Friday, May 22, 2026
HomeNEWSඇමරිකාව සමග නටන නාඩගම වහාම හෙළි කරන්න -ජන අරගල ව්‍යාපාරය

ඇමරිකාව සමග නටන නාඩගම වහාම හෙළි කරන්න -ජන අරගල ව්‍යාපාරය

ආණ්ඩුව ඊයේ දවසේදී ඇමරිකාව සමග අත්සන් කළ ආරක්ෂක ගිවිසුමේ අවධානම සම්බන්ධයෙන් ජන අරගල ව්‍යාපාරයේ ජාතික විධායක සභික වසන්ත මුදලිගේ අද ( 2025. 11. 15 ) දින නුගේගොඩදී මාධ්‍යය හමුවේ අදහස් දක්වන ලදී. ” දැන් මේ ආණ්ඩුව බලයට ඇවිත් අවුරුද්දක කාලයක් වෙනවා. මේ කාලේ ඇතුළත විවිධ රටවල් එක්ක ආණ්ඩුව ගිවිසුම් අත්සන් කළා. හැබැයි ප්‍රශ්නෙ තියෙන්නේ ඒ ගිවිසුම් ගැන කිසිවක් ජනතාවට කියන්නේ නැහැ. පසුගිය අප්‍රේල් 8 වෙනිදා ඉන්දියාව එක්ක අත්සන් කළා ගිවිසුම් 7ක් අදටත් ඒ ගිවිසුම් අබිරහසක්. ඒ වගේම තමයි පසුගිය දවසක ජනතාවගෙන් හංගලා ජපානයත් එක්කත් ආරක්ෂක ගිවිසුමකට එළඹුනා. දැන් මේ ගිවිසුම් එකක්වත් ජනතාවට හෙළි නොකරන ගමන් ඔන්න ආණ්ඩුව ඊයෙ දවසේ තව නාඩගම් නටලා. ඒ තමයි ඇමරිකාව එක්කත් යුධ ආරක්ෂක අවබෝධතා ගිවිසුමක් ආණ්ඩුව අත්සන් කරලා. ලංකාව පැත්තෙන් මේකට සම්බන්ධ වුනේ ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා ඇතුළු පිරිසක්. ඒ වගේම ඇමරිකාව පැත්තෙන් ජුලී චං ඇතුළු නිලධාරීන් පිරිසක් සම්බන්ධ වෙලා තියනවා.අපිට තියන ප්‍රශ්නේ තමයි ආණ්ඩුව මේ විදිහට අත්සන් කරන ගිවිසුම් ජනතාව දැනගන්න ඕන නැද්ද කියන එක. මොකද රටේ සමුද්‍රීය ආරක්ෂාව, යුධ භාණ්ඩ හුවමාරුව, භූ දේශපානලන මැදිහත් වීම් මේ සියල්ල මේ ගිවිසුම් එක්ක සම්බන්ධයි. මේ ආණ්ඩුව බලයට එන්න කලින් විපක්ෂෙ ඉන්න කාලේ මේ වගේ දේවල් වෙනකොට අපි දැක්කා හන්දි ගානේ නටනවා. ගිවිසුම් හෙළිකරන්න කිය කියා. එහෙම කියලා බලයට ආව ආණ්ඩුව දැන් ඇමරිකාව, ඉන්දියාව, ජපානය මේ ඔක්කොම රටවල් එක්ක හිතුණ හිතුණ වෙලාවට ගිවිසුම් ගහනවා. අපි කියනවා මේක ප්‍රජාතන්ත්‍රවාදය නෙවෙයි. ඇමරිකාවට ඉන්දියාව තියනවා භූ දේශපානලන අරමුණු. ඒ දේශපානලන අරමුණුවල ඉත්තෙක් වෙන්නද ආණ්ඩුව මේ සූදානම් වෙන්නේ ? මේ රටේ ජනතාව එහෙම දේකට ආණ්ඩුවට බලය දුන්නේ නැහෑ. මෙතන තියනවා තවත් බරපතළ කාරණාවක්. ඒ තමයි ආණ්ඩුව මේ යුධ ගිවිසුම්වලට එළඹුණ ඇමරිකාව, ඉන්දියාව සහ ජපානය කියන්නේ කව්ඩ් සම්මුතියට අයිති රටවල්. සරළවම ක්වඩ් එක හඳුන්වන්නේ ආසියානු කලාපයේ නේටෝව විදිහට. ඒ නිසා මෙතන පැහැදිලිවම පේනවා මේ ආණ්ඩුව ඇමරිකන් හිතවාදී කඳවුරට පක්ෂපාතී ගමනක් යමින් ඉන්න බව. දේශපානලනේදි යම් මතයක් ආණ්ඩුවලට තියෙන්න පුලුවන්. හැබැයි එහෙම කියලා රටේ ආරාක්ෂාව තුට්ටු දෙකට ඇදලා දාලා කටයුතු කරන්න අයිතියක් නැහැ. ඒ නිසා අපි ආණ්ඩුවට වහාම කියනවා දැන්වත් මේ යමින් ඉන්න පාර මොකක් ද කියලා ජනතාවට කියන්න. ඒ වගේම තමයි ජනතා අනුමැතියකින් තොරව ඉන්දියාව එක්ක ඇමරිකාව එක්ක වගේම ජපානය එක්ක අත්සන් කරපු ද්‍රෝහී ගිවිසුම් වහාම හකුළාගන්න කියලා අපි මේ වෙලාවේ ආණ්ඩුවට මතක් කරනවා. එහෙම නොවුනොත් ඉදිරියේදී මේ ජනතාද්‍රෝහී වැඩපිළිවෙළ පරාජයට පත් කරන්න ජනතාව සංවිධානය කරන්න අපි පසුබට වෙන්නේ නැහැ කියන කාරණයත් මේ වෙලාවේ මතක් කරන්න ඕන. “

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව හැම පොරොන්දුවකටම ලෝක තත්වය ගැන සඳහන් කළ යුතුයි- සුජීව

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ වර්තමාන මාලිමා ආණ්ඩුව ඉදිරියේදී පොරොන්දු දෙනවා නම් ලෝක තත්ත්වයන් හමුවේ වෙනස් විය හැකි බව යනුවෙන් සඳහන් කරමින් ජනතාවට පොරොන්දු ලබා...

සීනි මිලෙහි වැඩිවීමක්!

‍සීනි අපනයනය අත්හිටුවීමට ඉන්දියාව ගෙන ඇති තීරණය හේතුවෙන් වෙනත් රටවලින් සීනි ආනයනය කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි. එහි...

ආනයනය කරනු ලබන වාහන සඳහා 50%ක අධිභාරයක්

ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ...

ඩොලරයේ විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 331අභිබවයි

මහ බැංකුව විසින් අද (15) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 323.53ක් ලෙස සටහන් වී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img