Tuesday, July 28, 2026
HomeNEWSඅවියානා සිලොන් හි සිට ඉන්දීය ජනප්‍රිය නළු සරත් කුමාර් ලෝකයටම පණිවිඩයක් දෙයි

අවියානා සිලොන් හි සිට ඉන්දීය ජනප්‍රිය නළු සරත් කුමාර් ලෝකයටම පණිවිඩයක් දෙයි

ශ්‍රී ලංකාව මේ වනවිට ආර්ථික වශයෙන් ස්ථාවර ගමනක යමින් සිටින බවත් ඒ සඳහා සංචාරක ක්ෂේත්‍රයෙන් විශාල පිටු බලයක් ලැබෙමින් තිබෙන බවත් දකුණු ඉන්දීය ජනප්‍රිය නළු සරත් කුමාර් මහතා පවසයි. සංචාරක ආකර්ෂණය දිනාගත හැකි අති සුන්දර ස්ථාන වලින් පිරි ශ්‍රී ලාංකාවේ ජනතාවගේ ආගන්තුක සත්කාර සේවය ඉතා ඉහළ මට්ටමක පවතින බවද ඒ මහතා කීය.මෙරට ප්‍රථම තරු 7 හෝටලය වන අවියානා සිලෝන් හි සභාපති ආචාර්ය තිසර හේවාවසම් මහතාගේ ආරාධනාවකට අනුව ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා සිව් දින සංචාරයකට පැමිණි සරත් කුමාර් මහතා මැද දුම්බර උඩිස්පත්තුවේ පිහිටි අවියානා සිලෝන් රිසෝට් පරිශ්‍රයේ සංචාරය කිරීමෙන් අනතුරුව මේ බව ප්‍රකාශ කළේය. පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්ත ක්ෂේත්‍රයේ විශාල දියුණුවක් සිදුව තිබෙන බවත් ස්වභාවික පරිසරය හා බද්ධව ඉදිකර තිබෙන හෝටල් කෙරෙහි අද වනවිට සංචාරකයින්ගේ වැඩි ආකාර්ෂණයක් දක්නට ලැබෙන බවත් සරත් කුමාර් මහතා කීවේය. දශක දෙක තුනකට පෙර ලෝකයේ පැවැති තත්ත්වය වෙනස්ව ගොස් මේ වනවිට වැඩි පිරිසක් රට රටවල සංචාරය කරන්නට පෙළඹී සිටින බවත් ඔවුන් ගේ ආකාර්ෂණය දිනාගත් ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවට ඉදිරියට එමින් තිබෙන බවත් හෙතෙම අවධාරණය කළේය.අවියානා ව්‍යාපෘතිය ඉතා හොඳ කාලීන සංකල්පයක් මත බිහිවූවක් බවත් එය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ දියුණුව උදෙසා ධනාත්මක බලපෑමක් එල්ල කරනු ඇති බවත් සරත් කුමාර් මහතා කීවේය. රටක සංචාරක කර්මාන්තය දියුණු කිරීම උදෙසා මේ ආකාර දැවැන්ත ව්‍යාපෘති අවශ්‍යය බව ද ඒ මහතා පැවසුවේය. තම බිරිඳ මෙන්ම මවද ශ්‍රී ලාංකිකයින් බවත් මේ නිසා තමන්ට ශ්‍රී ලංකාව සමඟ විශාල බැඳීමක් පවතින බවත් කී සරත් කුමාර් මහතා ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රගමනය සඳහා තම උපරිම දායකත්වය ලබාදෙන බව ද ප්‍රකාශ කළේය. අවියානා සිලෝන් රිසෝට්, ප්‍රයිවට් චැලේට්ස් සහ ආශ්‍රම් (Aviyana Ceylon Resort – Private Chalets & Ashrams) හි සභාපති ආචාර්ය තිසර හේවාවසම් මහතා කතා කරමින් මෙරට පළමු තරු 7 හෝටලය ලබන වසරේ මැයි මස විවෘත කිරීමට සැළසුම් කර තිබෙන්නේ යැයි පැවසුවේය. පිරිසිදු වාතය, පිරිසිදු ජලය හා රමණීය පරිසරයකින් සමන්විත අවියානා සිලෝන් හෝටල් පරිශ්‍රයට බදුල්ල, නුවරඑළිය, රත්නපුර, මහනුවර හා මාතලේ යන දිස්ත්‍රික්ක පහ දර්ශනය වන බවත් කඳු නැගීම්, පැරා ග්ලයිඩින් (පැරෂුට්), ජොගිං, ඇතුළු ක්‍රියාකාරකම් රැසක් අත්විඳීමේ අවස්ථාව පාරිභෝගිකයින්ට ලැබෙන බවත් ඒ මහතා කීවේය.හෝටලයේ ඉදි කිරීම් 2019 වසරේ ආරම්භ කිරීමෙන් පසු පාස්කු ප්‍රහාරය, කොවිඩ් වසංගතය වැනි සිදුවීම් නිසා විශාල බාධක ඇති වූ බවත් ඒ සියල්ලට මුහුණ දෙමින් මේ වනවිට හෝටලයේ ඉදි කිරීමේ අවසාන මට්ටම දක්වා ලඟා වෙමින් තිබෙන බවත් හේවාවසම් මහතා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් අතරින් බහුතරය ඉන්දියානුවන් බවත් සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සඳහා දෙරටේම ආදාරය දිනූ දකුණු ඉන්දීය නළු සරත් කුමාර් ගෙන්වා ගැනීමට කටයුතු කළේ ඒ නිසා බවත් සභාපතිවරයා පැවසුවේය. මේ වනවිට රට හොඳ තත්ත්වයකට පත්ව තිබෙන බැවින් හොඳම දේ රටට ලබා දීමට සුදුසුම වේලාව මෙය බව ද හෙතෙම කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඇමති විජිත පිලිපීනයේ PHIVIDEC කාර්මික භූමිය නිරීක්ෂණයක

අමාත්‍ය විජිත හේරත් පිලිපීනයේ PHIVIDEC කාර්මික භූමිය නිරීක්ෂණය කරයි.Tagoloan නගරාධිපතිනියගෙන් ශ්‍රී ලංකා නියෝජිත පිරිසට විශේෂ ස්තූතියක්​පිලිපීනයේ 'PHIVIDEC කාර්මික භූමිය' (PHIVIDEC Industrial Estate) හි ස්ථාපිත...

චමින්ද විජේසිරි රටක් වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී නොබියව හඬක් නැගුවා-විපක්ෂ නායක සජිත්

චමින්ද විජේසිරි මහතා සම්බන්ධයෙන් ඉදිරි නීති ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නඩු තීන්දුවෙන් පසුව පැවසීය.එම නඩු තීන්දුවෙන් පසු බදුල්ල මහාධිකරණයෙන් පිටතට...

ශ්‍රේෂ්ඨාධිකරණය තමන්ගේ ග්‍රහණයට නතුකර ගැනීමට කටයුතු කරන බවට ඒකාබද්ධ විපක්ෂයෙන් ආණ්ඩුවට චෝදනා

කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ අද (28) පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා දැක්වූ අදහස් ඒ කාලයේ පවා බ්‍රිතාන්‍ය...

සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිර දඬුවමක්

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය එල්ලකිරීමේ චෝදනාවලට වරදකරු වූ සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාට වසර එක හමාරක සිරදඬුවමක්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img