Tuesday, November 24, 2026
HomeNEWSආණ්ඩුවේ නොහැකියාව මහරින් යළි පෙන්නුම් කෙරෙනවා- නාමල්

ආණ්ඩුවේ නොහැකියාව මහරින් යළි පෙන්නුම් කෙරෙනවා- නාමල්

බන්ධනාගාර පද්ධතියකට තාවකාලික පැලැස්තර යෙදීම නතර කර, එම පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමට රජය වහා පියවර ගත යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

සිය “X” ගිණුමෙහි සටහනක් තබමින් ඒ මහතා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා,

”තවත් බන්ධනාගාර නොසන්සුන්තාවයක් ඇතිවී තිබේ. මෙවර කොපමණ ජීවිත සංඛ්‍යාවක් අහිමි විය හැකිද යන්න ප්‍රශ්නයකි.මෙය සති කිහිපයක් ඇතුළත බන්ධනාගාරයක් තුළ වාර්තා වූ දෙවන ප්‍රධාන නොසන්සුන්තාවයයි. මේවා තවදුරටත් තනි සිදුවීම් ලෙස බැහැර කළ නොහැක. මෙය අයහපත් කළමනාකරණය, නොසැලකිලිමත්කම සහ දැඩි පීඩනයකට ලක්ව ඇති බන්ධනාගාර පද්ධතියක සෘජු ප්‍රතිඵලයකි. මෙය තවදුරටත් එක් හුදකලා සිදුවීමක් ගැන පමණක් නොවේ. මෙයින් පිළිඹිඹු වන්නේ දුර්වල කළමනාකරණය, නිසි නායකත්වයක් නොමැතිවීම සහ පිරිහීමට ඉඩ හැර ඇති බන්ධනාගාර පද්ධතියක ඛේදවාචකයයි.

අප හමුවේ මෙවැනි අර්බුදයක් දිගහැරෙමින් පවතිද්දී පවා, අදටත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවත්වාගෙන යන්නේ ස්ථිර බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයෙකු පත් කර නොමැතිවය. මෙතරම් තීරණාත්මක තනතුරක් සඳහා තවමත් සුදුසු අයෙකු නිසි පරිදි පත් කර නොමැත. අමතර ආරක්ෂක බලඇණි යෙදවීමෙන් එක් දිනකට තත්ත්වය පාලනය කරගත හැකි වුවද, එයින් ගැටලුව නිරාකරණය වන්නේ නැත.

බන්ධනාගාරවල පවතින අධික තදබදය, ප්‍රමාණවත් පහසුකම් නොපැවතීම, අසතුටුදායක සෞඛ්‍ය සේවා සහ අර්ථවත් පුනරුත්ථාපන වැඩපිළිවෙළක් නොමැතිකම පිළිබඳව වහා අවධානය යොමු විය යුතුය. සිරදඬුවමකින් පුද්ගලයෙකුගේ නිදහස අහිමි වන නමුත්, ඔහුගේ ගරුත්වය අහිමි නොවේ. ආයතනික වශයෙන් සම්පූර්ණයෙන්ම අසාර්ථක වී ඇති බන්ධනාගාර පද්ධතියකට තාවකාලික පැලැස්තර යෙදීම නතර කර, එම පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමට රජය වහා පියවර ගත යුතුය.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මනමේ සහ සිංහබාහු රනිල්ගේ ගෙදරට

මහාචාර්ය එදිරවීර සරත්චන්ද්‍රයන්ගේ මනමේ සහ සිංහබාහුු නාට්‍ය කණ්ඩායම් අද(24) දින හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට පැමිණ තිබේ. ලලිතා සරත්චන්ද්‍ර මහත්මියත්...

අයවැයෙන් වෙන් කරපු මුදලවත් වියදම් කරගන්න බැරුව ආණ්ඩුවට රට සංවර්ධනය කරන්නේ කොහොමද? ඒකාබද්ධ විපක්ෂය

කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ අද (24) පැවැති ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය සාකච්ඡාවේදී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා දැක්වූ අදහස් අද අපේ රටේ තිබෙන ප්‍රධාන...

මීතොටමුල්ල, ඉන්ධන නල පද්ධති මත ඉදිකර ඇති නිවාස සහ ඉදිකිරීම් ආරක්ෂිත ස්ථානවලට

මීතොටමුල්ල, ඉන්ධන නල පද්ධති මත ඉදිකර ඇති නිවාස සහ ඉදිකිරීම් ඉවත්කර ජනතාවට ආරක්ෂිත වාසස්ථාන ලබාදීමට විශේෂ ව්‍යාපෘතියක්......! කොලොන්නාව මැතිවරණ කොට්ඨාසයේ දහම්පුර සහ කුරුණියාවත්ත ග්‍රාම නිලධාරි...

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ ඉන්ධන ප්‍රවාහන නෞකා 03 ක් නාවික බෝම්බවල ගැටෙයි

නීති උල්ලංඝනය කරමින් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ ඉන්ධන ප්‍රවාහන නෞකා 03 ක් නාවික බෝම්බවල ගැටී ඇති බව ඉරානය පවසයි.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img