සුනිල් වටගල ගරු ඇමතිතුමා තර්ජනාත්මකව ප්‍රකාශ කළ සිටියා මෙවැනි අවස්ථාවක ජනාධිපති සහ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ව විවේචනය කරනු ලබන අයව අත්තඩංගුවට ගන්නා බවත් ඊට දින කිහිපයකින් පසු ජනාධිපතිතුමා ප්‍රකාශ කළ සිටියා ආණ්ඩුව සම්බන්ධයෙන් කරන විවේචන සැළකිල්ලට නොගන්නා බවද නමුත් ආණ්ඩුව සම්බන්ධයෙන් මේ ව්‍යසනයට අදාළව මහජනයා කරන විවේචනාත්මක ප්‍රශ්න කිරීම නොසළකා හැරිය නොහැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පසුගිය (08) දා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා,
“සුනිල් වටගල ඇමතිතුමා ප්‍රකාශ කර සිටියා මේ මොහෝතේ ජනාධිපතිතුමන්, ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ව විවේචනය කරන පුද්ගලයන්ව අත්තඩංගුවට ගතයුතුයි කියලා. ගරු ඇමතිතුමා ඉතාම තර්ජනාත්මක ස්වරයෙන් එය ප්‍රකාශ කළේ. ඊට දින කිහිපයකට පසුව ගරු ජනාධිපතිතුමා උත්තරීතර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටිනවා ආණ්ඩුව සම්බන්ධව මේ මොහොතේ පවතින විවේචනය ආණ්ඩුව , ජනාධිපතිතුමන් කිසිසේත්ම සැලකිල්ලට ගන්නේ නැහැ, ඒ පිළිබඳව ආණ්ඩුව කලබල වෙන්නේ නැහැ කියලා. මතුපිටින් බලනවිට ගරු සුනිල් වටගල ශූරීන්ගේ ප්‍රකාශයට සාපේක්ෂව ගරු ජනාධිපතිතුමාගේ ප්‍රකාශය සාධාරණයි, සාධනීයයි. හැබැයි මතුපිටින්. නමුත් ගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රකාශයේ යටිපෙල කියවද්දි නිශ්චිත ලෙසම පැහැදිලි වටගල ඇමතිතුමාගේ ප්‍රකාශයේ තරමටම ගරු ජනාධිපතිතුමාගේ ප්‍රකාශයත් නරකයි කියලා. මහජනයා සහ තොරතුරු දන්න පාර්ශව කිහිපයක් මේ අවස්ථාවේ ආණ්ඩුව විවේචනාත්මකව ප්‍රශ්න කරන්නේ හේතු කාරණා සහිතව. ඒ නිසා ආණ්ඩුවට කිසිසේත්ම ප්‍රශ්න කිරීම නොසළකා සිටිය නොහැක. ආණ්ඩුව මෙයට පිළිතුරු දිය යුතුමයි. ජනතාව ඉතාම සාධාරණ ප්‍රශ්නයක් මේ අවස්ථාවේ ආණ්ඩුවෙන් අහනවා. ඒ මේ ප්‍රචණ්ඩකාරි කාලගුණ වාතාවරණය තුළ ඇති වුණු ජිවිත සහ දේපළ හානිය අවම කරගැනීමට ආණ්ඩුවට මීට වඩා මැදිහත්වීමක් කළ හැකිව තිබුණා නේද? ඒ ප්‍රශ්නය දේශපාලනික නැහැ. ඒ ප්‍රශ්නය ඉතාම මානුෂීයයි. හේතු සහිතව මේ ප්‍රශ්න කිරීම කරන්නේ. මෙහි හේතුව වන්නේ ශ්‍රී ලංකාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඊට අදාළ පූර්ව තොරතුරු සමාජගත කර තිබුණේ. ඊට අමතරව ජාත්‍යන්තර කාලගුණ නියෝජිත ආයතන, අසල්වැසි ඉන්දියාව ද, ඇමරිකා එක්සත් ජනපදය ද ඇතුලුව මේ ආයතන විසින් මේ ප්‍රචණ්ඩකාරී වැසි සහිත කාළගුණ තත්වය සම්බන්ධයෙන් පූර්ව අනතුරු ඇගවීමක් කර තිබුණා. ලංකාවේ ජනමාධ්‍ය ආයතන, ජාත්‍යන්තර මාධ්‍ය ආයතන මේ පිළිබඳව තොරතුරු ඉදිරිපත් කර තිබුණා. ඒ නිසා මේ සිදුවීම් සහ මේ තොරතුරු අධ්‍යනය කරන විට මේ ව්‍යසනකාරී වාතාවරණය ඇතුලේ ආණ්ඩුව විසින් සිදුවුණු යම් නොකර සිටීමක් පිළිබඳව තොරතුරු දැන් අනාවරණය වෙමින් තිබෙන්නේ.
මේ අනතුරෙන් පසු ආණ්ඩුවේ හැසිරීම යම් ප්‍රශස්ත මට්ටමක තිබෙනවා. උදාහරණයක් ලෙස ගත්විට භෞතිකව සිදුවුණු දේපළ හානිය පිළිබඳව ආණ්ඩුව වන්දි අනුමත කරන ආකාරය හොදින් සිදුකෙරෙනවා. එය ලොකු පිනක්. හැබැයි මේ සිදුවුණු විශාල ජිවිත හානිය අවම කරගැනීම සඳහා නොකළ මැදිහත්වීමේ පාපය මේ පිනෙන් වහගන්න බැරිවෙයි. ඒ නිසා වටගල ඇමතිතුමා ප්‍රකාශ කරන ආකාරයේ අත්තඩංගුවට ගැනීමකින් හෝ ගරු ජනාධිපතිතුමා ප්‍රකාශ කරන ආකාරයට ඒ පිළිබඳව සැළකිල්ලක් දක්වන්නේ නැතිව සිටීමෙන් හෝ මේ ප්‍රශ්නයට පිළිතුරක් ලබාදෙන්න බැහැ.
ඒ වගේම දැන් මේ ආණ්ඩුව විපක්ෂයේ සිටින අවස්ථාවේ ආපදා කළමණාකරණය පිළිබඳව ඉතාම විද්‍යාත්මකව අදහස් පල කළ දේශපාලන ප්‍රජාවක් NPP එකේ සිටියේ. ගංවතුරක්, වැස්සක් පැමිණියාම NPP ය තමන්ගේ ප්‍රවෘත්ති සාකච්ඡා තුළ එවැනි මොහොතක් පූර්ව වශයෙන් කළමණාකරණය කළයුත්තේ කෙසේද? අනතුර සිදුවන මොහොත කළමණාකරණය කළයුත්තේ කෙසේද? කියලා ඒ මොහොතේ පැවති ආණ්ඩුවලට උපදෙස් දුන් දේශපාලන ව්‍යාපාරයක්. මේ ආණ්ඩුව පැමිණියාට පසු ආපදා කළමණාකරණය කියන විෂයට ඔබ දුන් වටිනාකම මොන මට්ටමේ එකක්ද? මේ ඉදිරිපත් කළ අයවැය ලේඛන දෙකෙන් ආපදා කළමණාකරණයට ඔබ දුන් වටිනාකම මොකක්ද? මේ කාරණයන් පිළිබඳවත් ආණ්ඩුව යම් තොරතුරක් අනාවරණය කළානම් හොදයි. මේ සියල්ල අපි පැහැදිලි කරන්නේ මේ ආණ්ඩුව ඉක්මණින් ගෙදර යැවීමට නොවේ. මන්ද වරක් සිදුවුණු දෑ ඒ හා සමාන අවස්ථාවලදි නැවත නැවත සිදුවේ කියලා ලෝකයේ ස්වභාදහමේ මූලධර්මයක් තිබෙනවා. අනාගතයේ යම් දවසක මෙවැනි දේ සිදුනොවීම කියන අරමුණ ඇතිවයි අපි මේ පැහැදිලි කිරීම සිදුකළේ. ඒ වගේම මේ ආණ්ඩුව ව්‍යසන, වසංගත දේශපාලන වසන්තයක් කරගත්ත හැටිද අපි අහලා තිබුණා.” යනුවෙන් මෙහිදි සඳහන් කළේ ය.






















