හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා සම්බන්ධයෙන් වර්තමාන ආණ්ඩුව අනුගමනය කළ ප්‍රතිපත්ති හේතුවෙන් සියලුම බන්ධනාගාර නිලධාරීන් බියට පත්වී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර ප්‍රකාශ කරනවා.
මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ මීගමුව බන්ධනාගාරයේ ඇති වූ සිදුවීම පාලනය කිරීම සඳහා නිවැරදි උපදෙස් ලබාදීමට අධිකරණ අමාත්‍යවරයා ක්‍රියා නොකළ බවයි.
එය බන්ධනාගාර නිලධාරීන්ගේ ප්‍රකාශවලින් මුළු රටටම දැනගැනීමට හැකි වූ බවත් මේ නිසා මෙහි වගකීම අධිකරණ අමාත්‍යවරයා ප්‍රමුඛ වර්තමාන ආණ්ඩුව භාරගත යුතු බවත් මන්ත්‍රීවරයා විසින් පෙන්වා දෙනු ලැබුවා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මෙසේද පැවසුවා.
හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතාගේ වැඩ තහනම් කරලා සිරගත කළා මේ ආණ්ඩුව විසින්.
ආණ්ඩුවේ නොදැනුවත්කම සහ නොහැකියාව ඒ සිදුවීමෙන්ම හොඳින්ම පැහැදිලි වනවා.මේ ආණ්ඩුව වැඩක් කරන්න දන්නේ නැති බව හැම ක්ෂේත්‍රයකින්ම මේ වන විට ඔප්පු කරලා ඉවරයි. ඔවුන්ට ප්‍රායෝගිකව කිසිදු වැඩක් කරන්න බැහැ.
තුෂාර උපුල්දෙනිය මහතා වැඩ තහනම් කලාට පසු මේ වනතුරු නව බන්ධනාගාර කොමසාරිස් වරයෙකු පත් කරලා නැහැ. තවමත් ඉන්නේ වැඩ බලන කොමසාරිස්වරයෙක්.තුෂාර මහත්තයාට සිදු වූ ඉරණම දෙස බලලා වර්තමානයේ ඉන්න වැඩ බලන කොමසාරිස්වරයා හෝ බන්ධනාගාර නිලධාරීන් කිසිදු වගකීමක් ගන්නේ නැහැ.ඔවුන් කිසිදු තීන්දුවක් ගන්නේ නෑ. ඔවුන් ඉන්නේ බය වෙලා.මෙම ගැටුම පාලනය කිරීම සඳහා ගිණිඅවි භාවතා කිරීමේ හැකියාව තිබුණත් ඔවුන් එම තීන්දුව ගන්න බිය වුණා. එම නිලධාරීන් කෙලින්ම මාධ්‍යයට කිව්වා ඔවුන්ට ඉහළින් උපදෙස් ලැබුණේ නැහැ කියලා. නියපොත්තෙන් කඩන්න තියෙන දේ තමයි මේ වැඩි වුණේ කියලා එම නිලධාරීන් මාධ්‍යයට කිව්වා.
ඒක නිසා මිනිස් ජීවත තිහකට අධික සංඛ්‍යාවක් අහිමි වු සිද්ධියට වර්තමාන අධිකරණ ඇමතිවරයා සහ වර්තමාන ආණ්ඩුව අනිවාර්යෙන්ම වගකිවයුතු වෙනවා.






















