Thursday, July 30, 2026
HomeNEWSරටට වාසි අවබෝධතා ගිවිසුම් 70 ක් අත්සන්කර ඇති බව ඇමති විජිත පාර්ලිමේන්තුවේදී...

රටට වාසි අවබෝධතා ගිවිසුම් 70 ක් අත්සන්කර ඇති බව ඇමති විජිත පාර්ලිමේන්තුවේදී කියයි.

වසරක් වැනි කෙටි කාලයක් තුළදී ලෝකයේ සියළුම කලාපවල රටවල් නියෝජනයවන ආකාරයෙන් රටවල් සමග රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් අවබෝධතා ගිවිසුම් 70ක් පමණ අත්සන් කිරීමට හැකිවූ බව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් අද(17) දින පාරිලිමේන්තුවේදී ප්‍රකාශ කළා.අමාත්‍යවරයා මේබව සඳහන් කළේ 2026 විසර්ජන පනත් කෙටුම්පතේ කාරකසභාවේ විවාදයට එක්වෙමින්.එම විවාදයේදී වැඩිදුරටත් අදහස් දැක්වූ විජිත හේරත් අමාත්‍යවරයා මෙසේද පැවසුවා.මෙම අවබෝධතා ගිවිසුම් 70 අත්සන් කළේ ආර්ථික, ආයෝජන, දේශපාලන, සංචාරක ඇතුළු රටට ඉතා වැදගත්වන අංශ සම්බන්ධයෙන්. මීට අමතරව විදේශ සමාගම් 150ක් සමග අළුත් ආයෝජන අවස්ථාවලට ඉඩ සලසා තිබෙනවා.ඊට අමතරව පසුගිය වසර තුළදී පමණක් විදෙස් ආයෝජන සමාගම් 2000ක් දැනුවත්කර තිබෙනවා. එමගින් රටතුළ ආයෝජන ඇති කිරීම සඳහා අඩිතාලම සකස්කර තිබෙනවා.මීට අමතරව ණය ප්‍රතිව්‍යුහගතකිරීම සම්බන්ධයෙන්ද විදේශකටයුතු අමාත්‍යංශය විශාල මැදිහත්වීමක් කළා.ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 44% ක බද්දක් පැනවූ අවස්ථාවේදී එය 20% දක්වා අඩුකිරීමට මුදල් අමාත්‍යංශය, විදේශකටයුතු අමාත්‍යංශය ඇතුළු අදාල අංශ විශාල මැදිහත්වීමක් කළා. සමහර ආහාර ද්‍රව්‍ය සඳහා බද්දක් අය නොකරන තත්ත්වයකට ගේන්න හැකිවෙලා තියෙනවා. වෙනත් රටවලට සාපේක්ෂව තීරුබද්ද අඩුකරගැනීම සඳහා අපේ රටට හැකිවීම ජයග්‍රහණයක්.ඒ සඳහා සාකච්ඡාවට 17ක් අපි පවත්වලා තියෙනවා.ඊට අමතරව වසර ගණනාවකට පසු රටවල් කිහිපයක් සමග නව රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇතිකර ගැනීමට පසුගිය වසර තුළදී අපි සමත්වුණා.එසේ නවසීලන්තය සමග රාජතාන්ත්‍රික සබඳතා ඇතිකරගෙන තිබෙනවා. චීනයේ චෙන්නු ප්‍රදේශයේ නව කොන්සල් ජෙනරාල් කාර්යාලයක් ආරම්භ කිරීමට ලඟදීම කටයුතු කරනවා.ගෙවීගිය වසර තුළ දී පමණක් රාජ්‍ය නායකයින් ඇතුළු රටවල්වල ප්‍රධානීන් 20ක් මෙරටට පැමිණිම විශේෂත්වයක්.ආර්ථික වශයෙන්ද රට ශක්තිමත් කිරීමට අදාළ ක්‍රියාමාර්ග රැසක් සඳහා මැදිහත්වීමටද විදේශකටයුතු අමාත්‍යංශය දායකවී තිබෙනවා. ඊට අමතව විදේශ රැකියා මෙරටට ලබාගැනීමටත් මෙරට සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයකර සංචාරක කර්මාන්තය ශක්තිමත් කිරීමටද අප අමාත්‍යංශයට වසරක් වැනි කෙටි කාලයක් තුළදී හැකිවී තිබෙන බවද විජිත හේරත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජනවරම ලැබුණේ අධිකරණය විධායකයේ අතකොළුවක් කරගන්න නොවෙයි- විපක්ෂ නායක සජිත්

රජයට වරම් ලැබුණේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න මිස ගරු අධිකරණය විධායකයේ අතකොළුවක් කර ගන්න නොවේ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටේ ක්‍රමයේ වෙනසක්...

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම දැනටමත් ප්‍රමාදයි-ජනවරමේ නීතිඥයෝ

ජනවරමේ නීතිඥයෝ සංවිධානයේ මාධ්‍ය හමුව 2026 ජූලි 28ලෝකයේ අනෙක් රටවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම එක්ක බලන විට,ලංකාව දැනටමත් ප්‍රමාදයි…නීතිඥ අකලංක උක්වත්තජනවරමේ නීතිඥයෝ...

අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට විරුද්ධව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඒකමතිකව යෝජනාවක් සම්මත කරගනී

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ආණ්ඩුවේ අදූරදර්ශී යෝජනාවට නීති ක්ෂේත්‍රයේ සියලුදෙනා විරුද්ධ බව නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා පවසයි. අද (29) උදෑසන 11 පමණ...

ගොවි සංවිධානවල ඉල්ලීමට අනුව සාධාරණ සහතික වී මිලක් ලබා දී තිබෙනවා- ඇමති ලාල්කාන්ත

ගොවිජන ජීවිත නගාසිටුවීමට සහ ජාතික ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් රජය කැපවී සිටිනවා– අනුරාධපුරයේ පැවැති විශේෂ ගොවි හමුවේදී කෘෂිකර්ම පශුසම්පත් ඉඩම් හා වාර්මාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල් කාන්ත...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img