Monday, October 26, 2026
HomeNEWSCOVID-19ඉටුකම COVID - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන...

ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1491 දක්වා ඉහළට …

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1491 ඉක්මවා තිබේ.

ඩබ්.ජී. ජයනි තිලක්ෂණා කරුණාරත්න දියණිය රුපියල් 3,000ක් අරමුදලට පරිත්‍යාග කළාය. අදාළ මුදල අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත භාරදෙනු ලැබීය.

ලංකා නැව් සංස්ථාව රුපියල් 196,683.50ක්, ශ්‍රී ලංකා වරාය අධිකාරිය රුපියල් 18,615,544.29ක්, දඹුල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය කම්කරුවන් රුපියල් 76,135.79ක්, එස්.ඒ. විහංගා දහම්සිරි සෙනරත් දියණිය රුපියල් 2,364ක්, මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව රුපියල් 10,581,510.40ක්, මධ්‍යම පළාත් රාජ්‍ය නිලධාරීන් රුපියල් 133,666.52ක්, ගුණතිලක බණ්ඩාර මහතා රුපියල් 5,000ක්, ආර්.ආර්. නවරත්න මහතා රුපියල් 5,000ක්, උකුවෙල ප්‍රාදේශීය සභා මන්ත්‍රී එම්.ජී.එම්. ජයම්පති ඇටිපොළ මහතා 15,000ක්,ඩබ්.එම්.කේ. සෙනුරි ප්‍රබෝධනී නවරත්න දියණිය රුපියල් 180ක් පරිත්‍යාග කළහ. අදාළ පරිත්‍යාග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත භාරදෙන ලදී.

මහනුවර ජාතික රෝහල රුපියල් 2,399,778.50ක්, Brantel Lanka (Pvt) Ltd රුපියල් 200,000ක්, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය රුපියල් 187,669ක්, ඕල්කට් මාවත කැලෑපොල සුළු වෙළදුන්ගේ සුබසාධක සමිතිය රුපියල් 50,000ක්, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව රුපියල් 195,402.32ක්, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය රුපියල් 217,372.83ක්, පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 105,000ක්, වෛද්‍ය ආර්.එම්.ජේ. නාවින්න මහතා රුපියල් 200,000ක්,උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 46,646ක්, මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය රුපියල් 155,317.66ක්, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සහකාර ලේකම් බී.ඩී.වයි.ආර්. විමලරත්න මහත්මිය 15,908.75ක් අරමුදලට පරිත්‍යාග කළහ.

දැන් ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් 1,491,752,709.01 කි.

දෙස් විදෙස් පරිත්‍යාගශීලීහූ ගිණුමට දායක වී සිටිති. චෙක් පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මෙන්ම www. itukama.lk වෙබ් අඩවිය ඔස්සේ හෝ #207# අමතා අරමුදලට දායකවිය හැකිය. දුරකථන අංක 076 – 0700700 / 011 – 2320880 / 011 – 2354340 / 011 – 2424012 ඇමතීමෙන් වැඩි විස්තර දැනගැනීමට පිළිවන.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

වැඩිම වර්ෂාපතනය, පුත්තලම – කරන්දිපෝවල් ප්‍රදේශයට

අද (26) පෙ:ව: 8.30 න් අවසන් වූ පැය 24 තුළ, 195.7 mm ක වැඩිම වර්ෂාපතනය, පුත්තලම - කරන්දිපෝවල් ප්‍රදේශයට. කුලියාපිටිය - 193 mm මන්නාරම - ඉලුප්පෙකඩවයි -...

“ඔර්නබ්‘ සුළිකුණාටුවේ බලපෑමෙන් පළාත් කිහිපයකට තද වැසි

‘ඔර්නබ්‘ සුළිකුණාටුවේ බලපෑම ශ්‍රීලංකාවට වක්‍රාකාරව බලපාන බැවින් උතුර,බස්නාහිර,සබරගමුව,වයඹ,මධ්‍යම සහ දකුණු පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ද තද වැසි ඇතිවිය හැකියි-MET

ලූලා ද සිල්වා සිව්වැනි වරටත් බ්‍රසීලයේ ජනාධිපතිධූරයට

බ්‍රසීල ජනාධිපතිවරණයේ දෙවන වටයෙන් දක්ෂිණාංශික සෙනට් සභික ෆ්ලේවියෝ බොල්සනාරෝට එරෙහිව, වාමාංශික නායක ලුවිස් ඉනාසියෝ ලූලා ද සිල්වා ජයග්‍රහණය කළ බව එරට මැතිවරණ අධිකාරිය පවසයි -ලූලාද...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් හර පද්ධතියක් සහිත පරපුරක් බිහි කරනවා-අගමැතිනිය

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් දැනුම, කුසලතා මෙන්ම හර පද්ධතියක් සහිත පරපුරක් බිහි කරනවා -අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය 2026 වසරේදී පළමු වසර සඳහා හඳුන්වා දුන් නව විෂය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img