Friday, August 21, 2026
HomeNEWSවී මිලදී ගැනීමට රුපියල් මිලියන 7,500ක් - පරිපූරක ඇස්තමේන්තුව අද පාර්ලිමේන්තුවට

වී මිලදී ගැනීමට රුපියල් මිලියන 7,500ක් – පරිපූරක ඇස්තමේන්තුව අද පාර්ලිමේන්තුවට

2026 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය රුපියල් මිලියන 7,500ක ප්‍රතිපාදන සලසා ගැනීම සඳහා වන පරිපූරක ඇස්තමේන්තුව අද (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ සභාපතිත්වයෙන් ඊයේ (20) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ සම්බන්ධයෙන් තීරණය කර තිබේ.

ඒ අනුව පරිපූරක ඇස්තමේන්තුව අනුමත කර ගැනීම සඳහා වන විවාදය අද පෙරවරු 11.30 සිට පස්වරු 12.30 දක්වා පැවැත්වීමට නියමිතය.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයට 2026 වසර සඳහා වෙන්කර ඇති, මෙම වසර තුළදී උපයෝජනය නොවන බවට අපේක්ෂිත රුපියල් මිලියන 7,500ක ප්‍රතිපාදන වී මිලදී ගැනීම සඳහා යොදා ගැනීමට මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කර තිබේ.

මේ අතර, රජය විසින් ඉදිරිපත් කරනු ලබන සභාව කල් තැබීමේ යෝජනාව පස්වරු 1.00 සිට පස්වරු 5.30 දක්වා විවාදයට ගැනීමට නියමිතව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නන්දා මාලනිය වෙනුුවෙන් තෙදිනක ශෝක කාලයක් – අවසන් කටයුතු 22 සෙනසුරාදා

ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය ගායන වේදනී, විශාරද ආචාර්ය නන්දා මාලනියගේ අභාවය හේතුවෙන් 2026 අගෝස්තු මස 21, 22 සහ 23 යන තෙදින ජාතික ශෝක දින ලෙස...

දිස්ත්‍රික්ක රැසකට වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (21) දිනයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම...

මොණරාගල කුඹුක්කන ප්‍රදේශයේදී අනතුරක්.. පස් දෙනකු මරුට

කැබිලිත්ත වන්දනාවේ යමින් සිටි පිරිසක් රැගත් ට්‍රැක්ටර් රථයක් මොණරාගල - කුඔුක්කන ප්‍රදේශයේදී ට්‍රිපර් රථයක ගැටී අද (21) අලුයම සිදු වූ අනතුරකින් එකම පවුලේ 2...

පොලිස් නිෂ්කාශන දත්ත පද්ධතිය බිඳවැටෙයි – ජනතාවගෙන් ඉල්ලීමක්

පොලිස් මූලස්ථානය මගින් නිකුත් කරන නිෂ්කාශන සහතිකපත් සම්බන්ධ දත්ත පද්ධතිය අක්‍රිය වී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි. බත්තරමුල්ල, සුහුරුපාය ගොඩනැඟිල්ලේ 17 වන මහලේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img