Thursday, September 17, 2026
HomeNEWSඅගමැති - FUTA සාකච්ඡා විසඳුමකින් තොරව අවසන්

අගමැති – FUTA සාකච්ඡා විසඳුමකින් තොරව අවසන්

විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින ගැටලු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සමග පැවැති සාකච්ඡාවෙන්ද කිසිඳු විසඳුමකට එළඹීමට නොහැකි වූ බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය (FUTA) පවසයි.

විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය රුචික ප්‍රනාන්දු සඳහන් කළේ, සිසුන් බඳවා ගැනීම තවත් සෑහෙන කාලයකට කල්දැමීමට සිදුවේ යැයි මෙම සාකච්ඡාවේදී සිය සංගමයට තේරුම් ගිය බවය.

විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය සහ අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අතර සාකච්ඡාවක් ඊයේ (16) පස්වරුවේ බත්තරමුල්ල පැලවත්ත ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්වුණි.

එම සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය රුචික ප්‍රනාන්දු,

“සාකච්ඡාවලදී කිසිම විසඳුමකට එන්න ලැබුනේ නැහැ. අලුතෙන් සිසුන් ඇතුළත් කරගැනීම, විශ්වවිද්‍යාල ඇතුළේ සිසුන් වැඩිපුර ගතකරන කාලය, ආචාර්යවරුන්ගේ හිඟය වැනි කරුණු ගැන අපි වැඩි අවධානයක් යොමු කළා. නමුත් මීට අවුරුද්දකට පමණ පෙරදී අපි ජනාධිපතිතුමා සමග සාකච්ඡාවක් පවත්වලා එහිදී ආපු යම් යම් එකඟතා මත විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ උපකුලපතිවරුන්ගේ කමිටුව ඉදිරිපත් කරපු යෝජනාවලියක් තිබුණා.. සිසුන් බඳවාගැනීම වේගවත් කිරීම පිළිබඳව. පසුගිය අප්‍රේල් මාසයේත් අපි අගමැතිතුමිය සමග සාකච්ඡා කළා. නමුත් අද සාකච්ඡාවට යනකොට එතුමිය අපිට දැනුම්දුන්නා යවපු යෝජනාවලිය මේ වෙනතුරු ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ලැබිලා නෑ කියලා. ඒක ගැන අපි පුදුමයට පත්වුණා. මෙතරම් වැදගත් කාරණයක් ගැන අවුරුද්දක් විතර අපි බලාගෙන හිටපු කාරණයක් මේ වෙනවිටත් අදාළ ස්ථානවෙත ලැබිලා නැති එක ගැන.”

විශ්වවිද්‍යාලීය ආචාර්ය සමිති සම්මේලනයේ ලේකම් ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ,

“මෙතන ආචාර්යවරු රටේ විවිධ ප්‍රදේශවලින් ඇවිත් රෑ 10 වෙනකම් මේ සාකච්ඡාව සිදුකළා. ඒකට හේතුව මේ අර්බුදය කඩිනමින් විසඳා ගැනීමේ අවශ්‍යතාව අපිට තියෙනවා. හැබැයි ආණ්ඩුව පැත්තෙන් එහෙම අවශ්‍යතාවයක් නැහැ. මේ වගේ සාකච්ඡා හරියට පිදුරු ගොඩේ ඉඳිකටු හොයනවා වගේ සාකච්ඡා. අධ්‍යාපනය ගැන කතා කරන්න ආණ්ඩුවට බැහැ. මොකද ඒ උනන්දුව ආණ්ඩුවට නැහැ. අනිවාර්යයෙන්ම ඉදිරි ක්‍රියාමාර්ග අපි තීරණය කරනවා.” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සෞඛ්‍ය ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමට ප්‍රධාන අංශ 3ක් යටතේ පුළුල් වැඩපිළිවෙළක් – ජනපති

රටේ සියලු පුරවැසියන්ට නිරෝගී සම්පන්න ජීවිතයක් ලබාදීම වෙනුවෙන් ප්‍රධාන අංශ තුනක් යටතේ මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය ශක්තිමත් කරමින් තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

ළමයින්ගේ සමාජ මාධ්‍ය භාවිතයට යුරෝපීය සංගමයෙන් අලුත් යෝජනාවක්

යුරෝපීය කොමිසමේ සභාපතිනී ඌර්සුලා ෆොන් ඩර් ලේයන් (Ursula von der Leyen) විසින් ළමයින්ගේ අන්තර්ජාල භාවිතය සම්බන්ධයෙන් වැදගත් යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව, අවුරුදු 13ට...

අමෙරිකානු තානාපති සහ ආරක්ෂක නියෝජ්‍ය ඇමති අතර සාකච්ඡාවක්

මෙරට අමෙරිකානු තානාපති එරික් මයර්  මහතා සහ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා අතර ප්‍රථම නිල හමුව පවත්වා තිබේ. එහිදී, වර්ධනය වෙමින්...

ස්ථාන මාරු පිළිනොගත් ජාතික පාසල් ගුරුවරුන්ට විනය ක්‍රියාමාර්ග

ස්ථාන මාරු නියෝග පිළිනොගෙන කොළඹ ඇතුළු ප්‍රධාන නගරවල ජාතික පාසල්හි සේවය කරන ගුරුවරුන්ට එරෙහිව විනයානුකූල ක්‍රියාමාර්ග ගැනීමට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img