Monday, September 7, 2026
HomeNEWSගල් අඟුරු වංචාවට ජනපති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට නඩු දානවා-දිලිත්

ගල් අඟුරු වංචාවට ජනපති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට නඩු දානවා-දිලිත්

රුපියල් කෝටි 10,000 කට වඩා අධික පාඩුවක් ගල් අඟුරු වංචාවෙන් රටට සිදුවී ඇති නිසා ඊට වගකිවයුතු ජනාධිපති බලශක්ති ඇමති ඇතළු කැබිනට් මණ්ඩලයට එරෙහිව දැඩි නීතිමය පියවර ගැනීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇති බව ඉදිරි නව ආණ්ඩුවකදී එය අනිවාරයෙන්ම සිදුවන බවත් සර්වජනබලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි දිලිත් ජයවීර අවධාරණය කරනවා.

මන්ත්‍රිවරයා මේ බව පැවසුවේ අද (09) දින පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති ඒකාබද්ධ විපක්ෂයේ විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින්.

හෙට (10) දින බලශක්ති ඇමති කුමාර ජයකොඩි මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ විවාද කිරීමට පෙර ඒ මහතා අමාත්‍ය ධුරයෙන් ඉවත්වුවත් ඉවත්නොවුනත් මෙම වංචාවට එරෙහි නීතිමය කටයුතු දැන්සිටම අඛන්ඩව සිදුකරගෙන යන බවද දිලිත් ජයවීර මන්ත්‍රිවරයා සඳහන් කළා.

මෙම ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදුවූ දැවැන්තම වංචාවවන මෙම ගල් අඟුරු වංචාව බලශක්ති අමාත්‍යවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර ඇති විශ්වාසභංග යෝජනාවට සීමා නොවන බවත් දැනටමත් මේ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාවට පැමිණිලි කිහිපයක් ඉදිරිපත්කර ඇති බවද මන්ත්‍රිවරයා පෙන්වාදෙනු ලැබුවා.

මෙම නීතිමය ක්‍රියාමර්ග සම්බන්ධයෙන් මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි ඩී.වී. චානක ප්‍රකාශ කළේ විගණකාධිපති වාර්තාවේ 108 වෙනි පිටුවේ මේ සම් බන්ධයෙන් වැදගත් කරුණක් සඳහන්කර ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ඩී.වී. චානක මන්ත්‍රිවරයා මෙසේද පැවසුවා.

නව විගණකාධිපතිවරයාගේ වාර්තාවේ 108 වෙනි පිටුවේ 6,6,1 චේදයේ සඳහන්වනවා දින 40ක් තුළ පැමිණිමට නියමිතවතිබූ නැව් 08ක්ම ආවේ නැහැ කියලා. ඒ කියන්නේ නොවැම්බර් දෙසැම්බර් මාසවල දින 40 ක්ම ගල් අඟුරු නැව් ඇවිල්ලා නැහැ. සාමාන්‍යෙයන් නොවැම්බර් දෙසැම්බර් මාස කියන්නේ මුහුද රළු මාස නොවෙයි. ගල් අඟුරු නැව් කිසිදු බාධාවකින් තොරව ඒ මාසවල ගෙන්නගන්න පුළුවන් එතකොට මෙ දින 40 තුළ ගල් අඟුරු නැව් 08 නොපැමිණි චෝදනාව කෙලින්ම එල්ලවන්නේ ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයටයි. ඒ චෝදනාවෙන් බේරෙන්න කවදාවත් හම්බවෙන්නේ නැහැ. ඒ චෝදනාවම ඇති නීතිමය ක්‍රියාමාරග ගන්න.

මෙම අදාළ ගල්අඟුරු සමාගමෙන් දඩ අයකරගන්නවා කිව්වට ඒකත් සිදුවෙලා නැහැ. මෙම ගල් අඟරුවලට අදාල අම්පයර් සම්පල් පරීක්ෂාකළයුතුයි කියලා විගණකාධිපති වාර්තාවෙනුත් නිර්දේශකරලා තියෙනවා. මාස 03ක් ඇතුළත මෙම සාම්පල් පරීක්ෂා කළයුතුයි. නමුත් බාල ගල් අඟරු පලමු නැව් 04 ම අම්පයර් සාම්පල් පරීක්ෂා නොකරපු නිසා දැන් කල් ඉකුත්වෙලා ඉවරයි. තව එක සාම්පලයක් පරීක්ෂාකරන්න තියෙනවා. ඒකෙත් කල් ඉකුත්වු‍ණොත් අදාළ සමාගමෙන් දඩ අයකරගන්න වෙන්නෙත් නැ. එහෙම සාම්පල් පරීක්ෂා නොකරන්නේ මේ කරපු වංචා අහුවෙන නිසා. කෙසේ නමුත් මෙම සමාගමෙන් දඩ අයකරගන්න බැරි උනොත් නීත්‍යානුකූලව එම දඩය අයකරගන්න වෙන්නේ ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයෙන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මෙරට ඉදිකළ දෙවැනි මෙට්‍රෝ බස් ඩිපෝවත් අද කඩවත දී මෙහෙයුම් කටයුතු අරඹයි

මෙරට ඉදිකල දෙවැනි මෙට්‍රෝ බස් ඩිපෝවත් අද කඩවත දී මෙහෙයුම් කටයුතු අරඹයි ...! මෙරට නාගරික ප්‍රවාහන ක්ෂේත්‍රය නව දිශානතියකට යොමු කරමින් බස්නාහිර පලාත කේන්ද්‍ර කරගනිමින්...

ජනපති තවත් පච රැළි මාලාවක් ආරම්භ කරලා- විපක්ෂ නායක සජිත් රත්තොට දී කියයි

20ට අවශ්‍ය වුණ ජනමත විචාරණය 22ට අකැප ඇයි ජනාධිපතිතුමනි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි 22 වැනි ආණඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අධිකරණයේ ස්වාධිනත්වයට හානි...

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආපසු හරවන්නේ නොමැති බව ජනපති බුලත්සිංහල දී අවධාරණය කරයි

යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිසිදු හේතුවක් මත ආපසු හරවන්නේ නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, අද...

රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සියලුම දෙනා එක් විය යුතුයි- එජාප නායක හිටපු ජනපති රනිල්

එක්සත් ජාතික පක්ෂයේ 80 වැනි සංවත්සර සැමරුම නිමිති කරගනිමින් Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළ කල අදහස් වර්ෂ 1946 සැප්තැම්බර් 06 වැනිදා ඩී....
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img