Sunday, November 1, 2026
HomeNEWSශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහනට ප්‍රකට හොලිවුඩ් නිළියකගෙන් ප්‍රශංසා

ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහනට ප්‍රකට හොලිවුඩ් නිළියකගෙන් ප්‍රශංසා

“ශ්‍රී ලංකාවේ බිම්බොම්බ ඉවත් කිරීමේ වැඩසටහන අතිසාර්ථකයි.”
සම්මානනීය හොලිවුඩ් නිළි රෝසමන්ඩ් පයික්.

ලෝකප්‍රකට හොලිවුඩ් රංගන ශිල්පිනී සහ බිම්බෝම්බ ඉවත් කිරීමේ ජාත්‍යන්තර තානාපතිනි රෝසමන්ඩ් පයික් (Rosamund Pike) මහත්මිය (අගෝ. 10)
නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ‍ මහතා හමුවී සුහද සාකච්ඡාවක නිරත විය.

බත්තරමුල්ලේ පිහිටි අමාත්‍යාංශ ප්‍රධාන රැස්වීම් ශාලාවේ දී පැවති මෙම හමුවේ දී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ ප්‍රගතිය පිළිබඳ රෝසමන්ඩ් මහත්මිය විමසූ අතර, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සිදුවන මෙම කාර්යභාරය පිළිබඳව සිය ප්‍රසාදයද පළ කළාය.

දැනට ලංකාවේ බිම්බෝම්බ සහිතව තිබූ ප්‍රදේශවලින් 90%ක්ම සාර්ථකව නිදහස් කර අවසන්ය.
ඉතිරිව ඇති වර්ග කිලෝමීටර 20.8ක භූමි ප්‍රමාණය ඉතාම සංකීර්ණ කටුක ප්‍රදේශ වන අතර ඉදිරි වසර 4 තුළ ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම බිම්බෝම්බවලින් තොර රටක් බවට ප්‍රකාශයට පත්කිරීමට අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලංකා යුද හමුදාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ විශේෂ පුහුණුවලත් සෙබළුන් 500 දෙනෙකු මේ සඳහා යෙදවීමට කටයුතු යොදා ඇති අතර, අනෙකුත් අංශ හැරුණුවිට යුද හමුදා නිලධාරීන් පමණක් වසරකට වර්ග කිලෝමීටර 1.5ක් නිදහස් කිරීම ඔවුන්ගේ ඉලක්කයයි.

මේ සඳහා රජය විසින් වෙන්කරන මුදල් ප්‍රමාණය පසු ගිය වසරට සාපේක්ෂව දෙගුණයකින් වැඩි කර ඇත.

මෙය හුදෙක් බිම්බෝම්බ ඉවත් කිරීමක් පමණක් නොව, උතුර සහ නැගෙනහිර සංවර්ධනය කරමින්, සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරමින්, සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාව අතර විශ්වාසය ගොඩනගන උතුම් ජාතික මෙහෙයුමකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රජය ආණ්ඩු බලය බලහත්කාරයෙන් හෝ තබා ගැනීමට මර්දන අණ පනත් ගණනාවක් ගෙන ඒමට සූදානම් – විපක්ෂ නායක සජිත්

රජය ආණ්ඩු බලය බලහත්කාරයෙන් හෝ තබා ගැනීමට මර්දන අණ පනත් ගණනාවක් ගෙන ඒමට සූදානම් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වරායේ ගොඩබාන මිලට ඉන්ධන ලබා...

ආදායම් ඉලක්කවලට තර්ජනයක් නොවන අයුරෙන් අයවැයෙන් යම් බදු ප්‍රමාණයක් අඩු කරනවා- ජනපති

ආදායම් ඉලක්කවලට තර්ජනයක් නොවන අයුරෙන් මෙවර අයවැයෙන් යම් බදු ප්‍රමාණයක් අඩු කරන බව, ජාතික විද්වත් සංවිධානයේ ජාතික සමුළුවට එක්වෙමින් ජනපති කියයි.-ජාතික විද්වත් සංවිධානයේ ජාතික...

ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායක අභාවප්‍රාප්ත වෙයි

ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික, ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායක (86) මහනුවර පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වෙයි.

ශ්‍රී ලංකාව පරාජයට පත් කරමින් පාකිස්ථානයට තුන් තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ජය

තුන්කොන් එක්දින තරගාවලිය - (අවසන් තරගය), පාකිස්ථානය කඩුළු 3 ක ජයක් සමඟ ශූරතාව දිනා ගනී. ශ්‍රී ලංකාව:325/8,පාකිස්ථානය:331/7 (48.3), ෆකර් සමන්:127, බායිග්:74, මදුසංක:63/3.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img