Thursday, August 20, 2026
HomeNEWS2027 මාර්තුවෙන් IMF ගිවිසුම අවසන්.2028න් පසු ණය ගෙවන්න ඩොලර් බිලියන 15ක සංචිතයක්...

2027 මාර්තුවෙන් IMF ගිවිසුම අවසන්.2028න් පසු ණය ගෙවන්න ඩොලර් බිලියන 15ක සංචිතයක් ඕනෑ – හිටපු ජනපති රනිල් අනතුරු හඟවයි.

එළැඹෙන 2027 වසරේ මාර්තු මාසය වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාව ඇති කරගෙන තිබෙන ගිවිසුම අවසන් වන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ 2028 වසරෙන් පසුව ශ්‍රී ලංකාවට යළි විදෙස් ණය ගෙවීමට සිදුවන බැවින්, එම කාලය වන විට මෙරට විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 15ක් පමණ මට්ටමක පැවතිය යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේක්ෂා කරන බවයි.

මහ බැංකුවේ අපේක්ෂාව අනුව මෙම වසර අවසන් වන විට මෙරට විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 8ක් පමණ වනු ඇති බවත්, ඒ අනුව ඉදිරියේදී තවත් ඩොලර් බිලියන 6ක් පමණ සොයාගැනීමට සිදුවන බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

එම ඩොලර් බිලියන 6 සොයාගැනීම සඳහා රටට වැඩපිළිවෙළක් අවශ්‍ය බවද ඔහු පෙන්වා දුන්නේය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ හිටපු අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් රචිත “යුධ දෙකකට උර දී” ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

“අපි යනකොට උද්ධමනය පාලනය කරලා රටේ විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 6ක් අපි ඉතුරු කරලා ගියේ. මේ ගමන මෙතනින් අවසන් වෙලා නෑ.

2028න් පසුව අපිට ණය ගෙවන්න තිබෙනවා. 2028න් පසුව ණය ගෙවන්න නම් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා අපේ විදේශ සංචිතය ඩොලර් බිලියන 15ක් විතර තියෙයි කියලා.

දැනට තියෙන්නේ 6යි. ඩොලර් බිලියන 8ක් හොයන්න තියෙනවා අද ඉඳන්. මහ බැංකුව කියලා තියෙනවා මේ අවුරුද්ද අවසන් වෙනකොට ඩොලර් බිලියන 8ක් තියෙයි කියලා. තව 6ක් හොයන්න තියෙනවා. ඒකයි මේ රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්නය.

තව කොන්දේසියකට අපි එකඟ වෙලා තිබෙනවා. ඒක ගෙවන ගමන් බැඳුම්කර කියනවා ඩොලර් බිලියන 3කට.

2027 මාර්තු අවසන් වෙනකොට IMF ගිවිසුම අවසානයි. IMF එක්ක එකතු වෙලා යනවාද, නැතිව යනවාද? ආණ්ඩුවේ වැඩසටහන කුමක්ද?

මේ රටේ ප්‍රධාන ප්‍රශ්නය අපි කොහොමද ආයේ ණය ගෙවන්නේ කියන එක. ව්‍යවස්ථා සංශෝධනය කරලා විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරනවාද, නැද්ද කියන එක නෙමෙයි අපේ අවධානය මෙතනට යොමු විය යුතුයි.

තාම පාර්ලිමේන්තුව ඇතුළේවත්, පාර්ලිමේන්තුව පිටවත් මේ ගැන කතා කරලා නෑ. ප්‍රශ්නය ආවම අපි මොකක්ද කරන්න යන්නේ? අපිට ගෙවන්න බැරිනම් ආපහු අපි බංකොළොත් වෙනවා.

මේ පොතේ යුද්ධ දෙකයි තියෙන්නේ. තුන්වැනි යුද්ධය ගැන තමයි ලියන්න ඕනේ. ඒකට ඔබතුමත් නෑ, අපිත් නෑ. මතක තියාගන්න, මේ යුද්ධ දෙක ඉවර වුණාට තව යුද්ධයක් එනවා. ඒ යුද්ධයෙන් පනින්න බැරිනම් අපි හරි කරදරයක ඉන්නේ කියලා කියන්න වෙනවා.

මම ඉතිං ගෙනත් තියෙන්නේ සුබ ආරංචි නෙමෙයි. කොහොම හරි මම හැමවෙලේම ගේන්නේ අසුබ ආරංචි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කොළඹ, කොටුව උරුමය සුරකිමින් සංචාරක කලාපයක් කිරීමේ සැලසුම් ජනපතිගේ අවධානයට

කොළඹ, කොටුව ඓතිහාසික උරුමය සුරකිමින් සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ සැලසුම් ජනපතිගේ අවධානයට කොළඹ ඓතිහාසික කොටුව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය කිරීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති...

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමට සැලසුම් කර තිබේ.

ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීම සඳහා එම සංගමයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (19) පස්වරුවේ රැස්වීමට නියමිත බව එහි වැඩබලන සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේය. ගුවන්තොටුපොළ...

හිටපු ඇමති ජගත් පුෂ්පකුමාරගේ බිරිඳ අනතුරකින් ජීවිතක්ෂයට.

හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතාගේ බිරිඳ වන දේශානි ගුණරත්න මහත්මිය අනතුරකට ලක්ව ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගොස් ඇත්තේ 55 හැවිරිදි දෙදරු මවකි. තමන්ට අයත් අලුතින් ඉදිකරමින් පවතින...

පොලිසිය සම්පූර්ණයෙන්ම ‘පොලිෂ්’ වෙයි..!

ලබන ජනවාරි මාසය වන විට ශ්‍රී ලංකා පොලිසිය සඳහා නව නිල ඇඳුමක් හඳුන්වා දීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img