Friday, September 11, 2026
HomeNEWSහදිසි අනතුරකින් හිටපු කථානයක රන්වල රෝහල් ගත කරයි

හදිසි අනතුරකින් හිටපු කථානයක රන්වල රෝහල් ගත කරයි

හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා ධාවනය කළ ජීප් රථය තවත් මෝටර් රථයක මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුර සම්බන්ධයෙන් තවත් තොරතුරු අනාවරණය වී තිබේ.ඊයේ (11) පස්වරුවේ සපුගස්කන්ද දෙනිමල්ල ප්‍රදේශයේ අදාළ අනතුර සිදුවී ඇති බව පොලීසිය සඳහන් කළේය.අනතුරින් මෝටර් රථයේ ගමන්කළ 25 හැවිරිදි කාන්තාවක්, මාස 6ක් පමණ වයසැති ඇයගේ බිලිඳිය සහ 55 හැවිරිදි මිත්තනිය තුවාල ලබා රෝහල්ගත කර තිබුණි.පොලිසිය පැවසුවේ අදාළ බිලිඳිය ප්‍රතිකාර සඳහා රිජ්වේ ආර්යා ළමා රෝහලටත් ඇතුළත් කෙරුණු බවය.එමෙන්ම අනතුරින් තුවාල ලැබූ ජීප් රථයේ ගමන් ගත් අශෝක රන්වල මන්ත්‍රීවරයාද ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.අනතුරට ලක්වූ ජීප් රථය සහ මෝටර් රථයට අමතරව සිද්ධියට සම්බන්ධ යතුරුපැදියක්ද පොලිස් භාරයට ගෙන ඇත.අනතුර සම්බන්ධයෙන් සපුගස්කන්ද පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img