Thursday, July 23, 2026
HomeNEWSචීන- ශ්‍රී ලංකා මිතුදම් ශක්තිමත් කිරීමට චීනය ඇමති විජිතට සහතික වෙයි

චීන- ශ්‍රී ලංකා මිතුදම් ශක්තිමත් කිරීමට චීනය ඇමති විජිතට සහතික වෙයි

ශ්‍රී ලංකාවේ සංචාරයක පැමිණ සිටින විදේශ රටවල් සමඟ මිත්‍රතා චීන මහජන සංගමයේ (CPAFFC) සභාපති ගරු Yang Wanming මහතා ඇතුළු දූත පිරිස අද (12) විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අමාත්‍යංශයේ දී මුණ ගැසී සාකච්ඡා කළේ ය.

සෑම විටම ශ්‍රී ලංකාවට නෙැපැකිලිව ආර්ථික හා සංස්කෘති යන අංශවලින් උදව් කිරීමට චීන ඇප කැප වී සිටින බව පැවසීමට තම දූත කණ්ඩායම අමාත්‍යවරයා මුණගැසීමට පැමිණි බව Yang Wanming මහතා පැවසුවේ ය. වසර 2000කට අධික කාලයක මිත්‍රත්වයක් සහිත රටවල් වශයෙන් ශ්‍රී ලංකාවේ අසීරු කාලවලදීත් ශ්‍රී ලංකාව සමඟ සිටින බව පැවසූ ඒ මහතා නව රජය පත්වීමෙන් පසු ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා චීනයේ සංචාරයකට පැමිණීම රටවල් දෙක අතර පවතින මිත්‍රත්වය මැනවින් පෙන්නුම් කරන බව ද කීවේ ය. දැනට ශ්‍රී ලංකාවේ කර ඇති ආයෝජනවලට අමතරව තවත් චීන ආයෝජකයන් ශ්‍රී ලංකාවට පැමිණීමට සිටින බව ද ඒ මහතා වැඩිදුරටත් දැනුම් දුන්නේ ය.

විපතට පත් වූවන් සඳහා CPAFFC මගින් RMB 580000ක් ප්‍රදාන කිරීම පිළිබඳව ස්තූතිය පළ කළ අමාත්‍ය විජිත හේරත් මහතා චීන ජනරජය ශ්‍රී ලංකාවට ලද සෑම විටම ආධාර කිරීමට ඉදිරිපත් වීම ශ්‍රී ලංකාවට විශාල ශක්තියක් බව ද ආපදා ඇති වූ සෑම විටම චීන රජය ලබා දුන් සහයෝගීතාව අගය කරන බව ද කියා සිටියා. දිත්වා සුළු කුණාටුවත් සමඟ ඇති වූ අයහත් කාල ගුණයෙන් විපතට පත් ජනතාව මුදවා ගැනීමේ හදිසි සහන සේවා සඳහා චීනය ලබා දුන් සහාය පිළිබඳවත් චීන දූත විශේෂ ස්තූතියක් අමාත්‍ය විජිත හේරත් මහතා පළ කළේ ය.

මීට අමතරව ඉදිරි කාලයේ දී හානියට පත් වූ ප්‍රදේශවල පාරවල්, පාලම්, දුම්රිය මාර්ග, වාරිමාර්ග ඇතුළු යටිතල පහසුකම් ගොඩනැගීමට ද චීන රජයේ සහාය දෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ද බවත් අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල තවත් ඉහළට

ලෝක වෙළඳපොලේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල තවදුරටත් ඇ:ඩො: 3 කින් පමණ ඉහළ ගොස් ඩොලර් 95 ක මට්ටමට ලඟා වෙයි: විදෙස් මාධ්‍ය.

ඇමෙරිකාවෙන් ඉරානයට ප්‍රබල අනතුරු ඇඟවීමක්

ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධියේ කිසියම් නෞකාවකට පහර දුනහොත්, ඉරානයේ පාලම් හෝ බලාගාර බෝම්බ දමා විනාශ කරන බව, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි: විදෙස් මාධ්‍ය.

විදේශ ඇමති විජිත සහ එජාප සභාපති වජිර අතර හමුවක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, විදේශ අමාත්‍ය විජිත හේරත් සහ එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන යන මහත්වරුන්ගේ අහඹු හමුවීමක් පසුගිය සෙනසුරාදා සවස ගාල්ල උඩුගම...

දත්ත සොරකම් කළ බවට ට්‍රම්ප්ගෙන් චීනයට චෝදනා

තමා පරාජයට පත් වූ 2020 ඇමරිකානු ජනාධිපතිවරණයේදී , චීනය ඉතිහාසයේ විශාලම මැතිවරණ දත්ත සොරකම සිදු කළ බවත්, එහිදී ඡන්දදායකයින් මිලියන 220 කගේ දත්ත සොරකම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img