Friday, July 31, 2026
HomeNEWSමාලිමා පාපිසි 159 දෙනා හානවා හෑමක් ලොවෙත් නැති වෙන්න

මාලිමා පාපිසි 159 දෙනා හානවා හෑමක් ලොවෙත් නැති වෙන්න

මාලිමා පාපිසි 159 දෙනා හානවා හෑමක් ලොවෙත් නැති වෙන්න යනුවෙන් අද(19) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා විසිනි. 21 වෙනිදා නුගේගොඩ පැවැත්වෙන රැළිය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා විපක්ෂයේ පක්ෂ රැසක නියෝජිතයින් සහභාගි වූ මෙම මාධ්‍ය හමුවේදී විරුද්ධ පක්ෂයේ පක්ෂ නායකින් රැසක්ම අදහස් පළ කරන ලදී. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුගීෂ්වර බණ්ඩාර මහතා මෙසේද පැවසීය.

මේ මාලිමාවෙන් පාර්ලිමේන්තුවට පැමිණි පාපිසි 159 දෙනා හානවා හෑමක් ලොවෙත් නැති වෙන්න . ඒ නිසා මාසෙට සැරයක් පාර්ලිමේන්තුවට ඇවිල්ලා රෙදි හෝදපු ජනාධිපතිවරයාට දැන් සතියකට සැරයක් පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ රෙදි ටික අපුල්ලන්න වෙලා තියෙනවා. නමුත් මේ හාන හෑමේ හැටියට සතියකට සැරයක් නෙමේ දවස ගානේ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ගියත් මේ රෙදිටික හෝදලා ඉවර කරන්න බෑ. මේ ජනාධිපතිතුමා ඉතාහාස ගත වෙනවා වැඩිම වාර ගණනක් පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපතිවරයා ලෙස. ඒ නිසා වැඩි දවසක් යන්න කලින් සුනිල් හදුන්නෙත්ති ඇමතිතුමා ලග තියෙන ගිනස් වාර්ථාවයි නොබෙල් වාර්ථාවයි දෙකම ජනාධිපතිතුමා අතට පත්වෙනවා. මාලිමාවේ පාපිසි ටික හරියට හැසිරෙන්නේ ගාල කඩාගත්ත හරක් ටික වගේ. ඔවුන් දැඩි මානසික ආතතියකට පත් වෙලා තියෙනවා මේ රැස්විම පවත්වන්නත් කලින්. කස කරුවන් දැකලා මෙතරම් ආතතියක් හැදිලානම් මහා පෙරහැර දැක්කම හොද කරන්න බැරි පිස්සුවක් බවට මොවුන්ගේ ආතතිය පත් වෙනවා. මාලිමාවේ නායකයා අයවැය කතාවේත්, විරුවෝ සමරද්දිත් ඊයේ පාර්ලිමේන්තුවේ දීත් මේ තකා කරන්නේ රැස්වීම ගැන. ඊළගට හෙට දවසේ මේ රැස්වීමට අභියෝග කරන්න කුඩු රැස්වීමක් සුදානම් කරලා තියෙනවා තංගල්ලේ දී. ත්‍රිකුණාමල බුදු පිළිම සිද්ධිය ගත්තේ ජාතිවාදය අවුස්සන්න මේ රැස්වීම කඩාකප්පල් කරන්නම. බලන් යනකොට මේ ආණ්ඩුවේ සියලුම කඩාකප්පල් ක්‍රියාකාරකම් අපි ඒකාබද්ධව පරාජය කරගා තියෙනවා. මේ මාලිමා ආණ්ඩුවේ පිරිස උත්සහා කරන්නේ කෘතිම වැස්සක් වස්සලා හරි මේ රැසවිම කඩාකප්පල් කරන්නය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නාමල්ට උණ

පසුගිය සතියේ නාමල් එක්සත් රාජධානිය බලා පිටත් වීමට සූදානම්ව සිටියේය. ඒ ඔහුගේ ඥාතියකුගේ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වීම සඳහාය මේ සඳහා කෙසේ හො සහභාගී වන ලෙස...

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයට ජනපති එක් වෙයි

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයට ජනපති එක් වෙයි සියලුම ජන කොටස් එකම පුද බිමකට කැඳවන මෙම ඓතිහාසික අවස්ථාව අපේ රටේ ජාතික අනන්‍යතාව...

ජනවරම ලැබුණේ අධිකරණය විධායකයේ අතකොළුවක් කරගන්න නොවෙයි- විපක්ෂ නායක සජිත්

රජයට වරම් ලැබුණේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න මිස ගරු අධිකරණය විධායකයේ අතකොළුවක් කර ගන්න නොවේ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටේ ක්‍රමයේ වෙනසක්...

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම දැනටමත් ප්‍රමාදයි-ජනවරමේ නීතිඥයෝ

ජනවරමේ නීතිඥයෝ සංවිධානයේ මාධ්‍ය හමුව 2026 ජූලි 28ලෝකයේ අනෙක් රටවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම එක්ක බලන විට,ලංකාව දැනටමත් ප්‍රමාදයි…නීතිඥ අකලංක උක්වත්තජනවරමේ නීතිඥයෝ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img