Friday, October 30, 2026
HomeNEWSවෘත්තිකයන් රට හැර යාම වේගවත් වෙයි – වෛද්‍යවරුන් සහ සරසවි ඇදුරන් 3,000කට...

වෘත්තිකයන් රට හැර යාම වේගවත් වෙයි – වෛද්‍යවරුන් සහ සරසවි ඇදුරන් 3,000කට වැඩි පිරිසක් පිටරට.

ආර්ථික සහ වෘත්තීය ගැටලු ඇතුළු විවිධ හේතූන් මත ශ්‍රී ලංකාවේ විශේෂඥ වෛද්‍යවරුන්, ශ්‍රේණි වෛද්‍යවරුන් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු වෘත්තිකයන් 3,000කට වැඩි පිරිසක් රට හැර ගොස් ඇති බව වාර්තා වේ.

2022 සිට 2024 දක්වා වසර තුනක කාලය තුළ පමණක් විශේෂඥ වෛද්‍යවරුන් සහ ශ්‍රේණි වෛද්‍යවරුන් 1,489 දෙනෙකු විදේශගත වී ඇති බව සඳහන් වේ.

මේ අතර, සමස්තයක් ලෙස විශේෂඥ වෛද්‍යවරුන් 2,500කට ආසන්න පිරිසක් රාජ්‍ය සේවය අතහැර විදේශගත වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි.

වෛද්‍යවරුන් රට හැර යාම හේතුවෙන් රජයට සිදුව ඇති පාඩුව රුපියල් කෝටි 1,200කට වැඩි බවටද ගණන් බලා තිබේ. තවත් වෛද්‍යවරුන් 2,000කට වැඩි පිරිසක් විදේශගත වීමට සූදානමින් සිටින බවද වාර්තා වේ.

මේ අතර, පශ්චාත් උපාධි සහ අධ්‍යයන නිවාඩු ලබා විදේශගත වී, නැවත සේවයට පැමිණීමේ ගිවිසුම් කඩ කරමින් සේවයට වාර්තා නොකළ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 514 දෙනෙකු පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ලෝක ප්‍රකට රංගන ශිල්පී පැට්‍රික් ස්ටුවර්ට් අභාවප්‍රාප්ත වෙයි

"ස්ටාර් ට්‍රැක් ද නෙක්ස්ට් ජෙනරේෂන්" චිත්‍රපටයේ කැප්ටන් ජොං -ලූක් පිකාඩ් සහ "එක්ස්-මෙන්" චිත්‍රපටවල මහාචාර්ය චාල්ස් එග්සේවියර් ලෙස රඟපෑ බ්‍රිතාන්‍ය රංගන ශිල්පි පැට්‍රික් ස්ටුවර්ට් (86)...

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට පාන් සහ අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 5 කින් ඉහළට

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට 450g පාන් ගෙඩියක සහ අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 5 කින් ඉහළට: සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය.

කිසිම මුස්ලිම් මන්ත්‍රීවරයෙකුවත් කාශ්මීරය ගැන කතා නොකිරීම කණගාටුයි- ශිරාස් යුනුස්

වර්තමාන ආණ්ඩුව සහ විරුද්ධ පක්‍ෂය කාශ්මීරය ගැන කතා නොකිරීම ඉතාම කණගාටුවට කරුණක් බව නව ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ෂිරාස් යුණුස් මහතා ප්‍රකාශ කරයි. ඔහු පෙන්ව⁣ා...

බේස්ලයින් මාර්ගයේ තෙවන අදියර සංවර්ධනය ආරම්භ කෙරේ

රුපියල් බිලියන 2.8 ක දේශීය අරමුදල් යොදාගනිමින් බේස්ලයින් මාර්ගයේ තෙවන අදියර සංවර්ධනය ආරම්භ කෙරේ.....! කොළඹ දිස්ත්‍රික්කයේ බේස්ලයින් මාර්ග දිගුව ව්‍යාපෘතියේ තුන්වන අදියර ක්‍රියාත්මක කරමින් කිරුලපන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img