Saturday, October 31, 2026
HomeNEWSලෝක ඡායාරූප දින සැමරුම අමාත්‍ය විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි

ලෝක ඡායාරූප දින සැමරුම අමාත්‍ය විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි

​

​ලෝක ඡායාරූප දිනය සැමරීම වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික් ඡායාරූපශාලා හිමියන්ගේ සංගමය සංවිධානය කළ විශේෂ සැමරුම් උත්සවය අද (18) දින වැලිසර Wave and Lake උත්සව ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි. අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම අවස්ථාව සඳහා දිවයින පුරා විසිරී සිටින වෘත්තීය ඡායාරූපශාලා හිමියන් සහ ඡායාරූප ශිල්පීන් විශාල පිරිසක් සහභාගී වූහ. මෙහිදී මෙම විශේෂ දිනය වෙනුවෙන් සමරු මුද්දරයක් එළිදැක්වීමද සිදු කෙරිණි.

​මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළේ, මානව ඉතිහාසය, සංස්කෘතිය සහ සමාජයීය සිදුවීම් අනාගත පරම්පරාව උදෙසා සාක්ෂි ලෙස සුරක්ෂිත කර තැබීමට ඡායාරූප ශිල්පීන් ඉටුකරන සේවය අතිශය අනභිභවනීය වන බවයි. තාක්ෂණික දියුණුවත් සමඟ ඡායාරූපකරණය ඩිජිටල්කරණයට ලක්වුවද, මිනිස් ජීවිතයේ සුඛ දුක්ඛයන් සහ සංස්කෘතික උරුමයන් කැමරා කාචයේ සටහන් කර ගනිමින් ඉතිහාසය නිර්මාණය කරන්නේ ඡායාරූප ශිල්පීන් බවද එතුමා පෙන්වා දුන්නේය.

​ඡායාරූප ශිල්පීන් මුහුණ දෙන වෘත්තීය ගැටලු පිළිබඳව අවධානය යොමු කළ අමාත්‍යවරයා, ජාතික හැඳුනුම්පත්, විදේශගමන් බලපත්‍ර සහ රියදුරු බලපත්‍ර සඳහා ඡායාරූප ලබාගැනීමේදී මතුව ඇති අභියෝග සම්බන්ධයෙන් ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කර විසඳුම් ලබාදීමට කටයුතු කරන බව ප්‍රකාශ කළේය. එසේම, මෙම වෘත්තියේ ගරුත්වය සහ අභිමානය ආරක්ෂා කිරීම රජයේ වගකීමක් ලෙස සලකා කටයුතු කරන බවද එතුමා වැඩිදුරටත් සඳහන් කළේය.

​එමෙන්ම ඡායාරූප ශිල්පීන් සතු සංවිධාන ශක්තිය සහ කැමරාවේ ඇති බලය රටේ යහපත් වෙනසක් වෙනුවෙන් යොදාගනිමින් ශ්‍රී ලාංකේය සමාජයේ උන්නතිය උදෙසා දායක වන ලෙසද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. සමස්ත ලංකා වෘත්තීය ඡායාරූප හිමියන්ගේ සංගමයේ 20 වැනි සංවත්සරය ද සලකුණු කෙරුණු මෙම අවස්ථාවේදී, සංගමයේ ඉදිරි ගමනට සහ සියලු වෘත්තීයවේදීන්ට අමාත්‍යවරයා සිය සුභාශිංසන පිරිනමන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ප්‍රජා ශක්ති යටතේ වවුනියාව දිස්ත්‍රික්කයේ සෑම ග්‍රාම නිලධාරී වසමකටම රුපියල් ලක්ෂ 52ක්-අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල

ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ වවුනියාව දිස්ත්‍රික්කයේ සෑම ග්‍රාම නිලධාරී වසමකටම රුපියල් ලක්ෂ 52ක සංවර්ධන වැඩසටහන් Photo Link - https://we.tl/t-qFzL0MKkTwQzUhXw Speech Link - https://we.tl/t-AmqVVErK3jnvt4GA ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන්...

රජයේ මර්දන පනත් අධිකරණයට අපහාස කිරීමක් – විපක්ෂ නායක සජිත්

රජය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උල්ලංඝනය කරමින් ඒකාධිපති ආඥාදායක පාලනයක් කරා රට ගෙන යන්න උත්සාහ කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ...

ආගම්වාදය සහ ජාතිවාදය ඇවිස්සීමට එරෙහිව නීතිමය පියවර ගන්නවා – සමාජවාදී තරුණ සංගමය

ආගම්වාදය සහ ජාතිවාදය ඇවිස්සීමට උත්සහ දරමින් සිදු කරන ප්‍රකාශවලට එරෙහිව නීතිමය පියවර ගන්නවා - සමාජවාදී තරුණ සංගමය ආගම්වාදය, ජාතිවාදය මූලික කරගනිමින් සිදුකරන ව්‍යාජ දේශපාලන විරෝධතාවයන්ට...

පරපුර දෙකක් නියෝජනය වන සාමාජිකත්වය ප්‍රවර්ධනය කළ පළමු පක්ෂය එජාපයයි- සභාපති වජිර

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ප්‍රතිව්‍යුහගත කරමින් මිලේනියල් UNP සහ Gen Z UNP යන පරම්පරා දෙකෙහි නියෝජිකත්වය අද (30) නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබීය. පිටකෝට්ටේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img