Monday, September 7, 2026
HomeNEWSබැංකුවක වංචාවක් ගැන සඳහන් කරමින් රවීගෙන් ජනපතිට ලිපියක්

බැංකුවක වංචාවක් ගැන සඳහන් කරමින් රවීගෙන් ජනපතිට ලිපියක්

NDB බැංකු වංචාව, අතපසුවීම් සහ මූල්‍ය අධීක්ෂණයේ පද්ධතිමය දුර්වලතා පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර ස්වාධීන වෝහාරික පරීක්ෂණයක් පවත්වන්න.

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් කරුණු 05 මුල් කරගත් විශේෂ ලිපියක් ජනාධිපතිවරයාට ඉදිරිපත් කර තිබෙනවා.

ජාතික සංවර්ධන බැංකුව (NDB) සම්බන්ධයෙන් වාර්තා වී ඇති බරපතල වංචාව පිළිබඳවත් ශ්‍රී ලංකා මහා බැංකුව ප්‍රධාන නියාමකයා ලෙස ප්‍රතිපත්තිය රෙගුලාසිවලට අනුකූල වීම සහ අවදානම් නිරීක්‍ෂණය යාන්ත්‍රණයන් සහතික කිරීමට අපොහොසත් වී ඇති බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා මෙම ලිපිය ජනපතිවරයාට ඉදිරිපත් කර තිබෙනවා.

එම ලිපිය මගින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ මෙම වංචනික ගනුදෙනු හේතුවෙන් රජයට ලැබිය යුතු බදු ආදායම් අහිමි වී ඇති අතර, එම පාඩුව කඩිනමින් ගණනය කර අයකර ගත යුතුය.
වෝහාරික විගණනයේ ස්වාධීනත්වය
මෙම පරීක්ෂණය සඳහා ආයතනයක් පත් කිරීමට මහ බැංකුව ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ගැටලු පවතී, මන්ද එහි ස්වාධීනත්වය පිළිබඳ ගැටලු මතු විය හැකි බැවිනි. එබැවින් අතිගරු ජනාධිපතිතුමනි,
මුදල් අමාත්‍යවරයා ලෙස ඔබතුමාගෙන් මම පහත සඳහන් දෑ ඉල්ලා සිටිමි:
කිසිදු පුද්ගලික උනන්දුවක් හෝ පක්ෂපාතීත්වයක් නොමැති, ජාත්‍යන්තරව පිළිගත් ස්වාධීන වෝහාරික පරීක්ෂණ කණ්ඩායමක් පත් කිරීම.
පරීක්ෂණ ක්‍රියාවලිය සඳහා සහය වීමට පහත සඳහන් ජාත්‍යන්තර ආයතනවල සහය ලබා ගැනීම ගැන සලකා බැලීම:
ඉන්දීය රිසර්ව් බැංකුව (RBI) ජපාන බැංකුව (BOJ) එංගලන්ත බැංකුව (BOE) සිංගප්පූරු මූල්‍ය අධිකාරිය (MAS)
මැලේසියානු මහ බැංකුව පරීක්ෂණයේ විෂය පථය පුළුල් කරමින් මහ බැංකුවේ නියාමන අතපසුවීම්, තාක්ෂණික පද්ධතිවල දුර්වලතා සහ ප්‍රාග්ධන වෙළෙඳපොළ අධීක්ෂණ අසාර්ථකත්වයන් පිළිබඳවද විමර්ශනය කිරීම, 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ වගවීමේ රාමුව පරීක්ෂා කිරීම. විශේෂයෙන් බැංකුවල විගණන කමිටු සාමාජිකයින්ට මූලික බැංකු ක්ෂේත්‍රයේ පළපුරුද්දක් නොමැති වීම මහ බැංකුවේ “සුදුසු සහ යෝග්‍ය” (Fit and Proper) නිර්ණායකවල සඵලතාවය පිළිබඳ ගැටලුවක් මතු කරයි.
මූල්‍ය අංශයේ පාලනය ශක්තිමත් කිරීමට රජය ගන්නා පියවර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වෙත නිල වශයෙන් දැනුම් දීම,රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ (CoPF) සහාය මෙම ක්‍රියාවලිය සඳහා සහය වීමට අප කාරක සභාව සූදානමින් සිටින අතර, ස්වාධීන වෘත්තීය ආයතන හඳුනා ගැනීමට සහ නිර්දේශ කිරීමට අපට දායක විය හැකිය.මෙය ජාතික වැදගත්කමකින් යුත් හදිසි කරුණකි. අපගේ බැංකු පද්ධතිය කෙරෙහි පවතින විශ්වාසය සහ මූල්‍ය ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීමට විනිවිදභාවයකින් යුත් තීරණාත්මක ක්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍ය වේ.
මෙම කරුණ කෙරෙහි ඔබතුමාගේ ඉහළම ප්‍රමුඛතාවය ලැබෙනු ඇතැයි මම විශ්වාස කරන බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ජනපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජනපති තවත් පච රැළි මාලාවක් ආරම්භ කරලා- විපක්ෂ නායක සජිත් රත්තොට දී කියයි

20ට අවශ්‍ය වුණ ජනමත විචාරණය 22ට අකැප ඇයි ජනාධිපතිතුමනි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි 22 වැනි ආණඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අධිකරණයේ ස්වාධිනත්වයට හානි...

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආපසු හරවන්නේ නොමැති බව ජනපති බුලත්සිංහල දී අවධාරණය කරයි

යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිසිදු හේතුවක් මත ආපසු හරවන්නේ නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, අද...

රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සියලුම දෙනා එක් විය යුතුයි- එජාප නායක හිටපු ජනපති රනිල්

එක්සත් ජාතික පක්ෂයේ 80 වැනි සංවත්සර සැමරුම නිමිති කරගනිමින් Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළ කල අදහස් වර්ෂ 1946 සැප්තැම්බර් 06 වැනිදා ඩී....

එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී සංසදයේදී ශ්‍රී ලංකාවට වැඩි අවධානයක්

එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී සම්මුතියට අත්සන් තැබූ රාජ්‍ය පාර්ශ්වයන්ගේ සමුළුව2026 අගෝස්තු 31 සිට සැප්තැම්බර් 4 දක්වාවියානාහි පැවැති එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී සංසදයේදී ශ්‍රී ලංකාව...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img