Saturday, August 8, 2026
HomeNEWSජනතාව සමඟ පාලනය කරන රාජ්‍යයක් ලෙස ගොඩනැගීමට අපි කැපවී සිටිනවා-අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි

ජනතාව සමඟ පාලනය කරන රාජ්‍යයක් ලෙස ගොඩනැගීමට අපි කැපවී සිටිනවා-අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි

දකුණු ආසියාවේ අනාගතය තීරණය වන්නේ ගෝලීය බල තුලනයේ සිදුවන වෙනස්කම් හෝ ආර්ථික තරඟකාරිත්වය මත පමණක් නොවෙයි

රජය වෙනම ව්‍යුහයක් ලෙස සිටිමින් ජනතාව පාලනය කරන රාජ්‍යයක් නොව, ජනතාව සමඟ පාලනය කරන ජනතාව ද ඇතුළත් රාජ්‍යයක් ලෙස ගොඩනැගීමට අපි කැපවී සිටිනවා

-අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය-

දකුණු ආසියාවේ අනාගතය තීරණය වන්නේ ගෝලීය බල තුලනයේ සිදුවන වෙනස්කම් හෝ ආර්ථික තරඟකාරිත්වය මත පමණක් නොවන බවත්, ශ්‍රී ලංකාව, රජය වෙනම ව්‍යුහයක් ලෙස සිටිමින් ජනතාව පාලනය කරන රාජ්‍යයක් නොව, ජනතාව සමඟ පාලනය කරන, ඔවුන් ඇතුළත් කරගත් රාජ්‍යයක් ලෙස ගොඩනැගීමට රජය කැපවී සිටින බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

ජාත්‍යන්තර අධ්‍යයන සංගමය (ISA) මගින් “වෙනස් වෙමින් පවතින ලෝක දේශපාලනය තුළ දකුණු ආසියාව” යන තේමාව යටතේ දකුණු ආසියාවේ ප්‍රථම වරට සංවිධානය වන (ISA) – South Asia in World Politics (SAWP) Conference 2026 සමුළුවට එක් වෙමින් අගෝස්තු 06 වැනි දින කොළඹ දී අග්‍රාමාත්‍යතුමිය මේ බව පැවසීය.

අගෝස්තු 6 සිට 8 දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන මෙම සමුළුවට දකුණු ආසියාව ඇතුළු අනෙකුත් කලාපයන්ගේ ජාත්‍යන්තර සබඳතා ක්ෂේත්‍රයේ කටයුතු කරන විද්වතුන්, පර්යේෂකයන්, ප්‍රතිපත්ති සම්පාදකයන් සහ වෘත්තිකයන් සහභාගී වන අතර, වර්තමානයේ කලාපීය සහ ගෝලීය වශයෙන් මුහුණ දීමට සිදුවන ගැටලු සඳහා විසඳුම් සෙවීම, දැනුම සහ අදහස් හුවමාරු කර ගැනීම මෙම සමුළුවේ අරමුණයි.

දකුණු ආසියාතික කලාපයේ ඉතිහාසය, පසුබිම, අභියෝග සහ ඉදිරි දැක්ම පිළිබඳ අදහස් දැක්වූ අග්‍රාමාත්‍යතුමිය, ආසියාවේ තරුණ ජනගහනය, වර්ධනය වෙමින් පවතින මානව සම්පත මෙන්ම ආර්ථික අවස්ථාවන් දකුණු ආසියාතික කලාපයේ අනාගතය නිර්මාණය කරන බව පැවසුවා ය.

කලාපීය වශයෙන් ගොඩ නගන සංවාද, සහයෝගීතා සහ මෙවැනි ක්ෂේත්‍රයන්හි දැනුම හුවමාරු කර ගැනීම සඳහා සංවිධානය වන සමුළු තවදුරටත් ශක්තිමත් කිරීමෙන් තනි රටක සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කිරීමෙන් ඔබ්බට ගොස්, සමෘද්ධිමත්, අන්තර්සම්බන්ධතා මතින් ගොඩ නැගුණු දකුණු ආසියාවක් ගොඩනැගීමට හැකි වන බව ද අග්‍රාමාත්‍යතුමිය අවධාරණය කළාය.

ශ්‍රී ලංකාව විනිවිදභාවයෙන්, වගවීමෙන් සහ සියල්ලන් ඇතුළත් පාලනයක් ශක්තිමත් කරමින් ආයතනික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් ඉදිරියට ගෙන යමින් සිටින බව ද අග්‍රාමාත්‍යතුමිය මෙහිදි සඳහන් කළ අතර වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යතුමිය,

“ශ්‍රී ලංකාවේ පරිවර්තනය තවමත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ආයතනික ප්‍රතිසංස්කරණ සඳහා ඉවසීම, නිහතමානීභාවය, ස්වයං විමර්ශනය සහ සත්‍යයට මුහුණ දීමේ ධෛර්යය අවශ්‍ය වනවා. එහෙත් අපගේ ගමන්මඟ අපට පැහැදිලියි. අපට අවශ්‍ය වන්නේ රජය වෙනත් ව්‍යුහයක් ලෙස සිටිමින් ජනතාව පාලනය කරන රාජ්‍යයක් නොවේ, ජනතාව සමඟ පාලනය කරන විනිවිදභාවයෙන්, වගවීමෙන්, සහ ඇතුළත් මානුෂීය රාජ්‍යයක් ගොඩනැගීමයි. දකුණු ආසියාවේ අනාගතය තීරණය වන්නේ ගෝලීය බල තුලනයේ වෙනස්කම් හෝ ආර්ථික තරඟකාරිත්වය මත පමණක් නොවෙයි. ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල ශක්තිය, සියල්ලන්ම ඇතුළත් සංවර්ධනය සහ යුක්තිය, සමානාත්මතාවය හා කලාපීය සහයෝගීතාවය පිළිබඳ අපගේ කැපවීම මත බව අග්‍රාමාත්‍යතුමිය පැවසුවාය.

දේශපාලන හා ජාත්‍යන්තර කටයුතු පිළිබඳ මහාචාර්යවරයෙකු වන නීල් ඩිවෝටා මහතා විසින් ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට, විශේෂයෙන්ම දකුණු ආසියානු කලාපයට සහ ජාත්‍යන්තර ප්‍රජාවට ලබාදිය හැකි සහාය පිළිබඳව යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යතුමිය මෙසේද පැවසීය.

දකුණු ආසියාතික කලාපයේ බොහෝ රටවල් විසින් ගෙන යන විභාග කේන්ද්‍රගත අධ්‍යාපන ක්‍රමය හේතුවෙන් පොදු අභියෝග රැසකට මුහුණ දෙනවා. එවැනි පද්ධති බොහෝ විට තරුණ පරපුරේ ඉගෙනුම් අත්දැකීම් සහ අනාගත අවස්ථා සීමා කරනවා.

රජය ක්‍රියාත්මක කරමින් සිටින අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා ශ්‍රී ලංකාව විභාග කේන්ද්‍රගත අධ්‍යාපන ක්‍රමයෙන් වෙනස් වී වෘත්තීය අවස්ථා මෙන්ම සමාජයට වැඩදායි පුරවැසියන් බිහිකරන අධ්‍යාපන පද්ධතියක් වෙත පරිවර්තනය කිරීම සිදු වෙනවා. ශ්‍රී ලංකාව අධ්‍යාපනය සඳහා කලාපීය මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක කිරීම රජයේ අරමුණක්. මෙම පරිවර්තනය මෙන්ම කලාපයක් ලෙස මුහුණ දෙන පොදු අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා කලාපීය සහයෝගීතාවක්, සංවාද සහ මෙවැනි සම්මේලනවල ඇති වැදගත්කම පිළිබඳව අග්‍රාමාත්‍යතුමිය තවදුරටත් අවධාරණය කළා ය.

ආර්ථික ප්‍රගතිය පිළිබඳ යොමු වූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අග්‍රාමාත්‍යතුමිය, විනිවිදභාවයෙන්, වගවීමෙන් සහ දූෂණයෙන් තොර පාලනයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වශයෙන් ලැබෙමින් පවතින ධනාත්මක පිළිගැනීම රටේ දේශපාලන පරිවර්තනයේ ප්‍රගතිය පිළිබිඹු කරන බව සඳහන් කළා ය. එම ධනාත්මක ඇගයීම් මඟින් ශ්‍රී ලංකාව ප්‍රතිසංවිධානය කිරීමේ සිට ආයෝජන සහ නව අවස්ථා සඳහා යෝග්‍ය ගමනාන්තයක් ලෙස ප්‍රචලිත වී ඇති බව ද පෙන්වා දුන්නාය. දරිද්‍රතාව තවමත් ප්‍රධාන අභියෝගයක් වන මුත් , ආර්ථික වර්ධනය, ක්ෂේත්‍ර සංවර්ධනය සහ රාජ්‍ය අංශයේ ආයතනික ප්‍රතිසංස්කරණ මඟින් නව අවස්ථා නිර්මාණය කිරීම අත්‍යවශ්‍ය බව අවධාරණය කළ අග්‍රාමාත්‍යතුමිය, ශ්‍රී ලංකාව සංවර්ධනය කරා යන ගමනට ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ ආයෝජන ඇතුළු දායකත්වය සඳහා ආරාධනා කළාය.

ISA–SAWP Conference 2026 සමුළුව ජාත්‍යන්තර සබඳතා ක්ෂේත්‍රයේ ශාස්ත්‍රීය පර්යේෂණ ප්‍රවර්ධනය කිරීම මෙන්ම පර්යේෂකයන් සහ ප්‍රායෝගික ක්ෂේත්‍රයේ නියැලෙන්නන් අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා වැදගත් ශාස්ත්‍රීය වේදිකාවක් නිර්මාණය කරමින් භූදේශපාලනය, කලාපීය ආරක්ෂාව, ආර්ථික සහයෝගීතාව, දේශගුණික විපර්යාස, good governence සහ වෙනස් වෙමින් පවතින ජාත්‍යන්තර පර්යාය ඇතුළු ක්ෂේත්‍ර රැසක් සම්බන්ධයෙන් නව පර්යේෂණ සහ ප්‍රතිපත්ති සංවාද සඳහා දායක වේ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මහානාහිමිවරුන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා තිබෙන බව මල්වතු නාහිමියන් පැවසූවා- දිනන දකුණ

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම පිළිබඳ ත්‍රෛනිකායික මහානාහිමිවරුන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා ඇති බවට මල්වතු පාර්ශ්වයේ මහ නාහිමියන් පැවසූ බව දිනන දකුණ සාමූහිකය...

බන්ධනාගාර රැඳවියන්ගේ ගැටලු සොයා බැලීමට ඒකාබද්ධ යාන්ත්‍රණයක්

බන්ධනාගාර රැඳවියන්ගේ ගැටලු සොයා බැලීමට ඒකාබද්ධ යාන්ත්‍රණයක් බන්ධනාගාරවල පවතින තත්ත්වය සම්බන්ධයෙන් සහ බන්ධනාගාර රැඳවියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන ඇති පියවර සමාලෝචනය කිරීමේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර...

බන්ධනාගාරවල නියම තත්ත්වය ගැන ආණ්ඩුවෙන් පැහැදිලි කිරීමක් අවශ්‍යයි – විපක්ෂ නායක සජිත්

බන්ධනාගාරවල ඇති තිබෙන ගැටුම්කාරී තත්ත්වය ගැන අධිකරණ ඇමති පාර්ලිමේන්තුවට පැහැදිලි කිරීමක් සිදු කරන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බන්ධනාගාර අමාත්‍යවරයා විසින් මේ වන විට...

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සංශෝධනය කිරීම ඇතුළු කරුණු ඇතුළත්, 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සංශෝධනය කිරීම ඇතුළු කරුණු ඇතුළත්, 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ.22 වන සංශෝධනය - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 (5)...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img