හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතාගේ බිරිඳ වන දේශානි ගුණරත්න මහත්මිය අනතුරකට ලක්ව ජීවිතක්ෂයට පත්ව තිබේ.
මියගොස් ඇත්තේ 55 හැවිරිදි දෙදරු මවකි.
තමන්ට අයත් අලුතින් ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක දෙවන මහලෙන් බිමට වැටීමෙන් ඇය මෙම අනතුරට ලක්ව ඇති බව වාර්තා වේ.
අනතුරින් බරපතළ තුවාල ලැබූ දේශානි ගුණරත්න මහත්මිය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී අද (19) උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබේ.
පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේ ඇයගේ දේහය අවසන් කටයුතු සඳහා තණමල්විල පිහිටි නිවස වෙත රැගෙන යාමට නියමිත බවයි.






















