Wednesday, July 29, 2026
HomeNEWSකසාවතට මඩ තර්ජන එල්ල වෙලා-මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි

කසාවතට මඩ තර්ජන එල්ල වෙලා-මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි

මෙරට භික්ෂූන් වහන්සේ අප්‍රසාදයට පත්කරමින්, උන්වහන්සේට සමාජය ඉදිරියට පැමිණීමට නොහැකි පරිසරයක් නිර්මාණය කිරීමට අදාළ කුමන්ත්‍රණ ඉදිරියේදී සිදුවිය හැකි බව ශාසනාරක්ෂක සංඝ සභාවේ සභාපති මණ්ඩල සාමාජික ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමියන් පවසයි.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ කොළඹදී අද (27) පස්වරුවේ පැවති සඟ සමුළුවකට එක්වෙමින්.

ශාසනාරක්ෂක සංඝ සභාව ”සුඛා සංඝස්ස සාමග්ගී” තේමාවෙන් සංවිධාන කළ මහ සඟ සමුළුව ශ්‍රී ලංකා ප්‍රදර්ශන සහ සම්මේලන මධ්‍යස්ථානයේදී අද පස්වරුවේ පැවැත්වුණි.

ඒ,ශ්‍රී ලංකා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කර පෝෂණය කිරීමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති වගකීම සක්‍රියව පවත්වාගෙන යන ලෙස බලධාරීන්ට අවධාරණය කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගනිමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගලකඩ සිරිසුමන හිමියන්,

“සංඝයා එකතුවෙනවා කියලා කිව්වොත් සමහර අය ඉන්නවා ගැරඬියන්ට භූමි තෙල් ගහනවා වගේ කිපෙන පිරිසක් ඉන්නවා මේ රටේ මඩ ගහන්න. “

” කහ සිවුර කියන්නේ එසේ මෙසේ වස්ත්‍රයක් නෙමෙයි. ඒක ඇදගත්ත අපිට නිවට නියාළුව ඉන්න බෑ. ඒ නිසා අපි මේ වගකීම් තේරුම් අරන් කටයුතු කරන්න වෙනවා. “

“අපි දන්වා අද අපේ රටේ ක්‍රියාත්මක වෙන බලය, රාජ්‍ය බලය, දේශපාලන බලය මෙහෙයවන්නේ ජාතියට ද්‍රෝහිකම් කරන දුෂ්ටකම් කරන වෛර කරන විදේශ ගතව සිටින සංවිධාන, ඔවුන්ගේ මුදලින් යැපෙන, අදහස්වලින් චින්තනයෙන් යැපෙන පාලකයන්. ඔවුන්ට උවමනා දේ කරන්න තමයි උත්සහ කරන්නේ. ඔවුන්ට මේ කසාවත පෙන්නන්න බෑ. සිවුර තුළ ගොඩනැගී තිබෙන මේ ජාතික බලය සංස්කෘතිය මේ වටිනා විශිෂ්ට සම්බන්ධතා ඒවා ඉවසන්නේ නෑ. මෙපමන කාලයක් විදේශ රටවල සිට උත්සහ කළා පහර දෙන්න විනාශ කරන්න. අද ඒක ප්‍රබලව සෘජුවම වෙනවා. හමුදුරුවරුන්ට තාම ඒක දැනුනේ නෑ. තව අවුරුදු 2ක 3ක් යනකොට පාරට බහින්න බැරි තත්ත්වයක් උද්ගත වෙනවා. ඒ නිසා නිහඬව නොසිට ආණ්ඩු පෙරළන්න නොවෙයි පාලකයෝ ගෙදර යවන්න නොවෙයි. අපිට එල්ල වන අභියෝග ඉදිරියේ අපි නොසැලි සිට මෙසේ එකතු වී අපේ ශක්තිය අපේ බලය ලෝකයට පෙන්වා දෙන්න ඕනේ….”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජපානයේ ප්‍රභල භූ කම්පනයක්..පිරිසක් සිරවෙති

නිරතදිග ජපානයේ හටගත් ප්‍රභල භූ කම්පනයකින් ගොඩනැගිලි කිහිපයක් කඩා වැටී ඇති අතර කඩා වැටුනු සාප්පු සංකීර්ණයක කොටසක පිරිසක් සිරවී සිටින බවට වාර්තා වේ. භූ කම්පනයෙන්...

ඇමති විජිත පිලිපීනයේ PHIVIDEC කාර්මික භූමිය නිරීක්ෂණයක

අමාත්‍ය විජිත හේරත් පිලිපීනයේ PHIVIDEC කාර්මික භූමිය නිරීක්ෂණය කරයි.Tagoloan නගරාධිපතිනියගෙන් ශ්‍රී ලංකා නියෝජිත පිරිසට විශේෂ ස්තූතියක්​පිලිපීනයේ 'PHIVIDEC කාර්මික භූමිය' (PHIVIDEC Industrial Estate) හි ස්ථාපිත...

චමින්ද විජේසිරි රටක් වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී නොබියව හඬක් නැගුවා-විපක්ෂ නායක සජිත්

චමින්ද විජේසිරි මහතා සම්බන්ධයෙන් ඉදිරි නීති ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නඩු තීන්දුවෙන් පසුව පැවසීය.එම නඩු තීන්දුවෙන් පසු බදුල්ල මහාධිකරණයෙන් පිටතට...

ශ්‍රේෂ්ඨාධිකරණය තමන්ගේ ග්‍රහණයට නතුකර ගැනීමට කටයුතු කරන බවට ඒකාබද්ධ විපක්ෂයෙන් ආණ්ඩුවට චෝදනා

කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ අද (28) පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා දැක්වූ අදහස් ඒ කාලයේ පවා බ්‍රිතාන්‍ය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img