Tuesday, October 27, 2026
HomeNEWSජනතාව අපේක්ෂා කළ ක්‍රමයේ වෙනස අද නෑ - විපක්ෂ නායක

ජනතාව අපේක්ෂා කළ ක්‍රමයේ වෙනස අද නෑ – විපක්ෂ නායක

රජය උද්දච්ච ලෙස කටයුතු කරමින්, මැතිවරණ සමයේ ජනතාව අපේක්ෂා කළ ක්‍රමයේ වෙනස සම්පූර්ණයෙන්ම පසෙකලා පැවැති ක්‍රමය පවා පරිහානියට ලක්කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ නැගෙනහිර අනුරාධපුර, පාවක්කුලම ප්‍රදේශයේ පැවැති සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනක් අමතමින්.

වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා වී කිලෝවක් සඳහා රු.150ක ස්ථාවර මිලක් දෙන බවට වූ පොරොන්දුව කඩකර ඇති බවත්, වී කිලෝවක නිෂ්පාදන පිරිවැය රු. 137ක් වන පසුබිමක ලබා දෙන්නේ රු.120ක මිලක් බවද පැවසුවා.

ඒ අනුව වී කිලෝවකින් රු.17ක පාඩුවක් ගොවියා පිට පටවා ඇති බවත්, සාධාරණ මිලක් ඉල්ලන ගොවීන්ට අමාත්‍යවරයා තර්ජනය කරමින් සිටින බවත් ඔහු පවසනවා.

මෙට්‍රික් ටොන් ලක්ෂ 25ක දේශීය සහල් අවශ්‍යතාවක් පවතිද්දී මෙට්‍රික් ටොන් ලක්ෂ 32ක් නිෂ්පාදනය කර ඇති පසුබිමක පවා රජය සහල් ආනයනය කරමින් සිටින බව විපක්ෂ නායකවරයා කියා සිටියා.

මේ අතර පසුගිය වසර දෙක තුළ පමණක් සහල් මෙට්‍රික් ටොන් 380,000ක් ගෙන්වා ඇති බවයි ඔහු අනාවරණය කළේ.

නිසි නියාමනයක් ඔස්සේ රට සහල් ආනයනය කරන තත්ත්වයෙන් මුදාගෙන අපනයන මට්ටමට ගෙන ආ හැකි බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ.

කෘෂි රසායන ද්‍රව්‍ය සඳහා පාලන මිලක් නැතිවීම නිසා ග්ලයිෆොසේට් වැනි ද්‍රව්‍ය ගොවියා අතට පත්වන විට මිල දෙගුණ වන බවත්, බීජ හිඟය, ප්‍රමාණවත් නොවන පොහොර සහනාධාර සහ 2013 පැවැති පැරණි පොහොර නිර්දේශ වෙනස් නොකිරීම නිසා ගොවීන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බවද ඔහු සඳහන් කළා.

මේ අතර රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සුරතලා වී අධික ලෙස බදු ගසමින් භාණ්ඩාගාරයේ මුදල් රැස් කළද, දුගී භාවය තුරන් කිරීමට හෝ ගොවීන්ට සහන සැලසීමට එම මුදල් යොදවන්නේ නැති බවට විපක්ෂ නායකවරයා චෝදනා කළා.

එමෙන්ම ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ව්‍යාජ දත්ත පදනම් කරගනිමින් රජය ප්‍රතිපත්ති සකස් කරන බව ද විපක්ෂ නායකවරයා පැවසුවා.

මේ අතර විපක්ෂය පාර්ලිමේන්තුවේ කළ බලවත් ඉල්ලීම සහ අනුමැතිය මත කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් වෙනුවෙන් රුපියල් මිලියන 7,500ක මුදලක් වෙන්කරවා ගැනීමට හැකි වූ බවද විපක්ෂ නායකවරයා කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මාධ්‍ය නිදහස නැති කිරීමටත් රජය වැඩ කරමින් සිටිනවා- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ අද (27) පැවැති ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදී එහි කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පළ කල අදහස් රජය බලාපොරොත්තු...

නාමල් රාජපක්ෂට එරෙහිව අධි චෝදනා ගොනුකරයි

එයාර් බස් ගනුදෙනුවට අදාළව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පා. ම. නාමල් රාජපක්ෂට එරෙහිව අධි චෝදනා ගොනුකර ඇති බව, නීතිපති කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්...

අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත යුතුයි-ගම්මන්පිල දැඩිව කියයි

2026 ඔක්තෝම්බර් 26 දින මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත...

සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය” බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්

" සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය" බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img