ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීම සඳහා එම සංගමයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (19) පස්වරුවේ රැස්වීමට නියමිත බව එහි වැඩබලන සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේය.
ගුවන්තොටුපොළ සෞඛ්‍ය කාර්යාලයේ සිදුවන බව කියන වංචා හා දූෂණ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන ඒකකයට ප්‍රකාශයක් ලබාදුන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු පරිපාලන නීති රීතිවලින් බැහැරව ස්ථානමාරු කිරීමේ සිද්ධියක් මුල්කර ගනිමින් මෙම වර්ජනය සැලසුම් කර ඇති බව සඳහන් වේ.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා කිරීමෙන් අනතුරුව හෙට (20) සිට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කරන්නේද යන්න පිළිබඳ අවසන් තීරණය අද ගන්නා බව උපුල් රෝහණ මහතා පැවසීය.






















