නොවැම්බර් 21 නුගේගොඩ දී පැවැත්වීමට නියමිත විපක්ෂයේ “මාහා ජන රැළිය” පිළිබදව ජනතාව දැණුවත් කිරීම පසුගිය දිනවල කලුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කීපයක පවත්වා තිබෙනවා. ඒ පොහොට්ටුවේ කලුතර දිස්ත්‍රික් නායක සංජීව එදිරිමාන්නගේ මෙහෙයවීමෙන්. පසුගිය දිනවල කලුතර,අගලවත්ත ,පාලින්දනුවර ,දොඩංගොඩ සහ වලල්ලාවිට ප්‍රාදේශීය සභා බලප්‍රදේශ වල මෙම පූර්ව සංවිධාන සාකච්ඡා පවත්වා තිබේ.කලුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් වර්ණකුමාර ඇතුලු පොහොට්ටුවෙ ආසන ප්‍රධානීන් ද මේ අවස්ථාවට එක්ව තිබේ.






















