Sunday, November 1, 2026
HomeNEWSචීන- ශ්‍රී ලංකා මිතුදම් ශක්තිමත් කිරීමට චීනය ඇමති විජිතට සහතික වෙයි

චීන- ශ්‍රී ලංකා මිතුදම් ශක්තිමත් කිරීමට චීනය ඇමති විජිතට සහතික වෙයි

ශ්‍රී ලංකාවේ සංචාරයක පැමිණ සිටින විදේශ රටවල් සමඟ මිත්‍රතා චීන මහජන සංගමයේ (CPAFFC) සභාපති ගරු Yang Wanming මහතා ඇතුළු දූත පිරිස අද (12) විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අමාත්‍යංශයේ දී මුණ ගැසී සාකච්ඡා කළේ ය.

සෑම විටම ශ්‍රී ලංකාවට නෙැපැකිලිව ආර්ථික හා සංස්කෘති යන අංශවලින් උදව් කිරීමට චීන ඇප කැප වී සිටින බව පැවසීමට තම දූත කණ්ඩායම අමාත්‍යවරයා මුණගැසීමට පැමිණි බව Yang Wanming මහතා පැවසුවේ ය. වසර 2000කට අධික කාලයක මිත්‍රත්වයක් සහිත රටවල් වශයෙන් ශ්‍රී ලංකාවේ අසීරු කාලවලදීත් ශ්‍රී ලංකාව සමඟ සිටින බව පැවසූ ඒ මහතා නව රජය පත්වීමෙන් පසු ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා චීනයේ සංචාරයකට පැමිණීම රටවල් දෙක අතර පවතින මිත්‍රත්වය මැනවින් පෙන්නුම් කරන බව ද කීවේ ය. දැනට ශ්‍රී ලංකාවේ කර ඇති ආයෝජනවලට අමතරව තවත් චීන ආයෝජකයන් ශ්‍රී ලංකාවට පැමිණීමට සිටින බව ද ඒ මහතා වැඩිදුරටත් දැනුම් දුන්නේ ය.

විපතට පත් වූවන් සඳහා CPAFFC මගින් RMB 580000ක් ප්‍රදාන කිරීම පිළිබඳව ස්තූතිය පළ කළ අමාත්‍ය විජිත හේරත් මහතා චීන ජනරජය ශ්‍රී ලංකාවට ලද සෑම විටම ආධාර කිරීමට ඉදිරිපත් වීම ශ්‍රී ලංකාවට විශාල ශක්තියක් බව ද ආපදා ඇති වූ සෑම විටම චීන රජය ලබා දුන් සහයෝගීතාව අගය කරන බව ද කියා සිටියා. දිත්වා සුළු කුණාටුවත් සමඟ ඇති වූ අයහත් කාල ගුණයෙන් විපතට පත් ජනතාව මුදවා ගැනීමේ හදිසි සහන සේවා සඳහා චීනය ලබා දුන් සහාය පිළිබඳවත් චීන දූත විශේෂ ස්තූතියක් අමාත්‍ය විජිත හේරත් මහතා පළ කළේ ය.

මීට අමතරව ඉදිරි කාලයේ දී හානියට පත් වූ ප්‍රදේශවල පාරවල්, පාලම්, දුම්රිය මාර්ග, වාරිමාර්ග ඇතුළු යටිතල පහසුකම් ගොඩනැගීමට ද චීන රජයේ සහාය දෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ද බවත් අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හානි වූ පාලම් 14ක් ප්‍රතිසංස්කරණයට චීන රජයෙන් රුපියල් මිලියන 3,933 ක පූර්ණ ප්‍රදානයක්

" ශ්‍රී ලංකාවේ ආපදා පසුකාලීන පාලම් ප්‍රතිසංස්කරණය සඳහා වන චීන රජයේ හදිසි ආධාර ව්‍යාපෘතියේ’ පළමු අදියර නිල වශයෙන් ඇරඹේ.....! හානි වූ පාලම් 14ක් ප්‍රරතිසංස්කරණයට චීන...

ජලය පිරිසිදු කිරීමට අවශ්‍ය ක්ලෝරීන් ඇතුළු රසායනික ද්‍රව්‍යවල හිඟයක්- නිරෝෂන් පාදුක්ක

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (01) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ දූෂණ විරෝධී බලකායේ කැඳවුම්කරු නිරෝෂන් පාදුක්ක මහතා. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය, ‘‘ජල...

හෙද නිලධාරීන් 2,819කට පත්වීම්..ඉදිරි වසර දෙක තුළ හෙද සේවයට තවත් 13,000ක්

හෙද නිලධාරීන් 2,819කට පත්වීම් සහ 76කට උසස්වීම්ඉදිරි වසර දෙක තුළ හෙද සේවයට 13,000ක් බඳවා ගන්නවා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය...

රජය ආණ්ඩු බලය බලහත්කාරයෙන් හෝ තබා ගැනීමට මර්දන අණ පනත් ගණනාවක් ගෙන ඒමට සූදානම් – විපක්ෂ නායක සජිත්

රජය ආණ්ඩු බලය බලහත්කාරයෙන් හෝ තබා ගැනීමට මර්දන අණ පනත් ගණනාවක් ගෙන ඒමට සූදානම් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වරායේ ගොඩබාන මිලට ඉන්ධන ලබා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img