙන විපක්ෂයේ පොදු වැඩපිළිවෙලක් ගැන හිතලා මේ කාරණයට සහභාගී වුණොත් හොඳයි. අපිට පක්ෂ දේශපාලනයක් කරන්න වෙලාවක් එනවා. නමුත් මේ අවස්ථාවේදී විපක්ෂයේ පොදු කාරණය ගැන අවධානය යොමු කිරීමයි වඩා වැදගත් වෙන්නේ යනුවෙන්ද දයාසිරි ජයසේකර ප්‍රකාශ කොට ඇති බව වාර්තාවනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නාමල්ට උණ

පසුගිය සතියේ නාමල් එක්සත් රාජධානිය බලා පිටත් වීමට සූදානම්ව සිටියේය. ඒ ඔහුගේ ඥාතියකුගේ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වීම සඳහාය මේ සඳහා කෙසේ හො සහභාගී වන ලෙස...

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයට ජනපති එක් වෙයි

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයට ජනපති එක් වෙයි සියලුම ජන කොටස් එකම පුද බිමකට කැඳවන මෙම ඓතිහාසික අවස්ථාව අපේ රටේ ජාතික අනන්‍යතාව...

ජනවරම ලැබුණේ අධිකරණය විධායකයේ අතකොළුවක් කරගන්න නොවෙයි- විපක්ෂ නායක සජිත්

රජයට වරම් ලැබුණේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න මිස ගරු අධිකරණය විධායකයේ අතකොළුවක් කර ගන්න නොවේ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටේ ක්‍රමයේ වෙනසක්...

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම දැනටමත් ප්‍රමාදයි-ජනවරමේ නීතිඥයෝ

ජනවරමේ නීතිඥයෝ සංවිධානයේ මාධ්‍ය හමුව 2026 ජූලි 28ලෝකයේ අනෙක් රටවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම එක්ක බලන විට,ලංකාව දැනටමත් ප්‍රමාදයි…නීතිඥ අකලංක උක්වත්තජනවරමේ නීතිඥයෝ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img