Saturday, October 31, 2026
HomeNEWS2027 මාර්තුවෙන් IMF ගිවිසුම අවසන්.2028න් පසු ණය ගෙවන්න ඩොලර් බිලියන 15ක සංචිතයක්...

2027 මාර්තුවෙන් IMF ගිවිසුම අවසන්.2028න් පසු ණය ගෙවන්න ඩොලර් බිලියන 15ක සංචිතයක් ඕනෑ – හිටපු ජනපති රනිල් අනතුරු හඟවයි.

එළැඹෙන 2027 වසරේ මාර්තු මාසය වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාව ඇති කරගෙන තිබෙන ගිවිසුම අවසන් වන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ 2028 වසරෙන් පසුව ශ්‍රී ලංකාවට යළි විදෙස් ණය ගෙවීමට සිදුවන බැවින්, එම කාලය වන විට මෙරට විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 15ක් පමණ මට්ටමක පැවතිය යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේක්ෂා කරන බවයි.

මහ බැංකුවේ අපේක්ෂාව අනුව මෙම වසර අවසන් වන විට මෙරට විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 8ක් පමණ වනු ඇති බවත්, ඒ අනුව ඉදිරියේදී තවත් ඩොලර් බිලියන 6ක් පමණ සොයාගැනීමට සිදුවන බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

එම ඩොලර් බිලියන 6 සොයාගැනීම සඳහා රටට වැඩපිළිවෙළක් අවශ්‍ය බවද ඔහු පෙන්වා දුන්නේය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ හිටපු අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් රචිත “යුධ දෙකකට උර දී” ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

“අපි යනකොට උද්ධමනය පාලනය කරලා රටේ විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 6ක් අපි ඉතුරු කරලා ගියේ. මේ ගමන මෙතනින් අවසන් වෙලා නෑ.

2028න් පසුව අපිට ණය ගෙවන්න තිබෙනවා. 2028න් පසුව ණය ගෙවන්න නම් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා අපේ විදේශ සංචිතය ඩොලර් බිලියන 15ක් විතර තියෙයි කියලා.

දැනට තියෙන්නේ 6යි. ඩොලර් බිලියන 8ක් හොයන්න තියෙනවා අද ඉඳන්. මහ බැංකුව කියලා තියෙනවා මේ අවුරුද්ද අවසන් වෙනකොට ඩොලර් බිලියන 8ක් තියෙයි කියලා. තව 6ක් හොයන්න තියෙනවා. ඒකයි මේ රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්නය.

තව කොන්දේසියකට අපි එකඟ වෙලා තිබෙනවා. ඒක ගෙවන ගමන් බැඳුම්කර කියනවා ඩොලර් බිලියන 3කට.

2027 මාර්තු අවසන් වෙනකොට IMF ගිවිසුම අවසානයි. IMF එක්ක එකතු වෙලා යනවාද, නැතිව යනවාද? ආණ්ඩුවේ වැඩසටහන කුමක්ද?

මේ රටේ ප්‍රධාන ප්‍රශ්නය අපි කොහොමද ආයේ ණය ගෙවන්නේ කියන එක. ව්‍යවස්ථා සංශෝධනය කරලා විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරනවාද, නැද්ද කියන එක නෙමෙයි අපේ අවධානය මෙතනට යොමු විය යුතුයි.

තාම පාර්ලිමේන්තුව ඇතුළේවත්, පාර්ලිමේන්තුව පිටවත් මේ ගැන කතා කරලා නෑ. ප්‍රශ්නය ආවම අපි මොකක්ද කරන්න යන්නේ? අපිට ගෙවන්න බැරිනම් ආපහු අපි බංකොළොත් වෙනවා.

මේ පොතේ යුද්ධ දෙකයි තියෙන්නේ. තුන්වැනි යුද්ධය ගැන තමයි ලියන්න ඕනේ. ඒකට ඔබතුමත් නෑ, අපිත් නෑ. මතක තියාගන්න, මේ යුද්ධ දෙක ඉවර වුණාට තව යුද්ධයක් එනවා. ඒ යුද්ධයෙන් පනින්න බැරිනම් අපි හරි කරදරයක ඉන්නේ කියලා කියන්න වෙනවා.

මම ඉතිං ගෙනත් තියෙන්නේ සුබ ආරංචි නෙමෙයි. කොහොම හරි මම හැමවෙලේම ගේන්නේ අසුබ ආරංචි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ප්‍රජා ශක්ති යටතේ වවුනියාව දිස්ත්‍රික්කයේ සෑම ග්‍රාම නිලධාරී වසමකටම රුපියල් ලක්ෂ 52ක්-අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල

ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ වවුනියාව දිස්ත්‍රික්කයේ සෑම ග්‍රාම නිලධාරී වසමකටම රුපියල් ලක්ෂ 52ක සංවර්ධන වැඩසටහන් Photo Link - https://we.tl/t-qFzL0MKkTwQzUhXw Speech Link - https://we.tl/t-AmqVVErK3jnvt4GA ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන්...

රජයේ මර්දන පනත් අධිකරණයට අපහාස කිරීමක් – විපක්ෂ නායක සජිත්

රජය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උල්ලංඝනය කරමින් ඒකාධිපති ආඥාදායක පාලනයක් කරා රට ගෙන යන්න උත්සාහ කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ...

ආගම්වාදය සහ ජාතිවාදය ඇවිස්සීමට එරෙහිව නීතිමය පියවර ගන්නවා – සමාජවාදී තරුණ සංගමය

ආගම්වාදය සහ ජාතිවාදය ඇවිස්සීමට උත්සහ දරමින් සිදු කරන ප්‍රකාශවලට එරෙහිව නීතිමය පියවර ගන්නවා - සමාජවාදී තරුණ සංගමය ආගම්වාදය, ජාතිවාදය මූලික කරගනිමින් සිදුකරන ව්‍යාජ දේශපාලන විරෝධතාවයන්ට...

පරපුර දෙකක් නියෝජනය වන සාමාජිකත්වය ප්‍රවර්ධනය කළ පළමු පක්ෂය එජාපයයි- සභාපති වජිර

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ප්‍රතිව්‍යුහගත කරමින් මිලේනියල් UNP සහ Gen Z UNP යන පරම්පරා දෙකෙහි නියෝජිකත්වය අද (30) නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබීය. පිටකෝට්ටේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img