විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම සඳහාවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහාවන තීරණය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) අතර හෙට (12) ප.ව. 1ට විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත.
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහාවන පනත් කෙටුම්පත, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියමය පරිදි මේ වනවිට ගැසට් කර තිබේ.
එම පනත් කෙටුම්පතට අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 67ක් වන අතර, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 65ක් ලෙස සංශෝධනය කර ඇත.
කෙසේ නමුත් නීතිඥ සංගමයේ ස්ථාවරය වී ඇත්තේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ අදාළ ව්‍යවස්ථා සංශෝධනය මෙම අවස්ථාවේ නොකරන ලෙසය.
එම තීරණය සම්බන්ධයෙන් නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා ඇතුළු පිරිසක් පසුගියදා අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා සමගද විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වීය.
එම සාකච්ඡාවෙන් අනතුරුව ඔහු පවසා සිටියේ, ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ඇතුළු විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් තමන් ජනාධිපතිවරයාව දැනුම්වත් කිරීමට කටයුතු කරන බවය






















