Sunday, August 23, 2026
HomeNEWS"සරසවි දිරියෝ අභිමන්" දෙවන වැඩසටහන අගමැතිනියගේප්‍රධානත්වයෙන් යාපනයේදී

“සරසවි දිරියෝ අභිමන්” දෙවන වැඩසටහන අගමැතිනියගේප්‍රධානත්වයෙන් යාපනයේදී

අබාධ සහිත ප්‍රජාව සමාජයට වටිනා සහ අවශ්‍ය ජන කොටසක්

–              අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

ශාරීරික සීමාවන් තම අධ්‍යාපන සිහිනවලට බාධාවක් කර නොගත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන ආබාධ සහිත සිසු සිසුවියන් වෙනුවෙන් ජනාධිපති අරමුදල මගින් ක්‍රියාත්මක කරන “සරසවි දිරියෝ අභිමන්” සුවිශේෂී ශිෂ්‍යාධාර වැඩසටහනේ දෙවන වැඩසටහන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (22) පැවැත්විණි.

මෙම වැඩසටහන යටතේ දැනට ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන ආබාධ සහිත සියලුම සිසුන් ඇගයීමට ලක් කරන අතර, එක් සිසුවෙකුට රුපියල් ලක්ෂයක එක්වරක් පිරිනමන ශිෂ්‍යාධාරයක් ලබා දීමට ජනාධිපති අරමුදල කටයුතු කරනු ලැබේ.

යාපනය, වව්නියාව සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන ආබාධ සහිත  සිසුන් 76 දෙනෙකු මෙහිදී ඇගයීමට ලක් කෙරුණු අතර, මෙම වැඩසටහන සඳහා සුදුසුකම් ලබා ඇති සමස්ත සිසුන් සංඛ්‍යාව 400කට ආසන්න වේ.  

ප්‍රතිලාභී සිසුන් අසළට ගොස් ශිෂ්‍යාධාර පිරිනැමීමද මෙහි විශේෂත්වයක් විය.

මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළේ විශ්වවිද්‍යාල  අධ්‍යාපනය ලබන අබාධ සහිත  සිසු සිසුවියන්ට ජනාධිපති අරමුදලෙන් ශිෂ්‍යත්ව පිරිනැමීම මගින් එම ප්‍රජාව සමාජයට වටිනා සහ අවශ්‍ය ජන කොටසක් බව තහවුරු කිරිමට  අපේක්ෂා කරන බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය

අද දවස අපි සියලු දෙනාටම විශේෂ දවසක්. මා ඉදිරියේ සිටින ඔබ අපිට සුවිශේෂි සිසු දරු දැරියන් පිරිසක්. ඒ ඔබේ ධෛර්යය සහ විශ්වාසය නිසයි. ඔබ ඔබට මුහුණ දීමට සිදු වූ සියලු අභියෝගවලට මුහුණ දී අද මෙතනට පැමිණ තිබෙන්නේ ඒ ධෛර්යය සහ විශ්වාසය නිසයි.

අද ජනාධිපති අරමුදලෙන් මේ සිදු කරන්නේ එම ධෛර්යයට හා විශ්වාසයට උපහාර පුද කිරීමයි. ඔබව දුටූ විට මටත් මෙතනට එන්න පුලුවන් කියලා හිතන්න පුලුවන් සිසු සිසුවියන් දස දහස් ගණනක් තව ඉන්නවා. ඔබ ඔවුන්ට ධෛර්යයක්. මේ උපහාරය තුළින් ඔබ පසු පස තවත් සිසු සිසුවියන් දහස් ගණනක් මෙතනට එනු ඇතැයි අපි විශ්වාස කරනවා.

ඔබ දහසක් දුෂ්කරතාවලට මුහුණ දෙන්න ඇති. ඔබ දුකට පත්වෙන්න ඇති. ඔබව ප්‍රතික්ෂේප වු අවස්ථා ඇති. නමුත් අපි අද මේ වැඩසටහන තුළින් කියන්න උත්සාහ කරන්නේ ඔබව අපිට වටින බවයි. ඔබේ අධිෂ්ඨානය අගය කරන බවයි. සීමාවන් අභියෝගයන් ලෙස නොසළකා හරිමින් මේ දක්වා පැමිණීම පිළිබදව අපි ඔබට ස්තූතිවන්ත වෙනවා

අපේ රටේ වැඩි වශයෙන්ම අබාධ සහිත ප්‍රජාවක් ඉන්නේ උතුරු පළාතේ. එය අමිහිරි යුද්ධයක අමිහිරි අත්දැකීමක්.  එවැනි තත්වයක් ඇති නොවන්නට කැප වී වැඩ කරන රජයක් ලෙස එවැනි තත්වයන් ඇති වීමට බලපාන සාධක  නිර්මාණය වීමට ඉඩ නොදෙන රජයක් ලෙස අපි බලාපොරොත්තු වෙනවා ඒ යුද්ධය තුළ වැඩි වශයෙන්ම බැට කෑ ජනතාවට යම් ශක්තියක් වීමට.  ඒක ඉතාමත් වැදගත් කියලා අපි හිතනවා.

කිසිවෙක් අත්නොහැර සියලු දෙනාට සමානාත්මතාවය දැනෙන සමාජයක් ගොඩනැගීමට ගෙන යන වැඩපිළිවෙළට ජනාධිපති අරමුදල දායක කර ගැනීමට හැකි වීම සතුටක්. පෙර පාසල් අධ්‍යාපනයේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වාම ආබාධ සහිත දරුවන්ට  ආධාර කිරීමට අපි වැඩසටහන් සකස් කර තිබෙනවා. අධ්‍යාපනයේ අවස්ථා පුළුල් කර තිබෙනවා. තාක්ෂණය භාවිතා කර ඉගෙනුම් ආධාර සැයපීමට ජනාධිපති අරමුදල නියමු ව්‍යාපෘති ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ වගේම අබාධ සහිත පුද්ගලයන් අපිට වැදගත්, ඔවුන් අපිට වටිනවා කියන අදහස සමාජ ගත කිරිම ඉතා වැදගත් වෙනවා.  ඒ නිසා ඔබේ කතාව අනෙක් අයට කියන්න කියලා අපි ඉල්ලා සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ලබන වසරේ සිට ඇරඹෙන විදුලි දුම්රිය

කොළඹ නගරය සහ තදාසන්න ප්‍රදේශ ආවරණය වන පරිදි නව විදුලි දුම්රිය ව්‍යාපෘතියක කටයුතු ලබන වසරේදී ආරම්භ කිරීමට නියමිත බව පළාත් සභා සහ පළාත් පාලන...

22 සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පවත්වන්නැයි ITAK ඉල්ලයි

යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්විය යුතු බව ඉලංකෛ තමිළ් අරසු කච්චි අවධාරණය කරයි. පසුගියදා පැවැති එම පක්ෂ දේශපාලන මණ්ඩල රැස්වීමේදී...

25වැනිදායින් පසු කාලගුණයේ වෙනසක්

එළැඹෙන 25 වැනිදා සිට නිරිතදිග ප්‍රදේශ ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි තත්ත්වයේ යම් වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ...

ශ්‍රේෂ්ඨාධිකරණය සතු කාර්යභාරය ඇමතිවරුන් ප්‍රකාශ කිරීම බරපතල තත්ත්වයක්- දිනන දකුණ

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වූ නිශ්චිත ක්‍රියාවලියක් සිදු වෙමින් පවතින මොහොතක ශ්‍රේෂ්ඨාධිකරණය සතු කාර්යභාරය රටේ අධිකරණ අමාත්‍යවරයා විසින් කල් ඇතිව ප්‍රකාශයට පත්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img