ශ්‍රී ලංකාව සහ ASEAN සංවිධානයේ රටවල් අතර වෙළඳාම සහ ආයෝජන, සංචාරක කර්මාන්තය, අධ්‍යාපනය හා සංස්කෘතිය ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීම රජයේ අපේක්ෂාව බව අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේ ය. සතියක් පුරා කොළඹ පැවැත්වෙන “ASEAN Cuisines Week 2026” ආහාර ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවයට සහභාගී වෙමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා මේ බව ප්‍රකාශ කළේ ය.
ශ්‍රී ලංකාව තුළ මෙම ප්‍රදර්ශනය සංවිධානය කිරීම සම්බන්ධයෙන් කොළඹ පිහිටි ආසියාන් (ASEAN) දූත මණ්ඩලවල සභාපතිනිය ලෙස කටයුතු කරන ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ වියට්නාම තානාපති ගරු. ට්‍රින් ති ටම් (Trinh Thi Tam) මැතිණිය ඇතුළු ආසියාන් තානාපතිවරුන් වෙත අමාත්‍යවරයා සිය කෘතඥතාව පළ කළේය.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, මෙම උත්සවය හුදෙක් ආහාර රටාවන් සමරන්නක් පමණක් නොව මිත්‍රත්වය, අන්‍යෝන්‍ය අවබෝධය සහ හවුල්කාරිත්වය තහවුරු කරන්නක් බවත් සංස්කෘතීන් සහ ප්‍රජාවන් එකිනෙකා යා කරන ප්‍රබල මාධ්‍යයක් ලෙස ආහාර හඳුන්වා දුන්නේය.
කොළඹ Cinnamon Lakeside හිදී ඊයේ (21) පැවැති මෙම අවස්ථාව සඳහා කොළඹ සිටින ආසියාන් රටවල තානාපතිවරුන්, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ඇතුළු ප්‍රභූ අමුත්තන් රැසක් එක්ව සිටියහ.






















