Tuesday, July 28, 2026
HomeNEWSජීවන් තොණ්ඩමන්ගේ විවාහ උත්සවය අද ඉන්දියාවේදී

ජීවන් තොණ්ඩමන්ගේ විවාහ උත්සවය අද ඉන්දියාවේදී

ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් ගේ විවාහ උත්සවය අද (23) ඉන්දියාවේදී පැවැත්වෙනවා.ඒ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ තිරුපතූර් නගරයේ පිහිටි ප්‍රධාන පෙළේ උත්සව ශාලාවක සහ හින්දු කෝවිලකදීයී.මන්ත්‍රීවරයා විවාහ ගිවිස ගන්නේ ඉන්දියානු වෛද්‍යවරියක වන සීතායි ශ්‍රී නාච්චියාර් සමගයි.ඇය තමිල්නාඩු ප්‍රාන්තයේ හිටපු නියෝජ්‍ය කථානායක වී.පී. දුරෙයිසාමි ගේ දියණියක්.මෙම විවාහ උත්සවයට හිටපු ජනාධිපතිවරුන් වන රනිල් වික්‍රමසිංහ සහ මහින්ද රාජපක්ෂ ඇතුළු මෙරට සීමිත දේශපාලනඥයින් පිරිසකට ආරාධනා කර තිබෙනවා.ජීවන් තොණ්ඩමන්, වතුකරයේ නායකයෙකු වූ සෞම්‍යමූර්ති තොණ්ඩමන්ගේ මුණුපුරා වන අතර, ලංකා කම්කරු කොංග්‍රසයේ නායකයෙකු ලෙස කටයුතු කළ දිවංගත ආරුමුගන් තොණ්ඩමන්ගේ එකම පුත්‍රයායි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජපානයේ ප්‍රභල භූ කම්පනයක්..පිරිසක් සිරවෙති

නිරතදිග ජපානයේ හටගත් ප්‍රභල භූ කම්පනයකින් ගොඩනැගිලි කිහිපයක් කඩා වැටී ඇති අතර කඩා වැටුනු සාප්පු සංකීර්ණයක කොටසක පිරිසක් සිරවී සිටින බවට වාර්තා වේ. භූ කම්පනයෙන්...

ඇමති විජිත පිලිපීනයේ PHIVIDEC කාර්මික භූමිය නිරීක්ෂණයක

අමාත්‍ය විජිත හේරත් පිලිපීනයේ PHIVIDEC කාර්මික භූමිය නිරීක්ෂණය කරයි.Tagoloan නගරාධිපතිනියගෙන් ශ්‍රී ලංකා නියෝජිත පිරිසට විශේෂ ස්තූතියක්​පිලිපීනයේ 'PHIVIDEC කාර්මික භූමිය' (PHIVIDEC Industrial Estate) හි ස්ථාපිත...

චමින්ද විජේසිරි රටක් වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී නොබියව හඬක් නැගුවා-විපක්ෂ නායක සජිත්

චමින්ද විජේසිරි මහතා සම්බන්ධයෙන් ඉදිරි නීති ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නඩු තීන්දුවෙන් පසුව පැවසීය.එම නඩු තීන්දුවෙන් පසු බදුල්ල මහාධිකරණයෙන් පිටතට...

ශ්‍රේෂ්ඨාධිකරණය තමන්ගේ ග්‍රහණයට නතුකර ගැනීමට කටයුතු කරන බවට ඒකාබද්ධ විපක්ෂයෙන් ආණ්ඩුවට චෝදනා

කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ අද (28) පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා දැක්වූ අදහස් ඒ කාලයේ පවා බ්‍රිතාන්‍ය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img