විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා තමිල්නාඩු මහ ඇමති එම්. කේ ස්ටාලින් මහතාට දුරකථන ඇමතුමක් ලබා දී අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට හදිසි සහන ද්‍රව්‍ය එවීම සම්බන්යෙන් ස්තූතිය පළ කළා. ශ්‍රී ලංකාවට සමීපව පිහිටි ප්‍රාන්තය ලෙස ශ්‍රී ලංකාව මුහුණ දුන් සෑම දුෂ්කර අවස්ථාවකම සහායට පැමිණීම සම්බන්ධයෙන් ද අමාත්‍ය විජිත හේරත් මහතා විසින් ස්ටාලින් මහතාට තමිල්නාඩු ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍යවරයාට සිය ප්‍රසාදය පළ කළා. ශ්‍රී ලංකාව සමඟ තමිල්නාඩු රජය පවත්වන මිත්‍රශීලී සබඳතාව තවදුරටත් ශක්තිමත් වූ බවත් ශ්‍රී ලංකාව සමග පවත්වන සුහදතාවය සහ සහයෝගය අඛණ්ඩව වර්ධනය වනු ඇති බවත් අමාත්‍ය විජිත හේරත් මහතා මෙම දුරකථන සංවාදයේදී වැඩිදුරටත් විශ්වාසය පළා.






















