සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පසුගියදා පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වූයේ පාර්ලමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ් මහතා මෙසේද පැවැසීය,
”සැප්තැම්බර් මාසය වනවිට ජාතික ජනබලවේග ආණ්ඩුවට වසර දෙකක කාලයක් ගතවෙනවා. මෙම කාලය තුළ විවිධ ආයතන විසින් ජාතික ජනබලවේග ආණ්ඩුව සම්බන්ධයෙන් සමීක්ෂණ වාර්තා ඉදිරිපත් කර තිබුණා. ඒ් වගේම ආණ්ඩුවේ ජනප්‍රියතාවය ඉහළ ගොස් තිබෙන බවටත් ජනතාව ආණ්ඩුව කෙරෙහි ප්‍රබල විශ්වාසයකින් පසුවන බවටත් නොයෙකුත් ආකාරයේ සමීක්ෂණ වාර්තා පළ වී තිබුණා. වෙරිටේ රිසර්ච් විසින් වත්මන් ආණ්ඩුව කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් සිදුකළ නවතම සමීක්ෂණයට අනුව ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය 50% ක් බව ප්‍රකාශ කර තිබෙනවා. මේ අතර මෙම සමීක්ෂණයට අනුව ආර්ථිකයේ ඉදිරි දැක්ම පිළිබඳව ජනතා මතයද සියයට 42 ක් දක්වා කැපී පෙනෙන ලෙස අඩු වී තිබෙනවා. ඒ් වගේම ආණ්ඩුව සම්බන්ධයෙන් තෘප්තිමත් වන ප්‍රතිශතය සියයට 38 ක් දක්වා අඩු වී තිබෙනවා. මෙම ප්‍රතිශත මීට මාස කිහිපයකට පෙර ඉහළ අගයන්වල පැවැතුණා. නමුත් අද වනවිට එම අගයන් පහළ මට්ටමකට වැටී තිබෙනවා.
ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති හරහා රට තුළ විශාල දරිද්‍රතාවයක් ඇති වී තිබෙනවා. ඒ් වගේම ඇති නැති පරතරය , අදායම් විෂමතාවය සමාජය තුළ ඇති වී තිබෙනවා. දරිද්‍රතාවය ඉහළ යාම හේතුවෙන් රටේ ජනතාව දැඩි අසීරුතාවයකට මුහුණ දී සිටිනවා. මේ වනවිට සීඝ්‍ර ලෙස අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා. ආනයන භාණ්ඩවලත් මිල ඉහළ යාම හේතුවෙන් ජනතාවට දැඩි ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දෙන්න සිදුවෙලා තිබෙනවා. කෙසේ නමුත් ආණ්ඩුවේ ගමන් මග පිළිබඳව සතුටු විය නොහැකියි. ජන ජීවිතයට අවශ්‍ය වන භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉහළ යාම ජනතාවට දරා ගැනීමට නොහැකියි. ආණ්ඩුව කෙරෙහි තිබෙන විශ්වාසය , සැහිමකට පත්වීම සියයට 50 කින් පහළට වැටී තිබෙනවා. මෙම වසර දෙක තුළ අලුත් රැකි රක්ෂා ඇති කිරීම , කිසිදු ආයෝජනයක් රටට ලැබිලා නැහැ , ජනතාවගේ ආදායම් මාර්ග දියුණු වෙලා නැහැ. ජනතාගේ ජිවන බර අඩු කරන්න ආණ්ඩුවට නොහැකි වී තිබෙනවා. ඒ් වගේම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබුණ පොරොන්දු කිසිවක් ඉටු කරන්න ආණ්ඩුව කටයුතු කරලා නැහැ. ඒ් නොහැකිවමී තුළ ජනතාවට ආණ්ඩුව කෙරෙහි තිබුණ විශ්වාසය බිඳ වැටී තිබෙනවා.
ඒ් වගේම පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු වුවත් පළාත් සභා මැතිවරණය පවත්වන්න ආණ්ඩුව කටයුතු කරන්නේ නැහැ. ඒ් වගේම 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනමත විචාරණයක් තියනවාද? නැද්ද ? යන සාකච්ඡාවත් රට තුළ තිබෙනවා. ඒ් නිසා මැතිවරණය කඩිනමින් නොපැවැත්වුවහොත් ආණ්ඩුවේ ජනප්‍රියතාවය තවත් පහළට යන්න හැකියාව තිබෙනවා. ඒ් නිසා මැතිවරණයක් ඉක්මනින්න තැබිය යුතුයි. මැතිවරණ කල් දැම්මොත් ආණ්ඩුවේ පැවැත්ම කෙටි වෙනවා. ඒ් වගේම ආණ්ඩුව රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කරන බවක් පෙනෙන්න නැහැ. ආර්ථිකය පිළිබඳව ආණ්ඩුවට කිසිම දැක්මක් නැහැ. පළාත් සභා මැතිවරණය හෝ ජනමත විචාරණය ඉක්මනින් පැවැත්වීම තුළ යම් ප්‍රමාණයකට හෝ කඩා වැටීම නවත්වා ගන්න හැකියාව තිබෙනවා. ආණ්ඩුවේ ඉදිරිගමන නරක තත්ත්වයකට පත් වෙන්න ඉඩ තිබෙන බව සමීක්ෂණ වාර්තා අනුව පෙනී යනවා.
පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස සමගි ජනබලවේගය දිගින් දිගටම ආණ්ඩුවෙන් ඉල්ලීම් සිදුකළා. සමීක්ෂණවලින් ඉහළ ප්‍රසාදයක් තිබෙන විටත් පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටියා. මේ වනවිට නිකුත් කර ඇති සමීක්ෂණ ප්‍රතිඵල අනුව ආණ්ඩුවේ ප්‍රසාදය අවම වී තිබෙනව. ඒ් නිසා මෙම ප්‍රසාදය තවත් අඩු වෙන්න පෙර හැකි ඉක්මනින් පලාත් සභා මැතිවරණය පවත්වන ලෙස සමගි ජනබලවේගය ආණ්ඩුවෙන් ඉල්ල සිටිනවා. පළාත් සභා මැතිවරණයේ සුළු සංශෝධනයක් සිදුකර මැතිවරණය පවත්වන්න හැකියාව තිබෙනවා. මැතිවරණයක් පැවැත්වීම ආණ්ඩුවටත් සුභදායකයි. පළාත් සභා මැතිවරණය ආණ්ඩුවේ ප්‍රසාදය බලා ගැනීමට හොඳ අවස්ථාවක්. ආණ්ඩුව මැතිවරණ පැවැත්වුවහොත් ආණ්ඩුවේ ගමන කෙටි වෙන්න පුලුවන්. ඒ වගේම ආණ්ඩුව ජනතාවට ලබා දුන්න පොරොන්දු ඉටු කළ යුතුයි. ආණ්ඩුව විශ්වාස කරලා ඡන්දය දුන්න ජනතාවට ලබාදුන්න පොරොන්දු ඉටු නොකර සිටින්න බැහැ. ඒ් වගේම වර්තමාන ආණ්ඩුව විපක්ෂයේ සිටින විට පසුගිය ආණ්ඩු සිදුකරන්න සැලසුම් කළ ව්‍යාපෘති බොහොමයක් කඩාකප්පල් කරන්න කටයුතු කළා. ඒ් නිසා පසුගිය ආණ්ඩු රට වෙනුවෙන් සිදුකරන්න සැලසුම් කළ දේවල් වර්තමාන ආණ්ඩුව හරහා කෙසේ හෝ සිදුකරගත යුතුයි. ඒ් වගේම රටට බිල්ලෝ ලෙස හඳුන්වන කණ්ඩායම් සමඟ වැඩ කරන්න වර්තමාන ආණ්ඩුවට සිදුවී තිබෙනවා.
ඒ් වගේම 22 වන සංශෝධනය හරහා ආණ්ඩුවට හිතෙන දේ ආන්ඩුව සිදුකරන්න උත්සහ කරනවා. ආණ්ඩුවට හිතෙන දේ සිදුකිරිම ප්‍රජාතන්ත්‍රවාදය නෙවෙයි. පසුගිය ආණ්ඩු අධිකරණයට සිදුකරන බලපෑම් වලට වර්තමාන ආණ්ඩුවේ පිරිස් විරෝධය පළ කළා. නමුත් ඔවුන් අද බලය ලබාගෙන අධිකරණයේ ස්වාධීනත්වයට හානි කරන්න කටයුතු කරනු ලබනවා. අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කිරීම හරහා අනියම් ප්‍රතිවිපාක ඇති වෙන්න හැකියාවක් තිබෙනවා. ඒ් වගේම ආණ්ඩුව අධිකරණ ක්ශ්‍රේත්‍රයේ පමණක් විශ්‍රාම වයස දීර්ඝ කරන්න උත්සහ කරනවා. එසේ නම් රාජ්‍ය සේවයේ අනෙකුත් සේවාවන් වලත් විශ්‍රාම වයස දීර්ඝ කළ යුතුයි. පොලිස් ස්ථානවල , බන්ධනාගාර නිලධාරීන්ගේ විශාල හිගයක් තිබෙනවා. ඒ් ආයතවල සිටින නිලධාරීන්ගෙත් විශ්‍රාම වයස වැඩි කරන්න ආණ්ඩුව කටයුතු කරන්නේ නැහැ. කෙසේ නමුත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ් ප්‍රශ්නය නිර්මාණය කළෙත් වර්තමාන ආණ්ඩුවයි. ඒ් වගේම මේ සම්බන්ධයෙන් රට තුළ සාකච්ඡාවක් ඇති කළ යුතුයි. තීන්දුවක් ගත්තාට පසු සාකච්ඡා සිදුකළාට ඵලක් වෙන්නේ නැහැ. යෝජනාව ගෙන ඒ්මට පෙර සාකච්ඡා කරන්න තිබුණා. නමුත් එවැන්නක් සිදුකළේ නැහැ.
ඒ් වගේම 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. සභාගත කළාට පසු අධිකරණයට යාමට හැකියාව තිබෙනවා. විශාල පිරිසක් මෙම සංශෝධනය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වන්න සිටිනවා. කෙසේ නමුත් මෙම යෝජනාව සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්විය යුතුයි. සමගි ජනබලවේගය මෙම සංශෝධනයට විරුද්ධව අධිකරණයට යාමට කටයුතු කරනු ලබනවා. නීතියේ ආදිපත්‍ය ආරක්ෂා කර ගත යුතු බවට විශ්වාස කරන සියලුම දෙනා අධිකරණයට යාමට සූදානම්.”






















