Friday, July 24, 2026
HomeNEWSජන ජීවිතය විහිළුවට නොගන්නා ලෙස සජිත් ආණ්ඩුවට කියයි

ජන ජීවිතය විහිළුවට නොගන්නා ලෙස සජිත් ආණ්ඩුවට කියයි

*අනේ Please කියා ජන ජීවිත විහිලුවට නොගෙන දැන්වත් සැබෑ යථාර්ථය තේරුම් ගන්න – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා*මේ ආපදා තත්ත්වය නිසා විනාශ වූ ජන ජීවිත සහ ව්‍යාපාර නැවත සවිබල ගන්වන තුරු 2028 ණය ගෙවීම කල් දමා ගන්නා ලෙසත් පවතින IMF ගිවිසුම වෙනස් කර ගන්නා ලෙසත් කියු කතාව ජනාධිපතිවරයාට විහිලුවක් වූවාට එය සැබෑ යථාර්ථය බවත් ජනාධිපතිවරයා ‘අනේ Please’ යැයි නොකියා මේ අවස්ථාවේ සිදු කළ යුත්තේ IMF එක සහ ලෝකයේ රටවල් සහ මූල්‍ය ආයතන සමඟ සාකච්ඡා කර ණය ගෙවීමට සහන ලබා ගැනීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.එසේම මේ තත්ත්වය තුළ 2028 විදේශ ණය ගෙවනවා කියන එක යථාර්ථවාදී නොවන බවට IMF එකට පෙන්විය යුතු බවත් මේවා තමා කියන්නේ කුණාටුවට පෙර සිට බවත් රජය අනේ Please කියමින් මේ කරන්නේ මිනිස් ජීවිත සමඟ විහිලු කිරීම බවත් මිනිස් ජිවිත සමඟ දැන්වත් විහිලු නොකර සැබැ යථාර්ථය හඳුනා ගෙන මූල්‍ය ආයතන සමඟ සාකච්ඡා කර සහන ලබා ගත යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය. ජනාධිපතිවරයා ජන ජීවිත විහිලුවට ගෙන අනේ Please කිව්වට තමා ලෝකයේ රටවල් සමඟ සාකච්ඡා කර රටට උදව් ලබා ගැනීමට කටයුතු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.*විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ආපදාවෙන් විපතට පත් දොම්පේ ප්‍රදේශයේ මහා පරිමාණ කර්මාන්ත සම්බන්ධයෙන් සොයා බැලීමට කටයුතු කළ අවස්ථාවේ දීය. මෙහි දී දොම්පේ ඇන්තනී ෆාම් කර්මාන්ත ශාලාවේ සහ ගිරිදර විහාරයේ පැවැති සෞඛ්‍ය සායනය නිරීක්ෂණයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක්විය*මේ ආපදාව නිසා මහා පරිමාණ කර්මාන්ත රැසක් අනතුර⁣ට ලක්ව ඇති බවත් මේ ආයතන මගින් විශාල පිරිසක් නඩත්තු වන නිසා මෙම ආයතන ගොඩනගන කටයුතු කළ යුතු බවත් ඉල්ලුම් දාමය සැපයුම් දාමය විශාල වශයෙන් සිදු වන නිසා මේ හා බැඳුණු ක්ෂුද්‍ර මෙන්ම සාර්ව ආර්ථිකයක් ද ඇති නිසා මේ ආයතන රැක ගන්න වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.*කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කටවල් වැහුවා කියල වැඩක් නැ*පේන ආකාරයට මේ ආයතන ගොඩගන්න විධිමත් වේගවත් වැඩසටහනක් තවමත් නොමැති බවත් සහන දෙනවා සේම මෙවැනි තත්ත්වයක් උද්ගත වෙනවා කියා පූර්ව දැනුවත් කිරීමක් නොලැබුනේ ඇයිද කියා ගැටලුවක් ඇති බවත් මේ ආයතන ජන ජීවිත දේපල නැවත ගොඩනැගීම විධිමත්ව ජනතාවට සෙත සැලසෙන ආකාරයට ගොඩනගනවා සේම සුනාමියක් ආව රටේ පැහැදිලි ආපදා සන්නිවේදනයක් සහ ඊට අදාළ යාන්ත්‍රණයක් වුනේ නැත්තේ ඇයි ද කියා ගැටලුවක් ඇති බවත් එදා ප්‍රවෘත්ති සාකච්ඡා පැවැත්වූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අද මාධ්‍ය තහනමක් වැටී ඇති බවත් මෙවැනි දේවල් සිදු නොකර පැහැදිලි ආපදා කළමනාකරණ සැලසුමක් අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.*දැන් ඇඟිලි දිගු කරල වැඩක් නැ*එක් එක් අයට ඇඟිලි දිගු කර ගත්තා කියා අවතැන් ජනතාවට සහන නොලැබෙන බවත් අවතැන් ජනතාවගේ ජන ජීවිත ශක්තිමත් කර කර්මාන්ත ගොඩනගන්න රජය කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.*දැන්වත් මේ අඩුපාඩු හදා ගන්න*රටක් ලෙස අප සුනාමියෙන් පාඩම් ඉගෙන ගත්තේ නැති බවත් රටක් ලෙස තවමත් ඩොප්ලර් රේඩාර් සිස්ටම් එක ඇති කරන්න නොහැකි වී ඇති බවත් එදා සිට මේ සිස්ටම් එක ඇති කරන්න ආපදා කළමනාකරණ සැලසුමක් ඇති කරන්න කවුරුත් උනන්දු නොවූ බවත් දැන්වත් මේ අඩුපාඩු පිළිගෙන නිවැරදි වී විධිමත් ආපදා කළමනාකරණ සැලසුමක් සකස් කරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.*ජනතාව මුළ නොකර දැන්වත් ඇත්ත තේරුම් ගන්න*ජනතාව මුළා නොකර ආපදාවෙන් පාඩම් ඉගෙන ගෙන බොරු සුරංගනා ලෝක නිර්මාණය නොකර යථාර්ථවාදීව සත්‍යවාදීව මනුෂත්වයේ නාමයෙන් මේ ගැටලුවලට කඩිනම් විසදුම් දිය යුතු බවත් රජය නව සැලසුමක් නිර්මාණය කර විපතට පත් ජනතාවට සහන දෙන්න උදව් කළ හැකි සියලු දෙනා ගෙන උදව් ලබා ගත යුතු බවත් විපතට පත් සියලු දෙනාට විපක්ෂයක් ලෙස කළ හැකි උපරිම උදව් සිදු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.NEWS CLIP 🧧 https://youtu.be/5kG2ZYzXwBc?si=tJ9HJc79Y2VTW7Lu

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නඩු ප්‍රමාණය කඩිනමින් අඩුකර ගැනීමේ අභියෝගය විසඳීමට රජයේ අවධානය- අධිකරණ අමාත්‍ය

 නඩු ප්‍රමාණය කඩිනමින් අඩු කර විනිශ්චයකාරවරුන්ට දැරිය හැකි තත්ත්වයට පත් කිරීම අධිකරණ ක්ෂේත්‍රයේ පවතින විශාලම අභියෝගක් . රස පරීක්ෂක දෙපාර්තමේන්තුව කාර්යක්ෂම කිරීමට අවශ්‍ය...

අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී විවාදයට

අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය ඇරඹෙයි.මේ වන විට මෙම විවාදය පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන...

පාකිස්ථානයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සහ ඇමති විජිත අතර හමුවක්

පකිස්ථානයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සහ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අතර හමුවක් පිලිපියේනේදී සිදුව තිබේ. එම හමුවෙන් අනතුරුව විජිත හේරත් අමාත්‍යවරයා සිය...

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කට අමෙරිකාවෙන් නව බද්දක්

ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක් සඳහා අද (24) සිට ක්‍රියාත්මක වන පරිදි 10%ක් සහ 12.5%ක් වන පරිදි නව ආනයන බදු පැනවීමට ට්‍රම්ප්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img