Wednesday, November 25, 2026
HomeNEWSආණ්ඩු විරෝධී රැළියේ අරමුණ රජය ජනතාවට දුන් පොරොන්දු ඉටු කරවා දීමයි.- නාමල්

ආණ්ඩු විරෝධී රැළියේ අරමුණ රජය ජනතාවට දුන් පොරොන්දු ඉටු කරවා දීමයි.- නාමල්

ආණ්ඩු විරෝධී රැළියේ අරමුණ රජය ජනතාවට දුන් පොරොන්දු ඉටු කරවා දීමයි.- නාමල් රාජපක්ෂනොවැම්බර් 21 වනදා නුගේගොඩදී පැවැත්වීමට නියමිත ආණ්ඩු විරෝධී රැලිය, රජය ජනතාවට දුන් පොරොන්දු මතක් කිරීම අරමුණු කරගත් එකක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය. ඔහු මේ බව පැවසුවේ ප මල් පාරේ පිහිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පක්ෂ කාර්යාලයේදී පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසූවේ, විපක්ෂයේ විවිධ පක්ෂ රැසක් දැනටමත් මෙම සාකච්ඡාවලට එක්ව ඇති බවය.අතීතයේදී සාකච්ඡා පැවතියේ පොදුජන පෙරමුණ තුළ පමණක් වූ අතර මේ වනවිට අපවිපක්ෂයේ සියලු පක්ෂ සමග සාකච්ඡා කරන බවද නාමල් රාජපක්ෂ පැවසීය.තවද, එම රැලිය ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට බල කිරීම අරමුණු කරගත් බවත්, “රජයේ ප්‍රතිපත්ති නිසා බලපෑමට ලක්වූ බොහෝ දෙනාත් මෙම රැලියට එක්වනු ඇතැයි නාමල් රාජපක්ෂ සඳහන් කළේය.ඒ අනුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය සහ තවත් පක්ෂ රැසක් රැලියට එක්වීමට එකඟ වී ඇති අතර, තවත් පක්ෂවල සහභාගීත්වය ඔවුන්ගේ අභ්‍යන්තර සාකච්ඡා නිමා වූ පසු තීරණය කරනු ඇති බවත් නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මනමේ සහ සිංහබාහු රනිල්ගේ ගෙදරට

මහාචාර්ය එදිරවීර සරත්චන්ද්‍රයන්ගේ මනමේ සහ සිංහබාහුු නාට්‍ය කණ්ඩායම් අද(24) දින හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට පැමිණ තිබේ. ලලිතා සරත්චන්ද්‍ර මහත්මියත්...

අයවැයෙන් වෙන් කරපු මුදලවත් වියදම් කරගන්න බැරුව ආණ්ඩුවට රට සංවර්ධනය කරන්නේ කොහොමද? ඒකාබද්ධ විපක්ෂය

කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ අද (24) පැවැති ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය සාකච්ඡාවේදී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා දැක්වූ අදහස් අද අපේ රටේ තිබෙන ප්‍රධාන...

මීතොටමුල්ල, ඉන්ධන නල පද්ධති මත ඉදිකර ඇති නිවාස සහ ඉදිකිරීම් ආරක්ෂිත ස්ථානවලට

මීතොටමුල්ල, ඉන්ධන නල පද්ධති මත ඉදිකර ඇති නිවාස සහ ඉදිකිරීම් ඉවත්කර ජනතාවට ආරක්ෂිත වාසස්ථාන ලබාදීමට විශේෂ ව්‍යාපෘතියක්......! කොලොන්නාව මැතිවරණ කොට්ඨාසයේ දහම්පුර සහ කුරුණියාවත්ත ග්‍රාම නිලධාරි...

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ ඉන්ධන ප්‍රවාහන නෞකා 03 ක් නාවික බෝම්බවල ගැටෙයි

නීති උල්ලංඝනය කරමින් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ ඉන්ධන ප්‍රවාහන නෞකා 03 ක් නාවික බෝම්බවල ගැටී ඇති බව ඉරානය පවසයි.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img