Monday, September 21, 2026
HomeNEWSශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කට අමෙරිකාවෙන් නව බද්දක්

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කට අමෙරිකාවෙන් නව බද්දක්

ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක් සඳහා අද (24) සිට ක්‍රියාත්මක වන පරිදි 10%ක් සහ 12.5%ක් වන පරිදි නව ආනයන බදු පැනවීමට ට්‍රම්ප් පරිපාලනය තීරණය කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 17කින් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා 10%ක බදු ප්‍රතිශතයක් පනවා ඇත.

මෙම බදු ප්‍රතිශතයට යටත් සෙසු රටවල් වන්නේ ආර්ජන්ටිනාව, බංග්ලාදේශය, කාම්බෝජය, කැනඩාව, ඉක්වදෝරය, එල් සැල්වදෝරය, ග්වාතමාලාව, හොන්ඩුරාස්, ඉන්දියාව, ඉන්දුනීසියාව, ජෝර්දානය, මැලේසියාව, මෙක්සිකෝව, පාකිස්තානය, එක්සත් රාජධානිය සහ ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ ය.

එමෙන්ම යුරෝපීය සංගමයෙන් හෝ තායිවානයෙන් ආනයනය භාණ්ඩ සඳහාද මෙම ප්‍රතිශතයම අදාළ වේ.

කෙසේ නමුත් ඇල්ජීරියාව, ඇන්ගෝලාව; ඔස්ට්‍රේලියාව, බහමාස්, බහරේන්, බ්‍රසීලය, චිලී, චීනය, කොලොම්බියාව, කොස්ටාරිකාව, ඩොමිනිකන් ජනරජය, ඊජිප්තුව, ගයනාව, හොංකොං,ඉරාකය, ඊශ්‍රායලය, ජපානය, කසකස්තානය, කුවේට්, ලිබියාව, මොරොක්කෝව, නවසීලන්තය, නිකරගුවාව, නයිජීරියාව, නෝර්වේ, ඕමානය, පේරු, පිලිපීනය, කටාර්, රුසියාව, සෞදි අරාබිය, සිංගප්පූරුව, දකුණු අප්‍රිකාව, දකුණු කොරියාව, ස්විට්සර්ලන්තය, තායිලන්තය, තුර්කිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, උරුගුවේ, වෙනිසියුලාව සහ වියට්නාමය යන රටවලට 12.5%ක බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මකය.

මෙම නව බදු පැනවීමට මූලිකම හේතුව වී ඇත්තේ අදාළ රටවල් තුළ බලහත්කාර ශ්‍රමය භාවිතයෙන් නිපදවන භාණ්ඩ ආනයනය තහනම් කිරීමේ නීති නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීම සහ ඒ සම්බන්ධයෙන් දක්වන ලිහිල් ප්‍රතිපත්තිය බව වාර්තා වේ.

අමෙරිකානු අධිකරණ තීන්දුවකට අනුව ඉකුත් පෙබරවාරි මාසයේ දී ට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්තිය අත්හිටුවන නියෝගයක් ලබාදී තිබූ අතර, ඒ හේතුවෙන් එය ක්‍රියාක්මක කිරීමට අවසර හිමිව තිබුණේ දින 150ක් දක්වා පමණි.

ඒ අනුව අදාළ කාලසීමාව අවසන්වීමට නියමිත බැවින් මෙම නව බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මස්කෙළිය ගාඩ්මෝර් වතුයායේ විශාල නායයෑමක්

මස්කෙළිය පොලිස් වසමට අයත් ගාඩ්මෝර් ප්‍රදේශයේ ගල් කන්ද පෞද්ගලික වතුයායේ සිදුවූ විශාල නායයෑමක් හේතුවෙන්, ඊට ඉහළින් පිහිටි වතු නිවාස පෙළක පදිංචිකරුවන් වහාම ක්‍රියාත්මක වන...

සජිත් අනෝජන් සමග දුරකථනයෙන් කතාකරයි

සෞදි අරාබියේ දී මරණ දඩුවම නියමවී සිටින ශ්‍රී ලාංකිකයකු වන සිවරාසා අනෝජන්ගේ දෙමාපියන් අද (21) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී තිබෙනවා. ඒ කොළඹ පිහිටි...

ප්‍රබල Dujuan සුළි කුණාටුවෙන් ජපානයට දැඩි බලපෑම්

ජපානයට බලපා ඇති "දුජුආන්" (Dujuan) ප්‍රබල සුළි කුණාටුව සහ එල් නිනෝ තත්ත්වය හේතුවෙන් එරට ජනතාවට දැඩි බලපෑම් එල්ලව තිබේ. සුළි කුණාටුව ටෝකියෝ නගරය ආසන්නයට ගමන්...

අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති ලෙස අභියාචනාධිකරණ විනිසුරු මායාදුන්න ශ්‍රී මෙවන් ඇන්තනී එදිරිමාන්නසූරිය කොරයා මහතා පත් කර තිබේ. අභියාචනාධිකරණයේ සභාපති ලෙස...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img