FICAC හි දකුණු ආසියානු කලාපීය සමුළුවේ දී ශ්‍රී ලංකාවේ කොන්සල්වරුන්ගේ සංගමය විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා විසින් අමතන ලදී. එම උත්සවයෙන් අනතුරුව විජිත හේරත් අමාත්‍යවරයා සිය X ගිණුමේ තැබූ සටහන පහත සඳහන් වේ. FICAC හි දකුණු ආසියානු කලාපීය සමුළුවේ දී ශ්‍රී ලංකාවේ කොන්සල්වරුන්ගේ සංගමය ඇමතීමට ලැබීම පිළිබඳව සතුටට පත් වෙමි. රාජ්‍ය තාන්ත්‍රිකභාවය, ගෝලීය හවුල්කාරිත්වය සහ ජනතාව අතර සම්බන්ධතාවය සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත අවධාරණය කළෙමි.

























