හිටපු අමාත්‍ය සී. බී. රත්නායක මහතාව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.එම කොමිෂන් සභාව විසින් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශ ලබා ගැනීම සඳහා ඔහුව අද (02) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවා තිබුණි.සී.බී රත්නායක හිටපු අමාත්‍යවරයා උපයා ගත් වත්කම් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහු කැඳවා ඇති බව අල්ලස් කොමිසමේ ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් වාර්තා වේ.






















