මාලිමාවේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ෆයිසාල් තමා මරාදමන බවට තර්ජනය කළ බව යාපනය දිස්ත්‍රික්කයේ ස්වාධීන කණ්ඩායම් අංක 17 පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා අද (21) දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.27(02) යටතේ තමා අද දින පාර්ලිමේන්තුවේදී පුත්තලම රෝහල සම්බන්ධයෙන් ප්‍රශ්නයක් සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් විමසා සිටි බවත් ඒ සම්බන්ධයෙන් උරණවූ මේ මන්ත්‍රිවරයා තමාට මරණ තර්ජන එල්ල කළ බවද රාමනාදන් අර්චුනා මන්ත්‍රිවරයා පෙන්වා දුන්නා.මේ අවස්ථාවේදී කතානායකවරයා එය රීති ප්‍රශ්නයක් නොවන බව සඳහන් කළා.ඒ සමගම නැගී සිටි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ විපක්ෂයේ මන්ත්‍රිවරුන් දැඩිව කියා සිටියේ මරණ තර්ජනයක් එල්ලවීම බරපතල තත්ත්වයක් බවත් ඒ නිසා අර්චුනා මන්ත්‍රිවරයාට එය මතුකිරීම සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙසයි.ඉන් අනතුරුව කතානායක ජගත් වික්‍රමරත්න එම ප්‍රශ්නය මතුකිරීමට අවස්ථාව ලබාදුන්නා. ඉන් අනතුරුව තමාට එල්ලවූ මරණ තර්ජනය සම්බන්ධයෙන් රාමනාදන් අර්චුනා මන්ත්‍රිවරයා මෙසේ පැවසුවා.ගරු කතානායකතුමනි මම පුත්තලම රෝහල ගැන ප්‍රශ්නය විමසූ අවස්ථාවේදී මේ ෆයිසාල් මන්ත්‍රිවරයාට කේන්ති ගියා. පුත්තලම රෝහල සංවර්ධනය කරන්න ඕන කියලා මම පැවසුවාම ඔහු පැවසුවේ රෝහලේ බෝඩ් එක වෙනස් කළාම ඇති කියලා.ඉන් අනතුරුව මම පාර්ලිමේන්තුවේ මන්ත්‍රී භෝජනාගාරයට යන්න හදනකොට එතනට ඇතුල්වෙන තැන මාලිමාවේ මන්ත්‍රිවරුන් හතරදෙනෙකු හිටියා. එහිදී ෆයිසාල් මන්ත්‍රිවරයා මට කිව්වා වැඩිය සෙල්ලම් දාන්න ආවොත් මාව මරාදානවා කියලා. පුත්තලමට එන්න එපා කියලත් කිව්වා. මට මේ එල්ල කරපු මරණීය තර්ජනය ගැන වහාම පරීක්ෂණයක් කරන්න. එම ස්ථානයේ තිබෙන CCTV කමරාවල දර්ශනත් ඒ සඳහා යොදාගන්න පුළුවන්. යනුවෙන්ද රාමනාදන් අර්චුනා මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.මෙම කාරණය ලිඛිතව ලබාදෙන ලෙස කතානායකවරයා රාමනාදන් අර්චුනා මන්ත්‍රිවරයාට දැනුම්දුන්නා.






















